• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

තිසුරි සුරාජ් ගැන කතා කරයි

February 23, 2020
in Heart
Reading Time: 2 mins read
A A
තිසුරි සුරාජ් ගැන කතා කරයි
Share on WhatsAppShare on Facebook

නිළියක වීමට කිසිවිටෙක සිහින නොදුටු තිසුරි යුවනිකා අද ටෙලිනාට්‍ය කලාවෙහි දිදුලන තාරකාවක වී සිටින්නේ ඈද නොසිතූ ලෙසිනි.
ජනප්‍රියත්වය පමණක් නොව, චරිතාංග දක්‍ෂ රංගවේදිනියක ලෙසද තිසුරි ප්‍රේක්‍ෂක සිත් තුළ තැබූ මතක සටහන් සදා සොඳුරු විය.

තෙවරක්ම ඈ හොඳම නිළි සම්මානයට පාත්‍ර වූයේද පාඨක සිතට තිළිණ කළ ඒ සුන්දර රංග විලාසය නිසාය. තිසුරි ගැන අටුවා ටීකා තව කියන්නට අවැසි නැත. ඉතින්… ඇගේම මුවින් ඒ ගැන අසන්නට හදවතින් අප කළ ආරාධනය තිසුරි පිළිගත්තේද ඉතාම නිහතමානී ලෙසය.
ඈ අප හා ….යේ දොඩමලු වූ සොඳුරු මොහොතයි මේ ගෙවෙන්නේ.
මේ දිනවල ඔබ විවිධ චරිත නිරූපණයන්හි නියැළෙනවා?
ඔව්… ලංසුපතිනියෝ, ‘වලාකුළු දොරින් ගලන්න සහ ඔබ නිසා’ ටෙලිනාට්‍ය තුන එකිනෙකට වෙනස් චරිත මතයි ගලා යන්නෙ.
‘ඔබ නිසා’ රඟපෑම නිසා ඔබ ප්‍රේක්‍ෂකයන්ගේ දෝෂ දර්ශනයට බඳුන් වුණා කියලා ආරංචියි?
ඔව්. මට සමීප මට ඇලුම් කරන බොහෝ රසිකයන් මගෙන් ඇසුවා. ‘ඔබ නිසා’ ටෙලිනාට්‍යය තෝරාගත්තේ ඇයි කියලා.
ඒ දොස් පැවරීම ඔබ දකින්නේ කොයි විදියටද?
රසිකයන් මට එයට දොස් කිව්වේ මා වෙත ඔවුන් දක්වපු ඇල්ම සහ අවධානය නිසයි. ඔවුන් ‘තිසුරි යුවනිකා’ යන රංගවේදිනිය ලෙසින් මා ගැන දක්වන ඒ හිතවත් බවට මම තදින් ගරු කරනවා. ඒ අතර, මම ඔවුනට මෙසේ කරුණු කාරණාවන් පැහැදිලි කර සිටිනවා, ‘ඔබ නිසා’ කියන්නේද යම් නිර්මාණයක්, සෑම චරිතයකටම ඇතුළු වී එහි ස්වභාවය උරගා බැලීම රංගවේදිනියකට එක්තරා ආකාරයක අත්දැකීමක් වෙනවා. හොඳ චරිත එහෙමත් නැත්නම් අහිංසක චරිත විතරක් නෙවෙයි. එයට එහායින් තිබෙන ඉන් ඔබ්බට ගිය චරිතද සමහර අවස්ථාවල භාර ගැනීමට සිදුවෙනවා. අන්න එවැනි මතයක් තුළ ඉඳගෙනයි මම ‘ඔබ නිසා’ නිර්මාණයට දායක වුණේ. අනෙක විවිධ චරිත රඟපෑවට මම දැඩි උනන්දුවක් දක්වනවා.
ඒ නිසාද ලංසුපතිනියෝහි පික්පොකට් කාරිය වුණේ?
අන්න හරි. ලංසු පතිනියෝ තිර පිටපත දෙන්නට කලින්ම ශිවගුරුනාදන් අංකල් මට කිව්වා, තිසුරි මේක නම් ටිකක් අමුතු චරිතයක්. සල්ලි හොරකම් කරන කපටි අම්මණ්ඩියකුටයි ඔයාට රඟපාන්න වෙන්නෙ කියලා.
නමුත් ඔබ ලංසුපතිනියෝහි හේමන්තිට හරි කදිමට පණ දුන්නා. එහෙම නේද?
ප්‍රතිචාර ලැබෙන්නේ නම් ඒ විදියට තමයි. කොහොමත් ලංසුපතිනියෝ ටෙලිනාට්‍යයේ මම රඟපෑවේ පුදුමාකාර ආරක්‍ෂාවකින්. ඒ වගේම ඒ චරිතය ගැන මම අධ්‍යයනය කළෙත් ලොකු උනන්දුවකින්. හේමන්තිගේ චරිතයට ප්‍රවිෂ්ට වුණෙත්, කැපවීම කියන හැඟීම තුළයි.
මේ චරිතය ඔබට ලැබුණේ ශිව ගුරුනාදන් මහතාගේ තෝරා ගැනීම තුළයි?
සත්තකින්ම ඔහු ගැන කතා කළ යුතුමයි. හැමදාමත් මම ශිව ගුරුනාදන් අංකල්ට ස්තුති කරනවා. ඉතා හොඳ මට්ටමේ චරිත නිරූපණයක් තුළ මගේ රංගන කාර්යය ඉදිරියට ගෙන යෑමට ප්‍රේක්‍ෂක සිත් තුළ මා ගැන මතකය නිදන්ගත කරවීමට ඔහු දුන් සහයෝගය ඉහළයි. ප්‍රධානම වශයෙන් මතක් කරනවා නම් හුස්ම වැටෙන මල් ඊෂානි, පැණි කුරුල්ලෝහි ධනුකි සහ ලංසුපතිනියෝහි හේමන්ති යන චරිත ගැන මම වඩා සතුටු වන බව කිව යුතුයි.
ඉතා කෙටි කාලයක් තුළ හොඳම නිළිය ලෙස තුන්පාරක්ම සම්මාන ගත්තේ ඒ හින්දාම වෙන්නැති?
ඔව්… අහංකාරකමකට නෙවෙයි කියන්නේ හරිම අහිංසක විදියට මම උද්දාමයට පත්වෙනවා. මිණි ගං දෑල, සුළඟ මත මොහොතක් සහ බොරලු පාර වෙනුවෙන් සම්මාන ලැබීම ගැන.
චරිත තෝරා ගැනීමේදී සැමියාගෙන් යම් බලපෑම් ඇති වෙනවාද?
කවදාවත්ම නැහැ. සුරාජ් මාව හොඳින්ම තේරුම් ගත්ත හරිම හොඳ කෙනෙක්. හැබැයි චරිත තෝරා ගැනීම ගැන මා තුළ හැමදාමත් යම් සීමා මායිම් තිබුණා. අදටත් ඒ සීමාවන් එලෙසමයි. ඒ වගේම චරිතයකට ආරාධනා ලැබුණාම එය හොඳින් අධ්‍යයනය කිරීමටත්, ඒ ගැන මගේ අම්මා, තාත්තා සහ ස්වාමියා එක්ක සාකච්ඡා කිරීමටත් මම පුරුදුව සිටිනවා.
කවදාවත්ම යම් චරිතයක් රිජෙක්ට් කරන්න කියලා සුරාජ් බලපෑම් කරලා නැද්ද?
අයියෝ නැහැ. යම් අදහසක් ඉදිරිපත් කරනවා මිසක සුරාජ් මට බලපෑම් කරන්නේ නැහැ. හැබැයි ඔහු මම තරුණ නළුවන් සමඟ පෙම් චරිත රඟපානවට නම් ටිකක් විතර ඊර්ෂ්‍යයි. ඒ ඊර්ෂ්‍යාවට ඇත්තටම මමත් කැමැතියි.
දීගෙක ගියත් ඔබ තවමත් හැමදේම කරන්නෙ අම්මගෙන් අහලලු?
ඔව් අනේ… කොහේ හරි ගමනක් ගිහින් ආවම අම්මා මං වොෂ් එකක් දාගෙන එන්නම් කියන පුරුද්ද තවම මං ළඟ තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ෆ්‍රිජ් එකේ චොක්ලට් එකක් තිබුණත් අම්මා මම චොක්ලට් කෑල්ලක් කන්නද? කියලත් අහනවා. ළඟකට ගියත් අම්මගෙන් අහලයි යන්නේ.
තාත්තා ගැනත් මොනවා හරි කියමු නේද?
තාත්තා ගැනත් කියන්නට තියෙන දේවල් බොහොමයි. ඒ කරුණාවන්ත ආදරය ගැන පොතක් ලියන්න පුළුවන් මට.
අම්මා ගැන හයිලයිට් කළේ කාන්තාව දෙවැනි කරන්න නෙවෙයි. හොඳ දුවක ලෝකයට තිළිණ කිරීමේ වගකීම වැඩිපුර තියෙන්නේ අම්මා කෙනකුට. ඒ නිසයි මම අම්මා ගැන කිව්වේ.
අම්මාගෙන්, තාත්තාගෙන් ලද ආදරය සුරාජ්ගෙන් ඒ ආකාරයටම ලැබෙනවද?
එය අංග සම්පූර්ණවම මට ලැබෙන බව සතුටින් කියනවා. මගේ අම්මා මට සවන් දුන් ආකාරයටම ඔහුද මට සවන් දෙන එක තමයි මා දකින ඔහුගේ හොඳම ගතිගුණය. ෂූටින් ගිහින් ආවම වුණත් මම හැමදේම සුරාජ්ට කියනව. තොරතෝංචියක් නැතිව මම කියවන කියවිල්ලට ඔහු සවන් දෙන්නේ හරි සතුටින්. ඇත්තටම මගේ අම්මා තාත්තා වාගෙම ඔහු මාව තේරුම් අරගෙන ඉන්න එකම මට ලොකු සතුටක්.
ඔබ හරිම වාසනාවන්තයි එහෙම නේද තිසුරි?
ඔව්… ඇත්තටම මම වාසනාවන්තයි. මට ආදරය කරන හොඳ මවුපියන් ලබන්න, හොඳ සැමියෙක් ලබන්න, ප්‍රේක්‍ෂකයන්ගේ ආකර්ෂණය දිනාගන්න ඇත්තටම වාසනාව කියන එක තියෙන්නම ඕනෑ තමයි. ඉතින් මම අද ඉන්නේ ඒ සියල්ල සම්පූර්ණ වූ තැන බව මම කියන්නෙ හරිම නිහතමානීවයි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ඔබේ නිවෙස හොඳ මොනවාටද

Next Post

හනුමාන්ගෙ ලංකා ගමනේ රහස්

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සිකුරාදා (24) විවාදයට ගැනීමට නියමිතය.Sri Lanka Latest...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.