• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාජිතගෙන් මව්රටට නිවේදනයක්! මද්දුමබණ්ඩාරගේ ගෙදර තිබ්බේ විනය කමිටුවක් නෙමෙයි! සුහද සාකච්ඡාවක්! කාගෙවත් කමිටු ඉදිරියේ මම නිදහසට කරුණු කියන්නේ නෑ! ආණ්ඩුවට සහාය දිය යුතුයි! සජබය ඊට පෙරමුණ ගත යුතුයි! රාජිත නැවත නැවතත් නිවේදනය කරයි! මව්රටටත් පහරදෙයි! VIDEO

April 12, 2023
in Exclusive
Reading Time: 23 mins read
A A
රාජපක්ෂලාගේ සල්ලි හංගන් ඉන්න ව්‍යාපාරිකයෝ දෙන්නෙක් ලංකාවට සල්ලි අරන් ඇවිත් මන්ත්‍රීවරු ගන්න හදනවා! එක මන්ත්‍රී කෙනෙකුට කෝටි 10යි! රනිල් මටත් කතා කළා! රාජිත මහා හෙළිදරව්වක් කරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අද දින සිය ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තබා තිබේ. ඒ මෙසේය.

‘මාධ්‍යයේ නිදහස වෙනුවෙන් එදා සිට පෙනීසිටි පුද්ගලයෙකු ලෙස,
සැබෑ මාධ්‍යවේදියෙකුට හෝ
සත්‍ය වාර්තාකරන මාධ්‍යයන්හට
කිසිවිටෙක
මම එරෙහිවී නැත..

මාගේ දේශපාලන ප්‍රතිපත්ති හෝ භාවිතාවන් විවේචනය කිරීමට ඔවුන්ට ඇති නිදහසට ද මම එරෙහි වී නැත.

එහෙත්
තමන්ගේ මාධ්‍ය අවකාශයෙන්,
පදනම් විරහිත මඩගසන විට, අප ඊට පිලිතුරු දියයුතුය.

ඊයේ දිනයේ,
රංජිත් මද්දුමබණ්ඩාරගේ මිත්‍රත්වයේ ආරාධනයක් පිලිගනිමින්,
ඔහුගේ නිවසේදී
මම ඔහු හමුවුනෙමි.
ඒ අවස්ථාවට,
කබීර්.. ලක්ෂ්මන් සහ තිස්ස සහභාගි වී සිටි අතර
එය සුහද සාකච්ඡාවක් මිස
විනය කමිටුවක් ලෙස
දැකීම,
මව්රට දුටු සිහිනයක් වියයුතුය..

ලිඛිතව දැනුම්නොදී, නිවාසයක හමුවී සිදුකරන විනය පරීක්ෂණ තිබේද?
ඩයනා ඇතුළු පක්ෂය හැරගිය 15කට අධික මන්ත්‍රීවරුන් පිරිසකට නොපැවැත්වූ විනයකමිටු පවත්වූවා යැයි කියන්නේ, තවමත් පක්ෂයේ සිටින මටද?

(මාගේ හෘදසාක්ෂිය ඉදිරියේ මිස, කිසිවෙකුගේ කමිටු ඉදිරියේ; මාගේ දේශපාලන දැක්ම පිලිබඳව නිදහසට කරුණු පැවසීමේ උවමනාවක් මට නැත)

ප්‍රස්තුත මාධ්‍ය සාකච්ඡාවේදී
මාගේ සම්පුර්ණ කතාව ශ්‍රවණය නොකර,
වැරදි අවබෝධයකට පැමිණි අයෙක් හො කණ්ඩායමක් වේ නම්,
එය ඔවුන්ගේ ප්‍රශ්නයක් මිස,
මගේ ප්‍රශ්නයක් නොවේ..

එම නිසා, “එවැනි ප්‍රකාශ යලි නොකරන බව”ට, කිසිවෙකු ඉදිරියේ පැවසීමට මට උවමනාවක් නැත..

රංජිත් ඇතුළු පිරිස සමඟ සාකච්ඡාවේදී,
“යලි එවැනි ප්‍රකාශ නොකරන බවට මා නොපැවසූ අතර
අවශ්‍ය අයෙකුට
එම පිරිසෙන් කෙනෙකු අමතා
එහි සත්‍ය අසත්‍යභාවය දැනගත හැක..

ආණ්ඩුවට තනිව එක්වීමේ කිසිදු උවමනාවක් මට නැත..
එසේ තිබුණා නම්,
මෙසේ මතවාදීව පක්ෂය තුල හඬනගන්නේ නැත..

එකම දේශපාලන ප්‍රතිපත්ති දරණ කණ්ඩායම් දෙකක්,
භාවිතාවේ ඇති පරස්පරතා කිහිපයක් පෙන්වමින්,
දෙපිල බෙදීසිටීම,
එම පක්ෂ දෙකේ පාක්ෂිකයන්ට සේම
රටට ද සිදුකරන අසාධාරණයක් බව
මගේ පළමු හැඟීමයි.

කවුරුන් කැමති වුවත්, අකමැති වුවත්,
මගේ ස්ථාවරය එයයි..

2014දී,
විධායක මහින්දට අභියෝග කර,
ඇමතිකම් අතහැර පැමිණි මට…
“2015දී පොදු අපේක්ෂකයා වන්න”යි කළ ආරාධනය ප්‍රතික්ෂේප කළ මට…
ජනාධිපති මෛත්‍රීපාල
සිරිසේන විසින් දිගින් දිගටම කළ අගමැති ආරාධනාවන්,
කඳවුරේ සමඟිය වෙනුවෙන්
ප්‍රතික්ෂේප කළ මට…
ඇමතිකම් ලොකු නැති බව
දේශපාලන ළදරුවන් දැන්වත් තේරුම්ගත යුතුය.

88/89 ජවිපෙ තුවක්කුව
ඉදිරියේ නොනැමුණු දණ,
එල්.ටී.ටී.ඊ බෝම්බ ඉදිරියේ නොනැමුණු දණ,
රාජපක්ෂ පවුල්බලය ඉදිරියේ නොනැමුණු දණ,
මඩ වෙබ් අඩවි ඉදිරියේ හෝ
දේශපාලන ළදරුවන්ගේ මඩ ඉදිරියේ නැමෙන්නේ නැති බව මව්රටට කිවයුතුය..

තවදුරටත් මම ස්ථිරව කියාසිටින්නේ,
සියලු පක්ෂ එක්වී
යම් කාල රාමුවකට යටත්ව හෝ රජයට සහය වියයුතු බවයි.
එහිදි ස.ජ.බ පෙරමුණ ගතයුතු බවයි..

*මෙම බොරුව පළකළ
වෙබ් අඩවිය ගැන මට කීමට ඇත්තේ,
ඔවුන්ගේ බැඳුම්කර නිරුවත
දන්නෝ දන්නා බව පමණි.

  • වෛද්‍ය රාජිත සේනාරත්න
    පාර්ලිමේන්තු මන්ත්‍රී

සංස්කාරක සටහන!

අප රාජිත සේනාරත්න මහතා සම්බන්ධයෙන් කිසිදු අවස්ථාවක හිතලු පුවත් හෝ නිර්මාණය කරන ලද පුවත් හෝ අපහාසාත්මක පුවත් පළ කොට නැත. පසුගිය දින කිහිපය පුරා අප පළ කළේ රාජිත සේනාරත්න මහතා කළ ප්‍රකාශ සහ ඒවාට සජබ මන්ත්‍රීවරුන් මාධ්‍ය හමුවලදී සිදු කළ ප්‍රකාශ පමණි. එමෙන්ම ඊයේ අප සේනාරත්න මහතා කළ ප්‍රකාශ මුල් කරගෙන සජබ විනය කමිටුව සේනාරත්න මහතා කැදවීමට තීන්දු කර ඇති පුවත වාර්තා කළේද අපට ලැබුණු ඉතා විශ්වාසදායක තොරතුරවලට අනුවය. රාජිත සේනාරත්න මහතා රංජිත් මද්දුමබණ්ඩාර, කබීර් හෂීම්, ලක්ෂ්මන් කිරිඇල්ල සහ තිස්ස අත්තනායක මහතා යන මහත්වරුන් හමු වී සාකච්ඡා කළ බවට අද දින අප පළ කළ පුවත සේනාරත්න මහතාගේ මෙම පැහැදිලි කිරීම මගින්ම තහවුරු කොට ඇත. එය විනය කමිටු රැස්වීමක්ද එසේ නැතිද යන්න කීමට අපි නොදනිමු. එමනිසා ඉදිරියේදීත් රාජිත සේනාරත්න මහතා සම්බන්ධයෙන් වන පුවත් සහ ප්‍රකාශ මේ ආකාරයටම පළ කිරීමට අප කටයුතු කරන බවද සදහන් කළ යුතුව ඇත.

කිරිඇල්ල කියපු කතාව

රාජිතගෙ ඉතිහාසය කවුරුත් දන්නවානේ! අපි ඊයෙත් එයා ගැන සාකච්ඡා කළා! ඉක්මනින්ම තීන්දුවක් ගන්නවා! මාධ්‍යවේදියා රාජිත ගැන අහපු ප්‍රශ්නයට කිරිඇල්ල උත්තර දෙයි! VIDEO

නලින් බණ්ඩාර කියපු කතාව!

රාජිත කියන්නේ එහෙට මෙහෙට පැනලා හොඳට පුරුදු කෙනෙක්! එයා දැන් අනාථ වෙලා ඉන්නේ! ආණ්ඩුවෙන් ගන්නෙත් නෑ…! සජබෙන් යන්න එපා කියන්නෙත් නෑ! රාජිත නිසා සජබෙ ඡන්දත් කැඩුණා! ඒ නිසා එයා යන එක තමයි හොඳ! රනිල්ට කඩේ ගියා..! ආණ්ඩුවෙන් ඇමැතිකම් ඉල්ලපු රාජිතට සජබෙන් එලව එලවාම ගහයි! VIDEO

මුජිබර් රහුමාන් කියපු කතාව!

ඇමැතිකම් හිඟා කනවා රාජිතට ලැජ්ජා නෑ! මීට වඩා හොඳයි ගෙදර ගිහින් හිටියා නම්! මේ විදිහට පක්ෂෙක ඉන්න බෑ! අනිවාර්යයෙන්ම රාජිතට එරෙහිව පක්ෂයේ විනය ක්‍රියාමාර්ග ගත යුතුයි! අපිත් බලන් ඉන්නවා! VIDEO

හෙක්ටර් කියපු කතාව!

කවුරුහරි ඇමැතිකම්වලට පෙරේතකමට හිඟන්නෙක් වගේ අඬනවනම් ඒ වගේ මිනිස්සු පක්ෂයට වැඩක් නෑ! විපක්ෂනායකතුමා මේ ගැන වහාම තීන්දුවක් ගන්න! ජනවරමකින් ආණ්ඩු හදලා ඇමැතිකම් ගන්නවා මිසක් හිඟා කාලා අපි ඇමැතිකම් ගන්නෙ නෑ! හෙක්ටර් අප්පුහාමි රාජිතට දුවන්නම දෙයි! VIDEO

මරික්කාර් කියපු කතාව!

සජබෙ පාක්ෂිකයන්ගෙ අත්පොලසන් මැද මරික්කාර් රාජිතට යනවා නම් යන්න කියයි! අපි හදපු පක්ෂෙට ඡන්දෙ දිනන්න ඕන හින්දා ඇවිල්ලා දැන් මේ ගෝතයන්ට රාජපක්ෂලා ආරක්ෂා කරන රනිල් හොඳයිලු! මම අපේ නායකතුමාටත් කියන්නේ මේ ගෝතයො ගැන තීන්දුවක් ගන්න කියලයි! VIDEO
SendShareShare
Previous Post

අධි ආරක්ෂක කලාපයක ලංකාවේ මහබැංකුව මෙහෙම කඩනවා නම් තව මොන කතාද? මෙන්න වෙලා තියෙන දේ!

Next Post

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව!

MORE NEWS

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!
Exclusive

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

Load More
ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!
Exclusive

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

ඉන්ධන මිල ගණන් ඉහළ යාමට සාපේක්ෂව මෙරට ඇතැම් මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් සිය මත්පැන් නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීමට පියවර...

Read more
‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.