• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home CID

මධූෂ්ගේ දකුණු අත! සම්පායෝටත් ගෙදර යන්න වුණා! හිරේදි පොත් 3ක් ලිව්වා! STF වෙඩිල්ලෙන් පරලොව ගිය කව්ද මේ පාතාලයේ පින්තු!

July 25, 2021
in CID, Exclusive, Uncategorized
Reading Time: 6 mins read
A A
මධූෂ්ගේ දකුණු අත! සම්පායෝටත් ගෙදර යන්න වුණා! හිරේදි පොත් 3ක් ලිව්වා! STF වෙඩිල්ලෙන් පරලොව ගිය කව්ද මේ පාතාලයේ පින්තු!
Share on WhatsAppShare on Facebook

පාතාල අපරාධකරුවන් නැවතත් එකා දෙන්නා පොලීසියේ වෙඩි හුවමාරුවලින් මරුමුවට පත්වන විට රටින් පැනගන්නට මානබලන පාතාල අපරාධකරුවන් බොහෝය. ‘ගොනාකෝවිලේ රොහා’ද දීර්ඝ කාලයක් බන්ධනාගාරගතව සිට ඇප අරන් එළියට ආවේ බෝට්ටුවක නැගී ඉන්දියාවටවත් පලාගොස් මේ වෙඩි හුවමාරුවලින් බේරී සැනසිල්ලෙන් ජීවත්වීමේ අරමුණ ඇතිවය. බෝට්ටුව වෙරළට එන්නට පෙර ඔහු වෙරළේදීම පොලීසිය හා වෙඩි හුවමාරුවට මැදිව මරු වැලඳගන්නේ මෑතකදීය. එසේම කරන්දෙණියේ හිත හොඳ දොස්තර මහත්තයාව මරාදැමූ කරන්දෙණියේ සුද්දාද ළඟදී එළියට ආවේද ඉන්දියාවට බෝට්ටුවකින් පැනයන්නට සිතාගෙනය. ඒ, බන්ධනාගාරය ඇතුළේ සිටීමද අනතුරුදායක බව ඔහුට දැනෙන්නට ගත් නිසාය. ඒ බන්ධනාගාරයේ සිටින පාතාලයේ අපරාධකරුවන් කිහිප දෙනෙක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ දැන් සිටින නිසාත්, ඒ අතර සිටි කොස්ගොඩ තාරක පොලීසියට ආයුධ පෙන්වන්නට ගොස් මරුමුවට පත්වීමත් නිසා මරණ බිය තදින්ම දැනෙන්න වූ නිසාත්ය.

එහෙත් දැන් ඉන්දියාවේ තත්ත්වය වෙනස්ය. කොරෝනා අස්සේ ඉන්දියාවට පලාගොස් සැඟවී සිටීම එතරම් ලෙහෙසි පහසු නැත. අමාරුවෙන් හෝ ඉන්දියාවට පැනගත්තත් එහි සැඟවී සිටීම යනු අවදානමකි. ඒ, ඉන්දියානු පොලීසිය දැන් ලංකාවෙන් ඉන්දියාවට පැන සිටින පාතාලයේ සහ මත්කුඩු ජාවාරම්කරුවන් බුරුතු පිටින් අල්ලන බැවිනි. ලංකාවෙන් ඉන්දියාවට පලාවිත් සිටින අපරාධකරුවන් එරට ජාතික ආරක්ෂාවට දැවැන්ත තර්ජනයක් බවට පත්වෙමින් ඇති බව වාර්තා වේ. ඊට හේතුවී ඇත්තේ ඉන්දියාවේ රැඳී සිටින මෙරට අපරාධකරුවන් පාකිස්තානය සමග සම්බන්ධකම් පවත්වමින් මත්කුඩු ජාවාරමේ නිරතවෙමින් සිටීමයි. ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇත්තේ පසමිතුරුකමක් බැවින් පාකිස්තානය සමග ගනුදෙනු කරන අපරාධකරුවන් ඉන්දියාවට තර්ජනයක් බව එරට ආරක්ෂක කවුන්සිලයේදී දැඩි කතාබහකට ලක්වීම ඒ තත්ත්වයට මුල්වී ඇත. දකුණු ඉන්දියාවේ සැඟවී සිටි මෙරට නමගිය අපරාධකරුවන් ගොන්නක්ම දැන් ඉන්දියානු අත්අඩංගුවේ සිටින්නේ ද ඒ නිසාය.

මෙවන් තත්ත්වයක් මත ඉන්දියාවට පලාගොස් එහි සැඟව සිටීම එතරම් පහසු නොවන බව වටහාගත් බැවින් ‘කරන්දෙණියේ සුද්දා’ නැවතත් බන්ධනාගාරයටම යන්නේ වෙඩි හුවමාරුවකින් කොයි මොහොත් තමාගේ හිස තුඩුකරගෙන යාවිදැයි ඇති වූ’බිය නිසාය.

වසර හය හතක්ම බන්ධනාගාරයේ ඇප නොමැතිව රිමාන්ඩ් සිරකරුවෙක් ලෙස සිටි ‘ලලිත් පින්තු’ නමැති පාතාලයේ අපරාධකරුද මෙයට මාස තුනකට පෙර ඇප මත එළියට එන්නේ රටින් පලායෑමේ අදහසිනි. එහෙත් ඔහුටත් රටින් යන්නට විදියක් නොවීය. එබැවින් ඔහු සමාජය හමුවේ බණ භාවනා කරන්නෙක් ලෙස පෙනීසිටිමින් ජීවත්වන්නට ගත්තේය. ඒ තමා දැන් දැහැමි පුද්ගලයෙක් බවට සමාජයට ඒත්තු ගන්වා පොලිස් වෙඩි හුවමාරුවලින් බේරී ජීවිතය ගැටගසා ගන්නටය.

මේ කියන ලලිත් පින්තු නැමැත්තා බන්ධනාගාරයේත් ගතකළේ සුඛෝපභෝගී ජීවිතයකි. බන්ධනාගාරයේ ඔහු රැඳීසිටි කාමරයේ නොමැති වූයේ ගැහැනියක් පමණි. ඒ හැරුණු කොට සෙසු සියල්ලක්ම තිබුණේය. මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝට ගෙදර යන්නට සිදුවූයේද පින්තුට සැප දෙන්නට ගොසිනි.

මාකඳුරේ මධුෂ්ගේද ගුරුවරයෙක් වූ පින්තු බන්ධනාගාරයේ සිට පොතපතද ලියා තිබුණේය. එය ඔහු සැබෑ ලෙසම ලියූවක්ද නැති නම් වෙනත් සිරකරුවෙක් යොදවා ලියූවාද යන්න දන්නේ ඔහු පමණි. නමුත් ඔහු පොත් තුනක්ම මුද්‍රණය කර ජනගත කළේය. ඔහු විසින් රචිත යැයි කියන ‘රට කරවන්න නම්’ නමැති කෘතිය එළිදක්වන්නේ ලොකු උත්සවයක් පවා පවත්වමිනි. සිරකරු සුබසාධන සංවිධානයේ මැදිහත්වීම මත සිදුකරන එම උත්සවයේ ආරාධිත දේශන පවත්වන්නේ රටේ නමගිය පුද්ගලයන්ය.

ඇප මත එළියට පැමිණි ලලිත් පින්තු ජීවත් වූයේ අමන්දොළුව ජයවර්ධනපුරයේ කුඩා කාමරයකය. එම කාමරය බුදු කුටියක් මෙනි. ඔහු සැම විටම සිටියේ පොලීසියෙන් වෙඩි කා මරුමුවට පත්වනු ඇතැයි සිතමිනි. ‘මම වැරදි කළා. දැන් හැදෙන්න ඕනේ. මැරෙන්න තියෙනව නම් මැරෙයි’ ඔහු සිය සමීපතමයන්ට කීවේ එවැනි කතාය. ඒ, බෝට්ටුවක නැගී ඉන්දියාවට පලායෑමට උත්සාහයන් කිහිපයකම නිරත වන අතරතුරදීය.

එදා ජූලි 17 වැනිදාය. පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව කටුනායක බේස්ලයින් මාවතේ විශේෂ මෙහෙයුමක් දියත් විය. ඒ මහ රෑය. මාර්ගයේ ගමන් කරන සැකකටයුතු වාහන නතරකරමින් පරීක්ෂා කරන්නට විය. මැදියම් රැයට කිට්ටුවන විට වෙසල් වර්ගයේ වාහනයක් වේගයෙන් ඉදිරියට ධාවනය වන්නට විය. එය නතර කිරීමට විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් අණ කළේය. එතැන් පටන් කතාව විශේෂ කාර්ය බළකාය සඳහන් කරන ආකාරයට අනුව ඒ වාහනයේ සිටි පුද්ගලයෙක් පලායන්නේය. ඔහු පසුපස විශේෂ කාර්ය බළකා සෙබළු හඹා යන විට ඔවුන්ට වෙඩි ප්‍රහාරයක් එල්ලවන්නට විය. ඊට විශේෂ කාර්ය බළකායද ප්‍රති ප්‍රහාරයක් එල්ල කළේය. ඉන් වෙඩි දෙකක් අදාළ පුද්ගලයාගේ පපුවටත් හකුවටත් වැදිණි. තුවාල ලැබූ ඔහු ‘ලලිත් පින්තු’ය. මයික්‍රෝ වර්ගයේ ගිනි අවියක්ද ඔහු සතු විය. මීගමුව රෝහලට ඔහුව රැගෙන ගියේය. ඒ ජීවිතය බේරා ගන්නටය. වෛද්‍යවරු ඔහුගේ ජීවිතය බේරාගැනීමට මූලික ප්‍රතිකාර කළේය. රෝහල්ගත කර සුළු මොහොතකට පසු ඔහු මියගියේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියන්නේ වෙසල් වර්ගයේ මෝටර් රථයේ පැමිණි තවත් දෙදෙනෙක් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන සීදූව පොලීසියට භාරදුන් බවය. මෙම වෙඩිතැබීම ගැන සීදූව පොලීසිය පරීක්ෂණ පවත්වන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

සාමාන්‍යයෙන් මෙතෙක් අපරාධකරුවන් පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්වන්නේ පොලිස් අත්අඩංගුවට පතිවීමෙන් අනතුරුව ආයුධ පෙන්වන්නට ගොසිනි. එහෙත් මේ වෙඩිතැබීම එවන් බැරකිරීමකට යටත් කළ නොහැකිය. පින්තුගේ පවුලේ උදවිය පවසන්නේ ඔහුව හමුවීමට පැමිණි මිතුරන් දෙදෙනෙක් සමග මෝටර් රථයකින් නිවෙසින් පිටතට ගොස් විනාඩි 15ක් තුළ සියල්ල සිදුව ඇති බවකි. මිතුරන් දෙදෙනාට හානියක් සිදුව නැති බැවින් ඒ අය මෙහිදී හොඳ සාක්ෂිකරුවන්ය. ඒ අයත් කියන්නේ පොලීසිය කියන කතාවමය. බණ භාවනා කරමින් සිටියේ යැයි කියන පින්තු අවසානයේදී පොලීසියෙන් වෙඩි කා මරුමුවට පත්වන්නේ ගිනි අවියක්ද අතැතිවය.

ඇතැම් සංවිධාන මේ වන විට සිටින්නේ මෙම මරණය පොලීසිය හිතාමතා සිදුකළ සැලසුම්සහගත ඝාතනයක් බව කියමින් ජාත්‍යන්තරයට ගෙන යන්නට පවා පිඹුරුපත් සකස් කරමිනි. ඒ, ජිනීවා මානව හිමිකම් කොමිසමේ මේ වන විටත් පොලිස් අත්අඩංගුවේ සිටින පුද්ගලයන් ඝාතනය වීම් ගැන කතිකාවක් ඇතිව තිබෙන බැවිනි. එහෙත් එම ඝාතන ලැයිස්තුවට මෙම පින්තුගේ මරණය ඇතුළත් කළ හැකිදැයි යන්න පිළිබඳ ඇත්තේ ගැටලුවකි. ඒ, පින්තු පොලිස් අත්අඩංගුවේදී මියයන පුද්ගලයෙක් නොවන බැවිනි. මෙය අහඹු සිදුවීමක්ද නැද්ද යන්න වග දන්නේ එම අවස්ථාවට මුහුණ දුන් අය පමණි.

මෙසේ පොලිස් විශේෂ කාර්ය බළකායේ වෙඩිල්ලකින් සිය ජීවිතයේ අවසානය සටහන් කරගත් ලලිත් පින්තු 1977 වසරේදී මෙරට එළිය දුටුවෙකි. මුල් කාලයේ ඔහු ධීවර කාර්මිකයෙක් ලෙස ජීවිකාව සරිකරගත්තද තදින්ම සූදුවට (බූරුවා ගැසීමට) පුරුදුව සිටියෙකි. ඔහුගේ බූරු කල්ලියේ සාමාජිකයන් අතර මෙරට නමගිය කායවර්ධන ශිල්පියෙක්ද, ජිම්නාස්ටික් ශූරයෙක්ද සිටීම විශේෂිතය.

පින්තු අපරාධ ලෝකයට පිවිසෙන්නේ වයස අවුරුදු 22 දීය. ඒ, 1990 වසරේ මාර්තු 07 වෙනිදා සීදූවේ වෙළෙඳ සලකට පහරදීමෙනි. ඒ චණ්ඩි උෂ්ණය ඔහුට වදින්නේ ජිම්නාස්ටික් ක්‍රීඩකයා ඇසුරු කරන්නට ගැනීමත් සමගිනි. අනතුරුව ඔහු සීදූවේ පදිංචිකරුවෙක් වූ දයාවංශ නමැත්තාට පොල්ලකින් පහරදී බරපතළ තුවාල කරනු ලැබීය. ඒ පිටුපස තිබුණේ කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ බල අරගලයකි. අනතුරුව ඔහු කොළඹ පැත්තේ කාන්තාවක් සමග සම්බන්ධයක් ඇතිකර ගන්නා අතර එම කාන්තාවට පිහියෙන් ඇන ඝාතනය කිරීමටකට බන්ධනාගාරගත වූවේය. මාකඳුරේ මධුෂ්ව ඔහු දැනහඳුනා ගන්නේ හිරේදීය. මධුෂ් මගින් ඔහු දකුණේ පාතාලයේ බොහෝ පිරිසක් දැනහඳුනා ගත් අතර ඔවුන් මධුෂ්ගේ ගෝලයන්ය. ඒ අතර ‘කොස්ගොඩ රණා’, විශේෂ කාර්ය බළකායේ වෙඩි ප්‍රහාරයකින් දෑස් අන්ධවී සිටින ‘පොට්ට වජිර’ වැනි කණ්ඩායමක්ම සිටියේය.

එදා ඔහු හිරෙන් එළියට එන්නේ අපරාධ ලෝකයේ හතර කොන ගැන හොඳ හැටි අවබෝධයක් ලබාගෙනය. ඔහු ඒ පැමිණ මුල්ම ගේම දෙන්නේ මාරවිල පැත්තේ ව්‍යාපාරිකයකුගේ නිවෙසකටය. බන්ධනාගාරයේදී දැන හඳුනාගත් කිහිප දෙනෙක්ද සම්බන්ධ කරගනිමින් පින්තු එම ව්‍යාපාරිකයාගේ නිවෙසට යන්නේ ආදායම් බදු නිලධාරීන් ලෙසිනි. දකුණු ඉන්දියානු චිත්‍රපටයක මෙන් ඔහු ලස්සනට රඟපෑමක් කර ව්‍යාපාරිකයාව කොල්ලකන්නේ රුපියල් ලක්ෂ 40ක් පමණ වටිනා මුදල් හා රන් භාණ්ඩද සමගිනි. එම කොල්ලයේ අද වටිනාකම රුපියල් කෝටියකට අධිකය.
එසේම ඔහු රාගම ස්ටැන්ලි නම් වූ ව්‍යාපාරිකයකුගේ නිවෙසක් කොල්ලකන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනීසිටිමින් නිවෙසට කඩාවැදීය. ඒ, 2011 වසරේ සැත්තැම්බර් 17 වැනිදාය. ලක්ෂ 26ක් කොල්ලකෑ බව පොලිස් පොත්වල එකල සඳහන් වුවත් සැබෑ ලෙසම සිදුවූ’කොල්ලයේ වටිනාකම ලක්ෂ 60කට අධික මුදල් හා රන් භාණ්ඩය.
වත්තල ඇලකන්දේ ව්‍යාපාරිකයකුගේ නිවෙසක්ද ඔහු ඒ ආකාරයටම කොල්ලකන්න යන්නේ 2011 වසරේ නොවැම්බර් 03 වැනිදාය. එම කොල්ලය වරදින්නේ මේ අය රහස් පොලිස් නිලධාරීන් නොවන බව ව්‍යාපාරිකයාගේ පුතා හඳුනාගැනීම නිසාය. එදා කලබල වූ පින්තු ඇතුළු පිරිස ව්‍යාපාරිකයාගේ පුතා වූ ඉසුරු රණසිංහට වෙඩිතබා ඝාතනය කර පලාගියේය. එම කොල්ලයට පොට්ට වජිරද සම්බන්ධව සිටියේය. මේ කණ්ඩායම රහස් පොලිස් වෙස් ගෙන රට පුරාම මේ ආකාරයට මංකොල්ලකෑම් කළේය. කොල්ලකෑම් බොහොමයක්ම සිදුවූයේ දකුණු පළාත ආශ්‍රිතවය. පොළොන්නරුවේ මත්පැන් අලෙවිසලක අයිතිකරුවකුද පැහැරගෙන ගොස් ලොකු කප්පමක් ගත්තේය. එසේම මහනුවර දිගන ස්වර්ණාභරණ අලෙවි සලක හිමිකරුවෙක් බියගන්වා රුපියල් ලක්ෂ 80ක්ද කොල්ලකෑවේය. පේරාදෙණියේ ව්‍යාපාරිකයකුගෙන් කොල්ලකා කිබුණේ කෝටි එකහාමාරක පමණ මුදල් හා දේපොළය. මාතර තේජාන් මුදලාලි පවා පින්තුගේ කල්ලියේ ග්‍රහණයට එකල ලක්වූවෙකි. 2011 වසරේ අගෝස්තු 13 වැනිදා පවුම් 155ක් සමග රුපියල් ලක්ෂ 87ක මුදලක් තේජාන් මුදලාලිගෙන් කොල්ලකා තිබිණි. එම කොල්ලයටද පොට්ට වජිර මෙන්ම ගිහාන් ෆොන්සේකා නමැති තවත් අපරාධකරුවෙක් සම්බන්ධව සිටියේය. මධුෂ්ගේ දකුණු අත ලෙස සිටි ගිහාන් ‍ෆොන්සේකා මේ වන විට සිටින්නේ ඩුබායිවලය. එහි සිට මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරතව සිටින්නේ පොට්ට කපිලගේද සහය ඇතිවය.

එකල පින්තුගේ පස්සේ පන්නමින් සිටි රාගම පොලීසියේ ස්ථානාධිපතිවරයාව සිටි නිශාන්ත නමැති නිලධාරියාව මරාදැමීමට පවා පින්තු සැලසුම්කර තිබුණේය. අවස්ථා කිහිපයකදීම ඕ.අයි.සී. නිශාන්තව මරා දැමීමට ඔත්තු බැලූ බව පසු කාලයේ අනාවරණ වී තිබිණි.

රහස් පොලිස් වෙස්ගත් මේ කල්ලිය පොලීසියට එකල දරුණු හිසරදයක් බවට පත්ව තිබිණි. ඒ නිසාම මේ කල්ලිය පස්සේ පැන්නීමේ වගකීම ත්‍රස්ත මර්දන කොට්ඨාසයටද පැවරී තිබිණි. ත්‍රස්ත මර්දනයේ නිලධාරීන් දීර්ඝ විමර්ශනයකින් අනතුරුව අනාවරණ කරගන්නේ ඒ වන විට ඔහු බුත්තල පැත්තේ සැඟවී සිටින බවකි. ඒ අනුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පින්තුව කොටුකර ගන්නේ බුත්තල නගරයේදීය.

එදා එසේ අත්අඩංගුවට ගත් පින්තු වසර එකහමාරක්ම ත්‍රස්තවාදී පනත යටතේ රඳවා සිටියේය. බූස්ස රැඳවුම් කඳවුරේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් භාරයේ සිටි ඔහු පසුව අධිකරණයට ඉදිරිපත් කළේය. මාස තුනකට පමණ පෙර ඔහු ඇප මත නිදහස ලබන තුරු සිටියේ එවර රිමාන්ඩ් කළ අවස්ථාවේ සිටය. එළියට එන්නට ඔහුට වුවමනාවක් නොවීය. ඇතුළේ ඉඳන් සියලු වැඩ මෙහෙයවූවේය. එළියට වඩා ඔහුට ඇතුළේ සැප පහසුකම් අඩුවක් නොවීය. මාකඳුරේ මධුෂ් 2015 වසරේ ඇප ලබා රටින් පනින තෙක්ම සිටියේ ඔහුත් සමග බන්ධනාගාරයේය. මධුෂ් රටින් පැනගත් පසු ඩුබායි සිට මෙහෙයවූ මත්කුඩු ජාවාරමේද පින්තු සිටියේය. බන්ධනාගාරයේ ඔහුට ලැබුණු සැප අහිමි වන්නේ ආණ්ඩු පෙරළියත් සමගිනි. ඔහුට සැප දුන් මීගමුව බන්ධනාගාර අධිකාරී සම්පායෝ අත්අඩංගුවට පත්ව වැඩ තහනම් විය. පින්තුව විසිවන්නේ බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයටය. මීගමුවේ මෙන් ශීතකරණ මත්පැන්, මිදි, ඇපල්, ස්ප්‍රින් මෙට්ට බූස්සේ නැත. එහි ජීවිතය කටුකය. වසර 08ක් 09ක් තිස්සේ බන්ධනාගාරගතව සිටියත් මේ තරම් කටුක ජීවිතයක් ඔහුට හිමිව තිබුණේ නැත. බන්ධනාගාරයෙන් එළියට එන්නට පවා ඔහු තීරණය කරන්නේ එබැවිනි. එලෙස පැමිණි ඔහුට නිදහස සොයා යන්නට ඉඩක් නොවීය. ඔහුගේ කතාවටද නැවතීමේ තිත තැබෙන්නේ සෙසු අපරාධකරුවන්ට මෙන්ම පොලිස් වෙඩි හුවමාරුවකිනි.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

දළදා මාළිගාව වටේ රේස් පැද්දේ අපි නෙමෙයි රණසිංහ ප්‍රේමදාස (VIDEO)

Next Post

ඒ තමයි බැසිල් (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

MORE NEWS

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!
Exclusive

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News
Exclusive

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News

Load More
අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

වාණිජ බැංකුවලින් රන් භාණ්ඩ උකස් කර ලබාගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු...

Read more
බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.