• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home CID

CID ටීම් එකම මාරු කළේ ඉඩම් ගනුදෙනුවක් හොයපු නිසාද? (CID SPECIAL)

November 16, 2020
in CID, Exclusive, Uncategorized
Reading Time: 5 mins read
A A
CID ටීම් එකම මාරු කළේ ඉඩම් ගනුදෙනුවක් හොයපු නිසාද? (CID SPECIAL)
Share on WhatsAppShare on Facebook

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වසර විස්සකට වැඩි කාලයක් සේවයේ නිරතව සිටි අපරාධ විමර්ශනයන් සම්බන්ධයෙන් හසල දැනුමක් ඇති නිලධාරීන් 19 දෙනෙකුට වැඩ බලන පොලිස්පතිවරයා විසින් හදිසියේම සාමාන්‍ය පොලිස් රාජකාරි කටයුතු සදහා ස්ථාන මාරුවීම් ලබාදෙන්නේ “ඔබගේ සේවය තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනවශ්‍යයි“ යනුවෙන් සදහන් කරමිනි.

ඔබගේ සේවය තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනවශ්‍යයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇති විවිධ විමර්ශන අංශ ගණන 32කි. ඒ අතර ඇති ප්‍රධාන විමර්ශන ඒකක ගණන 19කි. එකී විමර්ශන ඒකක 19න් විමර්ශන ඒකක 09කම ස්ථානාධිපතිවරු මෙම ස්ථාන මාරුවීමට අයත්ය. ඒ අය අතර කොස්ගොඩ තාරක නැමැති පාතාල අපරාධකරු විසින් කළ ගිනි අවි ජාවාරම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන විමර්ශකයාද සිටීම විශේෂිතය. ඊට අමතරව රිෂාඞ් බදියුදීන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන විමර්ශන නිලධාරියාද සිටී. එසේම පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සුවිශේෂි විමර්ශන ගණනාවක් භාරව සිටින නිලධාරීහුද මේ ස්ථාන මාරුවීම් ගොන්න අතර සිටිති. පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු බව කියන සහරාන් හෂිම්ට පුපුරණ ද්‍රව්‍ය ලද බව කියන විදෙස් ජාලයක් සම්බන්ධයෙන් සියුම් විමර්ශනයක නිරතව සිටින නිලධාරියාද මේ ස්ථාන මාරුවීම් ගොන්නේ සිටියි.

එකවර මාරු කරපු විශාලම ප්‍රමාණය

මේ අතර ශ්‍රී ලංකා පොලීසියට මෙතෙක් කාලයකට ලැබී ඇති ජාත්‍යන්තර සම්මානවලින් සම්මාන තුනක්ම ලබාදීමට මුල්වූ ව්‍යාජ මුදල් හා ණය පත් වංචා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පුහුණුව පවා ලද නිලධාරියෙක්ද ස්ථාන මාරුවීම් හිමිවී ඇති නිලධාරී ගොන්නේ සිටින්නේ ඉහළින්මය. එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා සේවයේද නිරතව සිටි එම නිලධාරියා මෙතෙක් කාලයකට කිසිදු චෝදනාවකට ලක් වූවෙක්ද නොවේ. ඔහු කළේ වැඩ කිරීම පමණි. එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා සේවයට ඔහු යාමත් සමග ව්‍යාජ මුදල් හා ණයපත් වංචා සම්බන්ධයෙන් වූ විමර්ශන බිඳ වැටීමකට ලක්වන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩකට නැති අංශයක් බවට පවා එය පත්විය. මෙම නිලධාරියා එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා සේවය නිමකොට නැවත මෙරටට පැමිණෙන්නේ ඉකුත් වසරේදීය. ඒ පැමිණි ඔහුව ව්‍යාජ මුදල් විමර්ශන අංශයට අනුයුක්ත කර කඩා වැටුණු එම අංශය ශක්තිමත් කරනවා වෙනුවට එවකට සිටි අධ්‍යක්ෂක ශානි අබේසේකර ඔහුට පවරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිපාලන අංශයයි. මෙම ස්ථාන මාරුවීම ඔහුට ලැබෙන්නේ පරිපාලන අංශයේ කටයුතු පවා ඔහු විධිමත් ලෙස කරගෙන යමින් සිටියදීය. මෙම ස්ථාන මාරුවීම්වල හේතු වූ කාරණා කුමක්දැයි පැහැදිලි නැතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෑත ඉතිහාසයේ මෙතරම් විමර්ශකයන් පිරිසක් එකවර ස්ථාන මාරුවීම් කළ අවස්ථාවක් නැති තරම්ය.

ශානිට එල්ල වූ චෝදනාව

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දක්ෂ විමර්ශකයන් බිහි කර ගැනීම එක රැයකින් කළ හැකි කාරණාවක් නොවේ. දක්ෂ විමර්ශකයන් බිහිවන්නේ දීර්ඝකාලීන අත්දැකීම් සමගිනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන සිදුවන්නේ සාමාන්‍ය පොලිස් රාජකාරිවලින් බැහැර සුවිශේෂි ක්‍රම භාවිතා කරමිනි. ආණ්ඩු මාරුවීමත් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ පුටු වෙනස් වීම සාමාන්‍ය සංසිද්ධියකි. එම ඉහළ පුටු සමග ඒ අයට විශ්වාස නිලධාරීන් කිහිප දෙනෙක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත වීමද සිදුවනු ඇත. ඉහළ පුටු වෙනස් වන විට ඒ අය සමග පැමිණි නිලධාරීන්ද ස්ථාන මාරුවීම්වලට ලක්වීම අරුමයක් නොවේ. මෙය එක් ආණ්ඩුවකට සීමා වූවක් නොවේ. යහපාලන ආණ්ඩුව බලයට පත්වීමත් සමග ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ බවට පත්කළේද ඒ අනුවය. ශානි ඔහුට හිතවත් නිලධාරීන් කිහිප දෙනෙක්ද කිට්ටුකර ගත්තේය. වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමග ශානි විසිවී ගියේ ඔහුට හිතවත් එම නිලධාරීන් කිහිප දෙනාද සමගිනි. එහෙත් එසේ විසිවන අය අතර මෙතෙක් කලක් දක්ෂ විමර්ශකයන් නම් සිටියේ නැත. මෙම ස්ථාන මාරුවීම් සාධාරණීකරණය කිරීමට ඇතැමුන් ක්‍රියා කරන්නට වූයේ මේ අය ශානිගේ ගෝල බාලයින් යැයි කියාය. මේ අය තවමත් වැඩ කරන්නේ ශානි අබේසේකරට ඇවැසි ලෙස බවට වූ චෝදනාද නැත්තේම නොවේ.

ඉඩම් ගනුදෙනුවක පළහිලව්වක්ද?

එහෙත් මේ අය අතර ශානි අබේසේකර සමග ගැටුම් ඇතිකරගත් වත්මන් ආණ්ඩුවට ලෙන්ගතු නිලධාරීන්ද නැතුවාම නොවේ. ඒ අය කවුරුන්දැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර නම් ප්‍රසිද්ධ රහසකි. මෙම ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙත් ඉන් පිටතත් ඇත්තේ අපූරු කථාවන්ය. ඒ එක් කථාවක් වන්නේ කොළඹ කොටුවේ බේරේ වැවට යාබදව පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක් පුද්ගලික සමාගමකට බදුදීමක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව මෙම ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක වී ඇති බවය. එම විමර්ශනයට මුල්වී ඇති පැමිණිල්ල යහපාලන ආණ්ඩුව බිඳ වැටීමත් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කර ඇත්තේ මෙරට නමගිය ජාත්‍යන්තරය පවා දිනා සිටින ආරක්ෂක සමාගමක ප්‍රධානියෙක් බව කියැවේ. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එකී විමර්ශනයට අදාළව යහපාලන ආණ්ඩුවේ සිටි ප්‍රබල දේශපාලනඥයෙක් කැඳවා ප්‍රශ්න කිරීමකටද ලක් කරනු ලැබීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර තොරතුරු සඳහන් කරන්නේ එම විමර්ශනය මේ වන විට සාර්ථකව ඉදිරියට කෙරෙන බවකි. මෙම විමර්ශනය හා ස්ථාන මාරුවීම් අතර ඇති සම්බන්ධය වන්නේ ස්ථාන මාරුවීම් ලබා ඇති නිලධාරීන් කණ්ඩායම අතර එකී විමර්ශනය භාර ප්‍රධාන විමර්ශකයාද සිටීමය. එම නිලධාරියාගේ ස්ථාන මාරුවීම සම්බන්ධයෙන් ඉහළ තැන්වලට මේ වන විටත් පැමිණිලි ගොන්නක්ම ගොස් හමාරය. ඒ අදාළ විමර්ශනය අඩපණ කිරීමට සහ දේශපාලනඥයා මුදා ගැනීමට මෙම ස්ථාන මාරුවීම කර ඇති බවටය. එකී චෝදනාව එල්ල කරන නිලධාරීන් ඉහළට පෙන්වාදී ඇත්තේ ඉහළ පොලිස් නිලධාරියෙක් සහ අදාළ දේශපාලනඥයා අතර ඇති ඉතා කිට්ටු සම්බන්ධයක් ගැන තොරතුරුද සමගිනි.
මේ ගැන ඉහළ බලධාරීන්ගේ දැඩි අවධානයක් මෙම සටහන තබන මොහොත වන විටත් යොමු වී තිබුණු අතර පොලිස් ප්‍රධානීන්ගෙන් නිදහසට කරුණු පවා විමසා තිබුණේය. ඊට එම පොලිස් ප්‍රධානීන්ගේ ප්‍රතිචාරය වී ඇත්තේ බුද්ධි අංශ වාර්තා පදනම් කර ගනිමින් එම නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමට පියවර ගත් බවකි. එකී බුද්ධි වාර්තාවලට අනුව එම නිලධාරීන්ට විවිධ චෝදනා එල්ලවන බවත්, ඒ අතර බරපතළම චෝදනාවන් වී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර තොරතුරු පිටතට ලබාදීම බවත්ය.

කොරෝනා පොලිසියම කොර කරයි

බුද්ධි අංශ වාර්තාවක් පදනම් කර ගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දක්ෂ විමර්ශකයන් පිරිසකට එසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අහිමිවන විට පොලිස් විශේෂ කාර්ය බළකායේත් බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන රැසකත් නිලධාරීන් අතර කොවිඞ් 19 වෛරසය ව්‍යාප්ත වීම සම්බන්ධයෙන්ද මේ වන විට බුද්ධි අංශ විමර්ශනයක් ආරම්භ කර හමාරය. ඒ පොලීසිය තුළ කොවිඞ් 19 වෛරස ව්‍යාප්තියට ඇතැම් ඉහළ පොලිස් නිලධාරීන්ගේ ක්‍රියා කලාපයන් මුල්වී ඇති බවට එල්ල වන චෝදනා මුල්කර ගනිමිනි. පොලිස් නිලධාරීන් අතර කොවිඞ් 19 ව්‍යාප්තිය අනාවරණය වන්නේ පී.සී.ආර්. පරීක්ෂණ වැඩි වශයෙන් කිරීම හේතුවෙනි. බොහෝ පොලිස් ස්ථානාධිපතිවරුන් සිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ව පී.සී.ආර්. සදහා යොමු කරන්නේ සෞඛ්‍ය අංශ සමග ඇති හිතවත් කම් මත වැඩි ඉඩක් පොලිස් නිලධාරීන්ගේ පරීක්ෂාවන් සදහා ලබා ගනිමිනි. පොලීසියේ නිලධාරීන් අතර කොවිඞ් 19 වෛරස ව්‍යාප්තිය ගැන එළියට එන්නේ ඒත් එක්කමය. මේ වන විට කොවිඞ් 19 වෛරස ආසාදිත පොලිස් නිලධාරීන් ගණන 600කට වැඩිය. 5000කට ආසන්න නිලධාරීන් පිරිසක් සිටින්නේ නිරෝධායනයේය. වැඩියෙන්ම කොවිඞ් ආසාදිතයින් පිරිසක් සිටින්නේ කොළඹ පොලීසිවලය. කොවිඞ් ආසාදිත පොලිස් නිලධාරීන්ගේ ගණන ඉහළ යනවාට ඉහළ පොලිස් නිලධාරීන් එතරම් වැඩි කැමැත්තක් දක්වන්නේ නැත. කොවිඞ් ආසාදිත පොලිස් නිලධාරීන්ගේ ගණන් මිනුම් කියන්නට පවා ඒ අය දක්වන්නේ මැලිකමකි. ඒ අය හිතන්නේ තම පාලන බල ප්‍රෙද්ශවල කොවිඞ් 19 අසාදිත පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව ඉහළ යාම තමන්ට මදි පුංචි කමක් ලෙසටය. ඒ නිසාම දැන් එම ඉහළ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් පොලිස් ස්ථානාධිපතිවරුන්ට වාචිකව නියෝගකර ඇත්තේ තමන්ගේ අවසරයකින් තොරව පොලිස් නිලධාරීන් පී.සී.ආර්. පරීක්ෂාවන්ට ලක් නොකළ යුතු බවටය. මේ බව මේ වන විටත් බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන ඇති අතර ඒ ගැනද ඔවුන්ගේ වාර්තාවල ඇතුළත් වනු ඇත.

පොලිස් ලොක්කන්ගේ කාමරවල දුම් මුට්ටි…

පොලීස් නිලධාරීන් අතර කොවිඞ් 19 වෛරස ව්‍යාප්තිය මුල් අවස්ථාවේදීම පාලනය කර ගැනීමට හැකියාව තිබුණත් මෙතරම් එය ව්‍යාප්ත වීමට බලපා ඇත්තේ කොවිඞ් 19 ආසාදිත නිලධාරීන්ගේ සමීපතම නිලධාරීන් පොලිස් බැරක්කවල ස්වයං නිරෝධායනය වෙමින් සිටියදී ඒ අයව රාජකාරි සදහා යෙදවීම නිසා බවද බුද්ධි අංශ විසින් තහවුරු කරගෙන හමාරය. එසේම පී.සී.ආර්. පරීක්ෂාවන්වලින් කොවිඞ් ආසාදිත නොවන බවට තහවුරු වූ නිලධාරීන් සහ ස්වයං නිරෝධායනය යොමුකර සිටි පී.සී.ආර්. පරීක්ෂාවට ලක් නොකළ නිලධාරීන් එකම බැරක්කයේ තැබීමෙන්ද පොලීසියේ කොවිඞ් රැල්ලට මුල්වී ඇතැයි බුද්ධි අංශවලට ලැබී ඇති තොරතුරුවල සඳහන්ය.
මෙසේ පහළ නිලධාරීන් කොවිඞ් 19 වෛරසයට නිරාවරණය කරන ඉහළ පොලිස් නිලධාරීන් නම් සිය නිවස තුළ පමණක් නොව, කාර්යාල කාමරයේද දුම් මුට්ටි තබාගෙන සිටින්නේ පැයෙන් පැයට දුම ආග්‍රහනය කරමිනි.

බ්‍රැන්ඩික්ස් පරීක්ෂණ යට ගහන්නේ කව්ද?

මේ අතර බ්‍රැන්ඩික්ස් කොවිඞ් පොකුර සම්බන්ධයෙන් නීතිපති උපදෙසින් විමර්ශන පැවැත්වීමට වැඩබලන පොලිස්පතිවරයාගේ මෙහෙයැවීමෙන් පත්කර ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශන කණ්ඩායම ඒ සම්බන්ධයෙන් වූ විමර්ශන පුළුල්ව සිදුකරමින් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය. බ්‍රැන්ඩික්ස් කොවිඞ් පොකුර ව්‍යාප්තිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අවධානය යොමු නොවන්නට රටේ ඉහළ බලධාරීන් ඒ ගැන වචනයක්වත් කතා කළේ නැත. අද මුළු රටම කොවිඞ් වසංගතය රට වටේ ගියේ බ්‍රැන්ඩික්ස් පොකුර බිහිවූ සැබෑ හේතුව සැඟවීමට ගොසිනි. මුල් අවස්ථාවේදීම ගම්පහ දිස්ත්‍රික්කය සති දෙකකට වසා දමා බ්‍රැන්ඩික්ස් පොකුරේ ව්‍යාප්තිය පාලනය කිරීමට පියවර ගත්තේ නම් මේ වන විට රටේ පවතින ආකාරයේ කොවිඞ් අවදානමක් මතු නොවන බව බුද්ධි අංශ පවා පැහැදිලිවම මේ වන විටත් බලධාරීන් දැනුවත් කර හමාරය. නීතිපතිවරයා මැදිහත් වන්නේ බ්‍රැන්ඩික්ස් ආරක්ෂා කර ගැනීමට ඇතැම් පිරිස් ජනතාවගේ පිටින් කොවිඞ් ව්‍යාප්තියේ වගකීම් යොමු කිරීමට උත්සහ ගනිමින් සිටියදීය. නීතිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයාට දැනුම් දෙන්නේ බ්‍රැන්ඩික්ස් හී කොවිඞ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් අපරාධමය විමර්ශනයක් සිදුකරන ලෙසටය. ඒ බ්‍රැන්ඩික්ස් කොවිඞ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අතට බොහෝ තොරතුරු ලැබී තිබුණු බැවිනි. ඒ නිසා පොලීසියට නීතිපතිවරයාගේ කනින් රිංගමින් විවිධ පුද්ගල අවශ්‍යතා මත බ්‍රැන්ඩික්ස් බේරන්නට ඉඩක් නැති තරම්ය. නීතිපති උපදෙසින් වැඩ බලන පොලිස්පතිවරයා විසින් බ්‍රැන්ඩික්ස් විමර්ශනයට පත්කළ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට කොවිඞ් ආසාදනය වී ඇති බැවින් විමර්ශන පවත්වන්නට බාධාවක් ඇතැයි වැඩ බලන පොලිස්පතිවරයා විසින් නීතිපතිවරයාව පසු අවස්ථාවක දැනුවත් කරන විට පොලීසියේ සිටින දක්ෂ නිලධාරීන් පිරිසක් ඒ සදහා යොමු කරන ලෙස වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් දෙන්නේද ඒ නිසාය. එම විමර්ශන කණ්ඩායම පත්කිරීම ප්‍රමාද වන විට ඊටද නිදහසට කරුණු විමසන්නට නීතිපතිවරයා පියවර ගන්නේ එකී විමර්ශනය සම්බන්ධයෙන් ඔහු ජනතාවගේ පැත්තේ සිට උනන්දුවක් දක්වන්නට වූ බැවිනි. කොළඹ අපරාධ කොට්ඨාසය යටතේ පැවති බ්‍රැන්ඩික්ස් පරීක්ෂණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරෙන්නේ ඒ අනුවය.

රොෂාන් ඔක්කොම හොයා ගනීද?

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ සහ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා යන නිලධාරීන් දෙදෙනාගේ උපදෙසින් ක්‍රියාත්මක එම විමර්ශන කණ්ඩායමේ අධික්ෂණ නිලධාරියා වන්නේ සහකාර පොලිස් අධිකාරී රොෂාන් අමරසිංහය. නීතීඥවරයෙක්ද වන ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත වන්නේ ප්‍රභූ ආරක්ෂක අංශයක සිටය. ඒ මෙයට මාස පහ හයකට පමණ පෙරය. එම පොලිස් කණ්ඩායමේ ස්ථානාධිපති ධුරය දරන්නේ පාස්කු ප්‍රහාරයේ ඉතා වැදගත් විමර්ශන කිහිපයකටම නායකත්වය දුන් ප්‍රධාන පොලිස් පරීක්ෂක වීරසිංහ නම් වූ නිලධාරියාය. ඔහු යටතේ බ්‍රැන්ඩික්ස් කොවිඞ් පොකුර සම්බන්ධයෙන් කෙරන විමර්ශන නිලධාරීන් ගණන 10කට වැඩිය. මේ කණ්ඩායම තෝරාගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇති ඒකකවලිනි. මේ වන විට මෙම කණ්ඩායම විමර්ශන සිදුකරනු ලබන්නේ නීතිපති දෙපාර්තමේන්තුව සමග නිරන්තර සම්බන්ධ වෙමිනි. ඒ නිසා කිසිවෙකුටත් බොරු කරන්නට බැරිය. ඒ අනුව වැඩි කල් යන්නට මත්තෙන් බ්‍රැන්ඩික්ස් කොවිඞ් පොකුරේ වර්ධනය මෙන්ම එහි ව්‍යාප්තිය ගැන අපරාධමය විමර්ශනයේ තොරතුරු මුලු රටටම දැන ගැනීමට හැකි වනු ඇත.

20 ආවත් පොලිස්පති තවම නැත්තේ ඇයි?

වත්මන් ආණ්ඩුව බලයට පත්වූ දින සිටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයක් ඉල්ලා සිටියේ 19 සංශෝධනයේ ඇති ගැටලු හේතුවෙන් පොලිස්පතිවරයෙක් පවා පත්කර ගැනීමට හැකියාවක් නොමැති බව කියමිනි. 20 අවශ්‍යතාව ගැන කියන සෑම අවස්ථාවකදීම පොලිස්පතිධුරය ගැනද කීවේය. දැන් 20 සම්මත වී හමාරය. 20ට අනුව පාර්ලිමේන්තු සභාවද ක්‍රියාත්මකය. පාර්ලිමේන්තු සභාව මේ වන විටත් අවස්ථා දෙකකදී රැස්විය. ඒ කථානායක නිල නිවසේදීය. පළමු රැස්වීම වෙන්ව තිබුණේ පාර්ලිමේන්තු සභාවේ මංගල රැස්වීම වෙනුවෙනි. දෙවැනි රැස්වීම පැවැත්වෙන්නේ ඉකුත් අගහරුවාදාය. ඒ කථානායක ප්‍රධානත්වයෙනි. එවර ජනාධිපතිවරයාගෙන් නව පත්කිරීම් සම්බන්ධයෙන් යෝජනා ලෙස ඉදිරිපත්ව තිබුණේ 20 වැනි සංශෝධනයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉහළ දැමූ විනිසුරුවරුන් පත්කිරීමටය. එහෙත් කොයි කවුරුත් බලා පොරොත්තු වූයේ නව පොලිස්පතිවරයා එවර පත්කරනු ඇති බවය. අසූ හාරදාසක් පමණ වන පොලිස් බළකායම මේ ගැන සිටින්නේ වික්ෂිප්තවය. ඒ ඔවුන්ට නිසි නායකත්වයක් ලබාදෙන්නට ස්ථීර පොලිස්පතිවරයෙකුගේ අවශ්‍යතාව තදින්ම මේ වන විට දැනෙන්නට පටන්ගෙන ඇති බැවිනි. ඒ වැඩ බලන පොලිස්පතිවරයාට පොලිස්පතිවරයාගේ භූමිකාව නිසි ලෙස රග දැක්වීමට අවකාශ නොමැති බැවින් මේ වන විට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස්පතිවරු කිහිප දෙනෙක් සිටින බැවිනි.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

මන්ත්‍රීවරුන්ගේ පඩි වැඩිකරන්න ඉල්ලුවේ කව්ද? (VIDEO)

Next Post

සජිත් ඩයනාව පක්ෂෙන් පන්නන ලියුම යවයි

MORE NEWS

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ වැඩ ගැන හොයලා බලයි! ලබන අවුරුද්දේ කරන්න යන් දේවල් ගැනත් අහයි! PHOTOS I Sri Lanka Latest News

Load More
අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය හැටන් දික්ඔය නගර සභාවේ ආදායම් පරිපාලක ඇතුලු නිළධාරින් එම වෙළදුන්ට අනවසර ඉදි කිරිම් ඉවත් කරන ලෙසට දැනුම්...

Read more
සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.