පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා යෝජනා කර ඇති බවට මාධ්‍යවල පළවූ පුවත් ප්‍රතික්ෂේප කරමින් ඒ මහතාගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කොට ඇත.
එහි මෙසේ සදහන්ය.
පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡාවට පදනම වූයේ 2006 නොවැම්බර් මස 11 වෙනි දින ගරු ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත වූ වැටුප් දීමනා සම්බන්ධ යෝජනාවයි.- ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ පඩි වැඩි කිරීමේ සූත්‍රය¡
ගරු කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මන්ත්‍රීවරුන්ගේ පහසුකම් පිළිබඳව නිරතුරුව සාකච්ඡා වේ. මෙහිදී ගරු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව” නිවාස සහ අනෙකුත් පහසුකම් අඩු වැඩි වශයෙන් සාකච්ඡා වේ.
මන්ත්‍රීවරුන්ට මුහුණ පෑමට ඇති අමාරුකම් ගැන සාමූහිකව කරන ලද සාකච්ඡාවේදී ඉහත සඳහන් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත වූ මෙම යෝජනාව ගැන මම කාරක සභාවට අවධානය යොමු කළා. එය සාමූහික සාකච්ඡාවක් පමණයි. අවසානයේදී නෛතික පදනමක් තිබුණත් මේ අවස්ථාවේදී පඩි වැඩි කිරීමට කාලෝචිත අවස්ථාවක් නොවන බව කාරක සභාව තීරණය කළා.
කාරක සභා රැස්වීමේදී කරන ලද මෙම සාකච්ඡාව පසුව පුවත්පත් වල සහ සමාජ මාධ්‍ය ජාලා වල විකෘති කර පළ වූ අතර” එය නිවැරදි කරන ලෙස ඉල්ලා සිටිනවා. තවද” ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව මා මේ අවස්ථාවේදී සභාගත කරන ලෙසද වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.’ යනුවෙන් එහි සදහන්ය.