පරාටේ නීතිය සම්බන්ධ පනත සංශෝධනය සඳහා අද පාර්ලිමේන්තුවේ පැවැති විවාදයෙක් දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම පනතට සුවිශේෂී සංශෝධන 7ක් ඉදිරිපත් කරන ලදී. එනම්,Sri Lanka Latest News
01- මෙම පනත යටතේ පරාටේ නීතිය ක්‍රියාත්මක වීමේ පනත ක්‍රියාත්මක වීම 2026 දෙසැම්බර් 15 තෙක් අත්හිටුවිය යුතුයි.
02- දැනට රු. මිලියන 5ක් ලෙස සදහන්ව ඇති පරාටේ නීතිය රුපියල් මිලියන 20ට අඩු ණය මුදල් සම්බන්ධයෙන් පරාටේ නීතිය ක්‍රියාත්මක වීමට ඉඩ ලබා නොදිය යුතුය.
03- ආරම්භක ලන්සුවක් නියම කිරිම අනිවාරය කිරිම හා ආරම්භක ලන්සුවකට වඩා අඩු මුදලකට වෙනත් පුද්ගලයකුට හෝ බැංකුවකට උකස් දේපල මිලදී ගැනීම තහනම් විය යුතුයි.
04- උකස් දේපල පරාටේ නීතිය යටතේ විකිණීමෙන් පසු බැංකුවට අයවිය යුතු මුදල අයකර ඉතිරි මුදල දින 3ක කාලයක් තුළ ණයකරුට ලබා දිය යුතුයි.
05- මුල් ණය මුදල රුපියල් මිලියන 100ට අඩු අවස්ථාවල දී පරාටේ ක්‍රියාවලියේ දී බැංකුවට අයවිය යුතු මුදල වශයෙන් මුල් ණය මුදලේ ගෙවීමට ඇති ණය ප්‍රමාණය සහ ඒ මත එකතුවී ඇති පොලියෙන් 75%ක ප්‍රමාණයක් පමණක් අය කර ගැනීමට බැංකුවට ඉඩ ලබා දිය යුතුයි.
06- මුල් පනතේ 19 වැනි වගන්තිය කපා හැරීම 18 වැනි වගන්තියට අදාළ වන්නේ මුල් ලන්සුවට වඩා අඩු මුදලකට දේපල මිල දී ගන්නා විට දීය. 11 වැනි වගන්තියට ගෙන එන සංශෝධනය මඟින් එම අවස්ථාව 19 වැනි වගන්තිය තවදුරටත් අදාළ නොවේ. එම නිසා 19 වැනි වගන්තිය කපා හැරිය යුතුයි.
07- 1991 අංක 4 දරණ බැංකු මගින් ප්‍රධානය කරන ලද ණය අය කර ගැනීමේ පනතේ 22 වගන්තිය, අර්ථකථනයක් ඇති වගන්තිය, මුල් ලන්සුවට සම්බන්ධ නව අර්ථකථනයක් ඇති කිරිම. එයට හේතුව මුල් ලන්සුව තීරණය කිරීමේ දී ස්වාධීන තක්සේරුකරුවකු මඟින් දේපල තක්සේරු කළ යුතු බවට තීරණය කිරීම.
මෙම සංශෝධන ඉදිරිපත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ පරාටේ නීතිය අත්හිටුවීම, පරාටේ නීතිය වෙනස් කිරිම, ප්‍රතිසංස්කරණයට ලක් කිරීම ආදී දේශපාලන න්‍යාය පත්‍රයන්ට ඇතුළු කිරීමට සමගි ජන බලවේගයට හැකි වූ බවත් අප රටට දැවැන්ත ශක්තියක් වන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සඳහා දියත් කරන ලද දැවැන්ත ප්‍රයත්නයක සුබවාදී ප්‍රතිඵලයක් ලැබෙන මොහොතක ඒ ගැන සතුටු වෙනවා සේම රජයේ අනුගත වීම අගය කරන බවත් මෙය නීතියක් ලෙස සම්පාදන නොවුවහොත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් අනාථ වන බවත් එම නිසා සමගි ජන බලවේගය ඉදිරිපත් කරන සංශෝධන 7ට ද එකඟ වන ලෙස ය.
එසේම ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ වරදින් මේ තත්ත්වය ඇති නොවූ බවත් පාස්කු ප්‍රහාරය, කොවිඩ් ව්‍යාප්තිය සහ බංකොලොත්භාවය නිසා මේ තත්ත්වය ඇති වූ බවත් මෙම කර්මාන්තකරුවන් මුළු ව්‍යවසායකයන්ගෙන් 75%ක් නියෝජනය කරමින් දළ දේශීය නිෂ්පාදිතයට 50-55% අතර දායකත්වයක් ලබා දෙන බවත් ඊට අමතරව ලක්ෂ 45කට රැකී රක්ෂා සපයන බවත් රජයේ සංගණන හරහා මේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් මුහුණ දෙන අභියෝග පෙන්වා දුන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
තවද රජයේ සංගණනයක් අනුව ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් 59100ක් තාවකාලිකවත් තවත් 240100ක් ස්ථිර වශයෙන් කාන්තා ව්‍යාපාර 11700ක් තාවකාලිකව සහ 27600ක් ස්ථීර වශයෙන් වැසී ගොස් ඇති බවත් 2018ට සාපේක්ෂව 2023 වසර වන විට මධ්‍ය පරිමාණ ව්‍යාපාර 48.3%කින් වැසී ගොස් ඇති බවත් මේ සංගණනයට අනුව 2018-2022 වර්ෂය දක්වා ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයේ රැකියා 245000ක් අහිමි වී පොළි අනුපාත ඉහළ යාම ආදායම් අහිමි වීම නැවත ගෙවීමේ හැකියාව පහත යාම නිසා ක්ෂුද්‍ර ව්‍යාපාර 39.4%ක් කුඩා ව්‍යාපාර 47.3%ක් මධ්‍ය ව්‍යාපාර 50.1%ක් මූල්‍ය පහසුකම් ලබා ගැනීම දුෂ්කර වී ඇති බව රජයේ සංඛ්‍යාලේඛන අනුව අනාවරණය වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
තමා පාර්ලිමේන්තුවේ කතා කරනවා වැඩියි යනුවෙන් කිව්වත් 2020 පෙබරවාරි 20 සිට 18 වතාවක් කතා කර ඇති බවත් එය මේ වන විට නරක දෙයක් හෝ අපරාධයක් නොවී ඇති බවත් ජාත්‍යන්ත මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, යුරෝපා හවුලේ කොමසාරිස්වරිය, ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්ෂවරිය ආදීන් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ නියෝජිතයන් හමුී ඔවුන්ගේ දුක හඳුනා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක් ලැබුණු බවත් එය පවතින බැංකු ව්‍යූහය හරහා කාරක ප්‍රාග්ධනයක් ලබා දෙන්න මුදල් වෙන් කළ නමුත් මේ මුදල් සුපුරුදු බැංකු පද්ධතිය හරහා හොඳම ගනුදෙනුකරුවන්ට පමණක් ලබා දී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට සෙත සැලසෙන ආකාරයට මේ පනත සංශෝධනය කළ යුතු බවත් යල්පැන ගිය නීතියක් වන පරාටේ නීතිය නූතන ලෝකයේ භාවිත නොවන බවත් පාරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන කාලය තුළ මේ ව්‍යාපාර නගා සිටුවීමට දරා ගත හැකි පිරිවැයකට ප්‍රාග්ධනයට ප්‍රවේශයක් ලබා දිය යුතු බවත් ඊට අමතරව පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබියදී පෞද්ගලික මූල්‍ය සමාගම් හිතාමතාම වෙන්දේසි කිරීම් කඩිනමින් සිදු කළ බවත් මොවුන් අධික ලාබ ලබමින් කටයුතු කළ පිරිසට විරුද්ධව ක්‍රියාමාර්ග ගත යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
සම්පූර්ණ කතාව මෙසේය.
පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන, බැංකු මඟින් ප්‍රදානය කරන ලද, ණය අයකර ගැනීමේ විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත පිළිබද විවාදයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදුකළ සම්පුර්ණ කතාව,
ගරු මූලසනාරූඩ මන්ත්‍රීතුමනි,
නීති සම්පාදන ක්‍රියාවලියේ දී බොහෝ විට ක්‍රියාත්ම වන්නේ රජයේ න්‍යය පත්‍රය, රජයේ අභිමතය සහ රජය තීන්දු කරන කරුණු කාරණා.
වසර ගණානක් මුළුල්ලේ සාකච්ඡා කරපු මාතෘකාවක් කතා කරපු විෂයක් පරාටේ නීතිය අත්හිටුවීම, පරාටේ නීතිය වෙනස් කිරීම, පරාටේ නීතිය ප්‍රතිසංස්කරණය කිරිම දේශපාලන න්‍යය පත්‍රයට ඇතුළ කිරිමට අපිට කාර්යයභාරයක් කරන්න පුළුවන් වුණා විපක්ෂයක් විදිහට.
මේ සාකච්ඡාව කරන මොහොතේ මම සතුටු වෙනවා රටට දැවැත්ත ශක්තියක් වන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාන කර්මාන්තකරුවන් මේ සාකච්ඡාව නිරික්ෂණය කරනවා.
ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාන කර්මාන්තකරුවන් සඳහා අපි දියත් කළ දැවැත්ත ප්‍රයත්නයක සුබවාදි ප්‍රතිඵලයක් ලැබෙන මොහොතක අපේ ප්‍රයත්නය පිළිබඳ සතුට වෙනවා වගේම රජයේ අනුගතවීමත් අගය කරනවා.
අපි කොතරම් සාකච්ඡා කළත් මෙය ව්‍යවස්ථාදායකයේ නීතියක් ලෙස සම්පාදනය නොවුණහොත් අදටත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාන කර්මාන්තකරුවන් අනාථභාවයට ලක්වෙනවා. ඒ පිළිබඳව රජයට ස්තුතිවන්ත වෙනවා. රජයට ප්‍රශංසා කරනවා අපි ඉදිරිපත් කරන සංශෝධන 7 ටත් එකඟ වුණොත්. ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාන කර්මාන්ත සුරක්ෂා කිරිමේ ප්‍රයත්නය සත්‍ය වශයෙන්ම තහවුරු වෙනවා.
විපක්ෂය කරපු ප්‍රයත්නය ගැන කතා කරන විට. මතක් වෙනවා මාටින් ලූතර් කිං ප්‍රකාශ කරනවා “ “If you can’t fly then run, if you can’t run then walk, if you can’t walk then crawl, but whatever you do you have to keep moving forward..”
පියාඹන්නට නොහැකිනම් දිවයන්න, දිවයන්නට නොහැකිනම් ඇවිද යන්න ඇවිද යන්න නොහැකි නම් බඩගාමින් හෝ ඉදිරියට යන්න. වැදගත් කරුණ වනුයේ ඉටුකරන කවර කර්ත්‍යයක දී වුව ද නොකඩවා ඉදිරි ගමනක නිරත වීමයි.
නෙල්සන් මැන්ඩලා විටෙක කිව්වා.
It always seems impossible until it’s done.
ජයග්‍රහනය සාක්ෂාත් කරගන්නා තෙක්ම කාර්යය ඉටුකළ නොහැක්කක් සේ පෙනේ.
“Success is not final; failure is not fatal: it is the courage to continue that counts.” – Winston Churchill
සාර්ථකත්වය අවසානය නොවේ පරාජය අති භයංකර දෙයක් නොවේ. වැදගත් වනුයේ නොකඩවා අදාල කටයුත්තේ නියැලීමේ දිරියයි.
මේ සංකල්ප ඇත්ත වශයෙන්ම සමගි ජනබලවේගය සහ සමගි ජන සන්ධානය දිරි ගැන්වූවා. ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාන කර්මාන්තකරුවන් වෙනුවෙන් අපේ යුතුකම ඉටු කළා.
ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාන කර්මාන්තකරුවන් ඔවුන්ගේ වරදින් නිර්මාණය වුණ තත්ත්වයක් නෙවෙයි නිර්මාණය වුණේ. පාස්කු ප්‍රහාරය, කොවිඩ් ව්‍යවසනය, බංකොලොත්භාවය. මේ ත්‍රිත්ව ඛේදවාචකයන් තුළ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාන කර්මාන්තකරුවන් දැඩි අසහනයකට ලක්වුණා.
මුළු ව්‍යවසායකයන්ගෙන් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාන කර්මාන්තකරුවන් සිටිනවා සියයට 75 ක්.
දළ දේශීය නිෂ්පාදනයට ලබාදෙනවා සියයට 50 ත් 55 ත් අතර දායකත්වයක්. ලක්ෂ 45 කට රැකියා සපයනවා.
ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාන කර්මාන්තකරුවන් මුහුණ දෙන අභියෝග පිළිබඳව රජයේ සංගණනම ඔප්පු කළා. ඔවුන්ගේ දුක කඳුල වේදනාවට බොහො දෙනෙක් සවන් දුන්නේ නෑ. ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාර රජයේ සංගණනයක් අනුව impact of economic crisis on msme වාර්තාව තුළ 59100 ක් තාවකාලිකව වැහිලා. තවත් ව්‍යාපාර දෙලක්ෂ’හාරදහස් එකසියයක් ස්ථීර ලෙස වැහිලා, කාන්තාවන් සතු ව්‍යාපාර 11,700 ක් තාවකාලිකව වැහිලා. 27,600 ක් ස්ථිර ලෙස වැහිලා.
2018 ට සාපෙක්ෂව 2023 වර්ශය වන විට මධ්‍ය පරිමාන ව්‍යාපර සියයට 48.3 කින් වැසි ගිහින්. 2018 ට සාපෙක්ෂව 2023 වර්ශය වනවිට ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාර ක්ශ්‍රේත්‍රයේ රැකියා දෙලක්ෂ 45,000ක් අහිමිවුණා. පොලි අනුපාතය ඉහළයාම, ආදායම අඩුවීම, නැවත ගෙවිමේ හැකියාව පහල යාම, ණය ගෙවිම් පැහැර හැරම් අසාදු ලේඛන ගතවීම වැනි හේතු නිසා ක්ෂුද්‍ර ව්‍යාපාර 39.4%ක්, කඩා ව්‍යාපාර 47.3%ක් මධ්‍ය පරිමාන ව්‍යපාර 50.1%් තවදුරටත් මුළ්‍ය පහසුකම් ලබාගැනීම දුෂ්කර වී ඇති බව අනාවරණය වෙලා තිබෙනවා. රජයේ සංඛ්‍යාලේඛනවලින් උප්පු වෙලා තිබෙනවා ව්‍යවසායකයින් දැඩි අසීරුවකට, අසීමිත පීඩනයකට පත් වෙලා තිබෙන කියන කාරණය. අසීරුවෙන් අමාරුවෙන් ගොඩනගාගත් ව්‍යාපාර පරාටේ නිතිය හරහා තමන්ගේ වරදක් තුළ නොව ත්‍රිත්ව ඛේදවාචකය මුල් වීම තුළ තමන්ගේ ව්‍යාපාර අහිමි වීම තුළ විශාල ව්‍යාපාරිකයන් පිරිසක් සිටියේ හැඩු කඳුලින්. අද අපි සතුටු වෙනවා ඔවුන්ගේ කදුලු පිස දමන නව පනතකට නව නීතිරිත් සම්පාදනය කිරිමට හැකි වීම ගැන.
ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාන කර්මාන්තකරුවන් පිළිබඳ ව 2020 පෙබරවාරි 20 වැනිදා ඉදලා මම 18 වතාවක් කතා කළා. ඒක අපරාධයක් ද, උගුරු ලේ රහ වෙනකන් කතාකරලා, කරන්න පුලුවන් උපරිමය කරලා අපිටත් පුලුවන් වුණා දායකත්වයක් ලබාදෙන්න. නැහැයි බැහැයි බලමු කියපු කණ්ඩායම් නිවැරදි මාර්ගයට යොමු කරන්න.
2021 සැප්තැම්බර් 22 ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාන කර්මාන්තකරුවන් වෙනුවෙන් මම කතාකරන අවස්ථාවේ ෂෙහාන් සේමසිංහ ඇමැතිවරයා කියනවා ,
විපක්ෂ නායකතුමා මතුකළ කාරණා පිළිබඳව ඉතාම සුභවාදී බලාපොරොත්තුවක් ඉදිරි අයවැය ලේඛනයෙන් මුදල් ඇමැතිරයා ලබාදෙන බව. දුන්න සුබ ආරංචිය රට බංකොලොත් වීම. ඒක තමයි සිද්ධ වුණේ.
පරාටේ බලතල අත්හැරිම් බැංකු ණය අය කර ගැනීමේ හැකියාව අවම කර ගැනීමට ප්‍රධාන හේතු කාරණයක් වන අතර මේ අතර මෙමගින් එම බැංකුවේ ණය අවදානම ඉහළ යාම හේතුවෙන් බැංකුව බුන්වත් භාවයට පත්වීමේ අවදානමක් ඇති කරයි කියලා රංජිත් සියඹලාපිටිය ඇමැතිවරයා පැවසුවා.
නමුත් කොරොනා කාලයේ දී බැංකු ලබපු අධික ලාභය පිළිබඳව ඔබතුමා හිතුවේ නෑ. අනිවාර්යෙන්ම බැංකු පද්ධතියේ ස්ථාවරභාවය අපි රැක ගන්න ඕන. හැබැයි අපි සමබරව හිතන්න ඕන. මුදල් තැන්පත් කළ පිරිස ගැන හිතන්න ඕන. ණය ගත්ත ක්ෂුද්‍ර සහ මධ්‍ය පරිමාන ව්‍යවසායකයන් ගැන හිතන්න ඕන. හැම පාර්ශ්වයක් ගැන හිතන්න ඕන. නමුත් එහෙම හිතුවේ නෑ. අපිට ඒ නිසා 18 වතාවක් පරාටේ නීතිය ගැන කතා කරන්න සිදුවුණා.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව යුරෝපා හවුල නියෝජනය කරන කොමසාරිස්තුමිය, ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්ෂක තකෆෝමි කඩොනෝ මැතිතුමා 2023 07 28 වැනිදා රටේ ක්ෂුද්‍ර සහ මධ්‍ය පරිපාමන ව්‍යවසාකයන් හමුවෙලා ඔවුන්ගේ දුක උගත් ජපන් ජාතික මහත්මයාව මුහුණට මුහුණ මුණ ගස්සවන්න අපිට හැකි වුණා.
මම කිසිසේත් කියන්නේ නෑ විපක්ෂය කියපු නිසා ආසියානු සංවර්ධන බැංකුව මේ දේවල් කරයි කියලා. නමුත් අපිත් මේ සඳහා දායක වුණා. විවේඡනවලට සිමා වෙන්නේ නැතිව, ගෝත්‍රික දේශපාලන ක්‍රමය අනුගමනය නොකර අපි අපේ කොටස ඉටු කළා.
ලෝක බැංකුව හමුවෙලා, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හමුවෙලා අපි රටට දෙන ආධාර නතර කළේ නෑ. අපි කිව්වේ රටට ආධාර දෙන්න කියලා. එක් පැත්තකින් ක්‍රේඩිත් ගැරටි කිරිම සඳහාත්, බැංකු ව්‍යුහය හරහා ක්ෂුද්‍ර සහ මධ්‍ය පරිපාමන ව්‍යවසාකයන්ට සහායක් හැටියට කාරක ප්‍රාග්ධනය ලබාදෙන්න මුදල් වෙන් කළා.
සුපුරුදු බැංකු පද්ධතිය යටතේ මුදල් ලබාදීම තුළ බැංකු පද්ධතිය අවදානමක් ගන්නේ නැතිව ඔවුන්ගේ හොදම ගණුදෙනු කරුවන්ට බෙදලා දීලා කියනවා ආසියානු සංවර්ධන බැංකුවට සියයට සියක් සාර්ථකයි කියනවා. මේ අඩුපාඩුව ගැන රජයේ අවධානය යොමු කළ යුතුයි.
උගුර ලේ රහ වෙනකන් අපි හැමෝම එකතුවෙලා අසියානු සංවර්ධන බැංකුවෙන් ලබාගත්ත ඇමරිකානු ඩොලර් මිලියන 100 ණය පැහැර හැරපු නැති පුද්ගලයන්ට බෙදා දීම තුළින් අමාරුවේ වැටිලා සිටින ක්ෂද්‍ර කුඩා මධ්‍ය පරිමාන ව්‍යවසායකයන්ට අත් වෙන සෙත. මේ සඳහා අපි රජයෙන් විසදුමක් බලාපොරොත්තු වෙනවා.
18 වතාවක් කතා කරලා ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාන ව්‍යවසායකයන් වෙනුවෙන් පෙනී සිටීම පිළිබඳව සමගි ජනබලවේගයේ සමගි ජන සන්ධානයේ කණ්ඩායම සියලු දෙනා මේ වෙනුවෙන් විශාල හඩක් නැගුවා. ඒ සියලු දෙනාට ස්තුති වන්ත වෙනවා.
2023 දෙසැම්බර් 9 වැනිදා පරාටේ නිතිය තාවකාලිකව ඉවත් කළොත් සැබවින්ම ණය ගෙවන්න නොහැකි වුණ පිරිසටයි අයතා විදිහට ණය නොගෙවන පිරිසටයි දෙගොල්ලටම එකවාගේ සහනයක් ලැබෙනවා කියලා රංජිත් සියඹලාපිටිය ඇමැතිවරයා කිව්වා. ඔබතුමාලා වෙනස්වීම ගැන අපි සතුටු වෙනවා. වෙසන් වෙන එක නරක දෙයක් නෙවෙයි ඒක හොද දෙයක්.
තමන්ට මොනා හරි වැරදුනානම් ඔව් වැරදුනා අපි පොඩ්ඩක් නිවැරදි වෙනවා අපි අලුත් පාරක යනවා ඒක වරදක් නෙවෙයි.
ඒ නිසා සෘණාත්මක චින්තයක් තිබුණ රාජ්‍ය පාර්ශ්වය පරාටේ නිතිය වෙනස් කරන්න ඕන, අත්හිටුවන්න ඕන, ක්ෂද්‍ර කුඩා මධ්‍ය පරිමාන කර්මාන්තකරුවන්ට හුස්ම ගන්න අවස්ථාවක් කඩා වැටුණු ව්‍යපාර නැගි සිටුවන්න අවස්ථාවක් ලබාදිම දක්වා ආණ්ඩුව වෙනස් වීම හොද ලක්ෂයක්.
ගෙනාපු පනත වඩාත් ශක්තිමත්ම ක්ෂද්‍ර කුඩා මධ්‍ය පරිමාන කර්මාන්තකරුවන්ට සෙත සැලසෙන ආකාරයට අපි සංශෝධනය කළ යුතුමයි.
පරාටේ නීතිය යල් පැන ගිය නීතියක්. නුතන ලෝකයේ මෙවැනි නිතියක් නෑ. ඇමරිකාව මේ සඳහා දියුණු නිති පද්ධතියක් හදුන්වලා දි තිබෙනවා. එතනින් කරන්නේ ණය ගෙවා ගැනීමට නොහැකි ව්‍යවසායකන් හා දේපළ වෙන්දේසි කිරිමට වෙනුවට අදාල බැංකු මඟින් ආයෝජකයෙක් හරහා එම ණය ප්‍රතිව්‍යහගතකර පවත්වාගත හැකි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරිමේ chapter 11 වැඩපිළිවෙලක් අපේ රටේ ක්‍රියාත්මක කිරිම වැදගත්.
දැන් පරාටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒක ලොකු සහනයක්. හැබැයි moratorium වගේ වෙන්න බැ නේ. moratorium එක දුන්නා සහනයක් ලැබුණා. ඒ කාල වකවානුවේ නැගි සිටින්න වැඩසටහනක් තිබුණේ නෑ. moratorium පස්සේ නොගෙවපු ණයයි, පොලියයි, දඩ පොලියයි , වැඩි පොලියයි ඔක්කොම එක්කාසු වෙලා තවත් ණයක් පැටෙව්වා. එහෙම වෙන්න බෑ.
පරාටේ නිතිය තාවකාලිකව අත්හිටුවලා ඒ අත්හිටවපු කාලය තුළ කඩා වැටුණු ව්‍යවසායකයින්ට ව්‍යාපාරවලට වැඩපිළිවෙලක් ඕන. දරාගත හැකි පිරිවැයකට ප්‍රාග්ධනයට තිබෙන ප්‍රවේශය. ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙන්න ඕන. අද විවාදයේදී රජයෙන් ඉල්ලිමක් කරනවා දරාගත හැකි පිරිවැයකට ප්‍රාග්ධනයට තිබෙන ප්‍රවේශය ඉදිරිපත් කරන්න කියලා. මේ කාල වකවානුවේ කඩා වැටුණු ව්‍යාපාරවලට නැගි සිටින්න අවස්ථාව ලබාදිය යුතුයි.
පරාටේ නිතිය මගින් ඇපයට තබන ලද දේපළ වෙන්දේසිය අත්හිටුවමින් අනුමැතිය ලැබුණ දින සිට රාජ්‍ය බැංකු එම කටයුත්ත කළත් පෞද්ගලික බැංකු අදාලා වෙන්දේසි සඳහා පුවත්පත් නිවේදන නිකුත් කළා. ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයන් රැක ගන් අපි සියලු දෙනා කටයුතු කරන විට හිතාමතා පෞද්ගලික බැංකු අදාලා වෙන්දේසි සඳහා පුවත්පත් නිවේදන නිකුත් කළා. ඒවට රජය යමිකිසි තින්දුවක් ගන්න ඕන. මොකද බැංකු පද්ධතිය අධික ලාභ ලැබුවා.
සමාජයක පොහොසත් සුලුතරයට බැරිනම් අසහනකාරි බහුතරය රැක ගන්න ඒ සමාජ ක්‍රමය කඩාගෙන වැටෙනවා. රටේ බැංකු පද්ධතිය එය දැන ගන්න ඕන. සාධාරණ ලාභයක් උපයන්න ඕන. මානුෂියත්වයක් තිබෙන්න ඕන. අපි ධනවාදය පිළිගන්නවා. අපි ලුම්පන් ධනවාදය පිලිගන්නේ නෑ. අපි පිලිගන්නේ මානුෂිය ධනවාදය, මැදමාවත. ඒකයි අපේ ප්‍රතිපත්තිය.
රජය වෙනස් වන්නට යන බව දැක දැක ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයන්ගේ දේපළ වෙන්දේසි කිරිමට කටයුතු කළ පිරිසට විරුද්ධව පියවරක් ගත යුතුයි.
පනත් කෙටුම්පතට අනුව සංශෝධනය බලාත්මක වන දින සිට නොව කැබිනට් තීන්දුව ගත් දවස දක්වා බලපැවැත්වෙන පරිදි දේපළ වෙන්දේසිය අත්හිටුවීමට වඩා සුදුසු යැයි අපි යෝජනා කරනවා.
පරාටේ නිතිය පිළිබඳ වෙන්දේසි කිරිමට නියමිත වත්කම් පිළිබඳ නිසි හා විදිමත් කත්සේරුවක් කළ ඒවා යළි ප්‍රතිව්‍යුහගත කිරිමට වැඩපිළිවෙලක් අවශ්‍ය බව අපි යෝජනා කරනවා.
දෙසැම්බර් 15 න් පසු කුමක්ද වැඩපිළිවෙල. අන්තර්වාරන කාලය තුළ වැඩපිළිවෙළක් නැතිනම් ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයන්ට නැගිසිටින්න ප්‍රග්ධන ශක්තියක් ලබාදෙන්න අපි නැවත මුල් තැනට එනවා ඒ පිළිබඳව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයි.
දැනට බැංකු වලට අය විය යුතු ණය පිළිබඳව ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියක් සිදුකරන්නේද එසේ නොකරන්නේ නම් ලබාගත් ණය වලින් කොටසක් හෝ
කපාහැරිම පිළිබඳව අනිවාර්යෙන් අවධානය යොමු කළ යුතුයි.
ණය හිමියන් ව්‍යාපාර ව්‍යවසාය සංවර්ධන නිෂ්පාදන සේවා ක්‍රියාවලියට එකතු කරන අලුත් සහන පැකේජයක් අවශ්‍යයි.
අපි සංශෝධන 7 ක් ඉදිරිපත් කරනවා.
1 සංශෝධනය
මෙම පනත යටතේ පරාටේ නීතිය ක්‍රියාත්මක වීම පනත ක්‍රියාත්මක වීම 2026.12.15 තෙක් අත්හිටුවන්න කියලා අපි සංශෝධනය කරනවා. කර්මාන්තකරුවන්ට නැගිටින්න සාධාරණ කාලපරාසයක් ලබාදිය යුතුයි.
2 සංශෝධනය
දැනට මිලියන 5 ක් ලෙස සදහන්ව ඇති පරාටේ නිතිය මිලියන 20 ට අඩු ණය මුදල් සම්බන්ධයෙන් පරාටේ නිතිය ක්‍රියාත්මක වීමේ ඉඩලබානොදීමේ සංශෝධය.
3 සංශෝධනය
ආරම්භක ලංසුවක් නියම කිරිම අනිවාර්ය කිරිම සහ
ආරම්භක ලංසුවකට වඩා අඩු මුදලකට වෙනත් පුද්ගලයෙකුට හෝ බැංකුවකට උකස් දේපළ මිලදී ගැනිම තහම් කළ යුතුයි.
4 සංශෝධනය
උකස් නිතිය පරාටේ නිතිය යටතේ විකිණීමෙන් පසු බැංකුවට අයවිය යුතු මුදල අය කරගැනිමේන් පසු ඉතිරි වන මුදල දින තුනක කාලයක් තුළ ණයකරුට ලබාදිමට නියම කිරිම
5 සංශෝධනය
මුල් ණය මුදල රුපියල් මිලියන 100 අඩු අවස්ථාවකදි පරාටේ ක්‍රියාවලියේදී බැංකුවටල අය විය යුතු මුදල වශයෙන් මුල් ණය මුදලේ ගෙවිමට ඇති ණය ප්‍රමාණය සහ ඒ මත එකතු වී ඇති පොලියෙන් සියයට 75 අය කරගැනිමට බැංකුවට ඉඩ ලබාදිය යුතුයි.
6 සංශෝධනය
මුල් පනතේ 19 වැනි වගන්තිය කපා හැරිම 18 වන වගන්තියට අදාල වන්නේ මුල් ලංසුවට වඩා අඩු මුදලට දේපළ මිලදී ගන්නා අවස්ථාවේදීය. 11 වගන්තිය ගෙන එන සංශෝධනය මගින් 19 වගන්තිය කපා හැරිම.
7 සංශෝධනය
1990 අංක 4 දරණ බැංකු මගින් ප්‍රධානය කරන ණය අය කර ගැනිමේ පනතේ 22 වගන්තිය මුල් ලංසුවට සම්බන්ධ නව අර්ථකතනයක් ඇතුළත් කිරිම ඊට හේතුම මුල් ලංසුව
තිරණය කිරිමේ ස්වාධින තක්සේරු කරුවෙකු මගින් දේපළ තක්සේරු කලයුතු බව තිරණය කිරිම.
සංශෝධන සහිතව පනත සංශෝධනවීමෙන් තමයි පුර්ණ සතුටක් ලබාගන්න පුලුවන් වෙන්නේ. සංශෝධන රහිතව ක්‍රියාත්මක වීම අසම්පුර්ණ ක්‍රියාවලියක්. එසේ නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා.ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයන් වෙනුවන් පෙනි සිටින්න අපිට ශක්තිය ලැබුණා.
කන්ෆියුසිස් කියනවා ි ‘‘It does not matter how slowly you go as long as you do not stop.‘‘
නොනවතින ගමනක නිරත වෙන්න ඕන. ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයන් වෙනුවන් නොනවතින හඩක් ගමන් අපි ක්‍රියාත්මක කළා. ගමන අත්නොහැර ඉදිරියට යනතාක් ඔබගේ ගමන මන්දගාමීද යන්න වැදගත් වන්නේ නෑ.
Benjamin Disraeli කියලා තිබෙනවාි‘‘Through perseverance many people win success out of what seemed destined to be certain failure.‘‘
නොපසුබස්නා උත්සාහය තුළ බොහෝ පුද්ගලයෝ ආරම්භයේදී අනිවාර්ය පරාජයකින් අවසන් වනු ඇති යැයි
පෙනි ගිය අවස්ථාවන් පවා ජයග්‍රහනයෙන් අවසන් කළ අවස්ථා තිබෙනවා.
Abraham Lincoln කියනවා ‘I am a slow walker, but I never walk back.‘‘ මම සෙමෙන් ගමන් කරත් මම ආපස්සට ගමන් කරන්නේ නෑ.
මේ වදන් තුළින් අපි සතුට දැඩි අධිෂ්ඨානයක් ඇතිවුණා මේ රටේ දළ දේශීය නිෂ්පාදනයට සියයට 50 ක් 55 ක් දායකත්වයක් ලබාදෙන රටේ ව්‍යවසායකයින්ලේ සියයට 75 ක් වන ලක්ෂ 45 කට රැකියා ලබාදෙන ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාන කර්මාන්තකරුවන් වෙනුවන් අපි ආඩම්බර වෙනවා සමගි ජනබලවේගය සමගි ජන සන්ධානය දිවි හිමියෙන් පෙනී සිටියා.
මහෙන්ද්‍ර පෙරේරා මැතිතුමා, සුසන්ත ලියනාඅරච්චි මැතිතුමා, ටානියා අබේසුන්දර මැතිතුමා , රඝවන් මැතිතුමා විශේෂයෙන් මතක් කරනවා.
ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාන කර්මාන්තකරුවන්ගේ සංගමය පසුගියදා නිර්මාණය කළා එම සංගමයේ සභාපති ඇතුළු නිලධාරින් විදේශිය ආයෝජකයන් , ධානපතියන් සම්බන්ධ කරගෙන ආයතන වලට අවශ්‍ය මුල්‍ය ශක්තිය දෙන්න එම සංගමය කටයුතු කරනවා. ඔවුන් දරන උත්සාහයට රජය මැදිහත් වෙලා , අපේ හඩට සවන් දිම ගැන රජයට ස්තුතිවන්ත වෙනවා , කරුණාකරලා සංශෝධන 7 එකඟවෙලා අංගසම්පුර්ණ පවතක් බවට පත් කරනවා පමණක් නෙවෙයි මේ ව්‍යවසායකයන්ට නැගි සිටින්න අවස්ථාවක් ලබාදෙන්න. මේ ව්‍යවසායකයන් රැක ගන්නාවා වගේම අපේ රජයක් තුළ නව ප්‍රතිපත්තියක් ලෙස ලක්ෂ 10 ක් නව ව්‍යවසායක් බිහිකරන වැඩසටහනට අපි ප්‍රවේශ වෙනවා.