• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ කුණුවෙලා තියෙන කලා ක්ෂේත්‍රය ගැන ටෙලිවිෂන් නාලිකාවකට ඇවිත් රොයිස්ටර් විනාඩි 3න් කියලා දායි! මේක අහන්නම ඕනේ විනාඩි 3ක්! VIDEO I Sri Lanka Latest News

May 7, 2024
in Exclusive
Reading Time: 8 mins read
A A
Share on WhatsAppShare on Facebook

ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ පවතින අසමගිය සම්බන්ධයෙන් ගායන ශිල්පී රවී රොයිස්ටර් ස්වාධීන රූපවාහිනී සේවය මගින් විකාශය වන චැට් ඇන්ඩ් මියුසික් වැඩසටහනේදී අදහස් පළකර සිටියා. (Sri Lanka Latest News)

‘රවී රොයිස්ටර්’ කියන්නේ ඕනෑම තාලෙකට සින්දුවක් කියන්න පුළුවන් අමුතුම ජාතියේ සින්දුකාරයෙක්. ඔහුගේ තනු නිර්මාණ සහ සංගීතයත් එහෙමයි. ඒකත් අමුතුම කලාවක එකක්. තවත් විදියකට කියනවා නම් මහා ලොකු විශාරද පට්ටම් නැතිව ගියාට ප්‍රබුද්ධ – පීචං කියලා අපේම ප්‍රබුද්ධයන් මහාචාර්යවරුන් කියන පිරිස දෙකොටසකට බෙදපු ඒ පිල් දෙකේම ඉඳගෙන වුණත් ඔහුට ලස්සනට සින්දු කියන්න පුළුවන්.
‘පස්ස පස්ස’ බයිලා සින්දුව සහ ‘හමාර බණවර’ කලාත්මක සින්දුව තමයි ඒකට දෙන්න පුළුවන් සරලම නිදසුන. 

මොන විදියට කොයි දේ කිව්වත් රවී රොයිස්ටර් අද ප්‍රසංග වේදිකාවේ හොඳ ඩිමාන්ඩ් එකක් තියෙන ජනප්‍රියම තරුවක්. දසදහස් ගණන්වල ටිකට් විකුණගන්න මියුසිකල් ෂෝ සංවිධාන කරන විවිධ පිරිස් ඒ වෙනුවෙන් රවී රොයිස්ටර්ගේ නම උකසට තියන්නේ අමුතු තාලෙට ඇන්ද පැලැන්ද ඔහුගේ රුව කටවුට් එකේ ලොකුවට ප්‍රදර්ශනය කරමිනුයි. තරුවක් විදියට එහෙම තරුණ තරුණියන් අතර රැල්ලක් වෙච්ච, සෝෂල් මීඩියාවල නිතරම කතාබහට ලක්වෙන මේ තරුණ ගායකයා සහ සංගීතඥයා පසුගිය දිනවල නැවත නැවත අලුතෙන් ෆේමස් වෙන්න ගත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුමගේ අකල් මරණයත් සමගයි. ඉරේෂා හේමමාලි නම් ගීත රචිකාව අගේට වචන ගළපලා හැදූ රොයිස්ටර් හිතට දැනෙන තාලයට ගැයූ ‘හමාර බණවර’ ගීතය තෙවරප්පෙරුමගේ ආත්මීය දොළදුක අනුව ඔහුම වෙනස් කර හිතූ මනාපයට හදපු පද රචනය ඔස්සේ ගයන්නට තරම් රොයිස්ටර්ගේ මනුස්සකම කවුරුත් හිතුවට වැඩිය ඉස්මතු විය. ඉරේෂා හේමමාලිත් සිය අයිතිය ගැන ලොකුවට කතා නොකළ නිසාම ඔහු එය තෙවරප්පෙරුමගේ අවසන් ගමන වෙනුවෙන් ගායනා කළේ මනා සංයමයකිනි. නොසිතූ ලෙස මුහුණු පොතේද අනෙකුත් සෝෂල් මීඩියාවලද හැම තනකම රොයිස්ටර්ගේ ඒ සද්ක්‍රියාව වෙනුවෙන් නියම හුරේ පාරක් මෙන්ම සැලියුට් එකක්ද ලැබිණි. හැමෝම වාගේ ඒ ගැන කතා කළේ ලොකු සතුටකින් මෙන්ම ගෞරවයකින්ය. තවමත් ඒ ගැන සංවේදී කතා මුහුණු පොතේ පළවේ.

ඒ සංවේදී කතාවල උණුහුම මැකී යන්නටත් පළමුව රවී රොයිස්ටර් ගැන දුක හිතෙන කතාවක් ඊයේ පෙරේදාවක අහන්නට ලැබුණේ හිටිහැටියේමය.
‘රවී රොයිස්ටර් ගැන ඔහුගේ රසිකයන්ට දුක්බර ආරංචියක්….’

සෝෂල් මීඩියාවල පළවූ රොයිස්ටර් ගැන කතන්දරයේ සිරස්තලය වූයේ එලෙසය. එහි පාමුල සටහනෙහි වූයේ මෙවැනි විස්තරයකි.
‘රවී රොයිස්ටර් හිටි හැටියේ රට හැර යෑමට තීරණය කරයි. ඔහුගේ ඒ හදිසි තීරණයට හේතුව වී ඇත්තේ සංගීත ක්ෂේත්‍රය ගැන ඔහු තුළ වූ දැඩි කලකිරීමය.
එක වතාවක් හෝ දෙවතාවක් නොව කිහිප වතාවක්ම ඔහුගේ හිත බිඳීයන ආකාරයේ සිදුවීම් නිසා ඔහු මෙම හදිසි තීරණය ගත් බව කියැවිණි.
ඇත්තටම රවී රොයිස්ටර් සදහටම ලංකාව හැර යනවාද? ඒ කතාව ඇත්තක්ද?

ඔව්, ඒ කතාව සම්පූර්ණ සත්‍යයකි.
එතකොට ලෝකයේ ප්‍රසිද්ධ සංගීත සන්නාමයක් වන Think Music India එක්ක එකතු වෙලා තමන්ගේ පළමු දෙමළ සින්දුව එළිදක්වන්න තරම් භාග්‍යවන්ත වූ මේ තරුණ ගායකයාව හිටි අඩියේම ලංකාවට අහිමි වෙන්නයි යන්නේ. ඒකට හේතුව මොකක්ද?
හේතුව විදියට රොයිස්ටර් පහදා දී අත්තේ ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ හැමදාමත් කියන කැපිලි කෙටිලි, බොරුව සහ කුහකකම්ය. ඒ ගැන ඔහු සිය මුහුණු පොත මත තරමක් දිගු සටහනක් මුදාහැර තිබිණි.

‘මේ ගතවෙන්නේ මගේ ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ අවසන් මාස කීපයයි. මන්දයත් මා ඉගෙනගත් අවංක විෂය මේ ක්ෂේත්‍රයේ නොමැති නිසාවෙනි. කලාව යනු කුහකත්වයවත්, ඊර්ෂ්‍යාවවත්, අනෙකාව කෙටවීමවත් නොවෙයි. කලාව යනු ආදරයයි. ඒ ආදරයට මිලක් නියම කළ නොහැකිය.
තවත් කියන්න ඇති දේ එමටය. මගේ අවසන් ගීත කිහිපය ඉදිරි මාස දෙක තුළදී නිකුත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටිමි. මම කාගේවත් ගීතයක් විකුණාගෙන කෑවේ නැත.විකුණාගෙන කන්න තරම් මට අහේනියක් ද නැත. අලුත් රටක අලුත් සංගීතයකින් නැවත හමුවෙමු… ස්තුතියි. මගේ රටට ආදරෙයි…’

ඉහත සඳහන් කළේ රොයිස්ටර් තැබූ දිගු සටහනෙන් උපුටා ගත් කොටසකි.
ඇත්තෙන්ම රොයිස්ටර්ට සිදුවූ අසාධාරණය පැහැදිලිවම කියනවා නම් මොකක්ද?
කිසිවක් ඔහු මේ යැයි කෙළින් ඇඟිල්ල දිගුකර පෙන්වා දී නැත. කියන්නේද නැත. නමුත් ඔහු වහෙන් ඔරෝ තාලෙට පවසා තිබෙන චෝදනාවල ඇත්තේ මෙවැනි අදහස්ය.

ගායකයන් සහ සංගීත ශිල්පීන් පිල් බෙදී ඇත. එහි උස් පහත් භේදයන් ප්‍රකටය.
එකෙක් අනුන් කොටවයි. තවකෙක් තමා සමග සිටින සමකාලීනයකුගේ වැරැදි තවත් අයකු සමග පවසයි.
යම් ස්වතන්ත්‍ර නිර්මාණයන්ට එරෙහිව, ‘ඕවත් සින්දුද? මොනවද ඒ අන්ඩර දෙමළ? ඕවා කියලා එයා කොහොමද අච්චර ලොකු ගානක් ගන්නේ? එහෙම නම් අපි සහ අහවල් අය කොහොම ගණන් හිලව් කතා කරන්න ඕනෙද?’

‘දැක්කා නේද අරූ අහවල් සින්දුව විකුණගෙන කන ආට් එක? මුන් ගායකයොද බං…?’


රවී රොයිස්ටර්ගේ වේදනාත්මක ප්‍රකාශයට ඇතුළත්ව තිබුණේ තම සිත කීරිගැස්වූ එකී අදහස් ඇතුළත් ආත්මීය අඳෝනාවකි.
‘මම කාගෙවත් ගීත විකුණගෙන කෑවේ නැහැ. එහෙම විකුණගෙන කන්න තරම් අහේනියකුත් මට නැහැ…’
ඔහු තම ශෝකවත් සටහන අවසන් කොට තිබුණේ එලෙසින්ය.

වහෙන් ඔරෝ තාලෙට කියා තිබුණාට ‘ඔහෙන් වරෝ’ විදියට පෙරළා බැලුවෝතින් ඔහු දක්වා තිබූ සටහන තුළ වූ සමහර චෝදනා එල්ලවී තිබුණේ ඔහුටම වන්නට ඇත. ඔහු කී ලෙසම ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රය හෝ සංගීත ක්ෂේත්‍රය තුළ කල්ලිවාදය, පිල් බෙදීම, කෙටවීම, ගැරහීම සහ පහරගැසීමද තිබුණේ අද ඊයෙක නෙමේය. උසස්ය යන ප්‍රභූ පන්තිය විසින් ප්‍රබුද්ධ – පීචං යන පැති දෙකට ගායක ගායිකාවන්ව සංගීත ශිල්පීන්ව බෙදන්නට ගත්ත දා ඉඳන්ම එය ඕනෑවටත් වඩා සිදුවන්නට විය. දේශපාලනයට කලා ශිල්පීන් අලෙවි වන්නට ගත්ත දා සිට එය තව තවත් ඕනෑවටත් වඩා වැඩියෙන් සිදුවෙමින් තිබෙන්නේය.
දේශපාලනය සහ ප්‍රබුද්ධ – පීචං පිල් බෙදීම මෙයට අදාළයිද?

සම්පූර්ණයෙන් ඒ කරුණු කාරණාවන් මෙතැනට අදාළය.
ශ්‍රී ලාංකේය කලාකරුවන් හෝගාන ක්‍රමයට රට හැරයන්නේ ඒකය.
විශේෂයෙන්ම දේශපාලන පක්ෂවලට අලෙවි වීමත් සමගම කලාකරුවන් රූකඩ බවට පත්විය. ඔවුන්ට තත්ත්වයක් නැති විය. අභිමානය යකාට ගියේය. මහාපරිමාණයේ කලාකරුවන් තමන් මනාප දේශපාලන මතයට විරුද්ධ වන ප්‍රවීණ මෙන්ම නවක කලාකරුවන්ටද පහර ගැසුවෝය. යන එන මං නැතිකර දැමුවෝය. එතැන සිනමාව, ටෙලි කලාව, වේදිකාව, සංගීතය යන සියලු ඉසව්වන් කළවමට තිබිණි. පහරකෑමට සහ කැපිල්ලට හසුවූ එවැනි බොහෝ කලා ශිල්පීහු දැඩි කලකිරීමකට බඳුන්ව සිටියහ. තම තමන්ට විනකටින කලාකරුවන්ට විතරක් නොව ලංකාව ඒ හැමෝටම එපාවිය. රට හැර යෑමේ කලාවට කලාකරුවන් යොමුවූයේ එතැන් සිටය.

බලාගෙන ගියාම රොයිස්ටර්ගේ කලකිරීම සහ තීරණය සාධාරණය. ඒ සාධාරණ තීරණයටද පහර ගහන අවලාද නගන අපහාස කරන අමනයන්ද වේ. එකී අමනයන් කියන්නේ ඉන්දියාව වැනි රටවලට තම ගීත වැඩි මිලට විකුණා ගැනීමේ ප්‍රයත්නයකට මුවාවී රවී රොයිස්ටර්ලා වැන්නවුන් එය වසං කිරීමේ මුවාවෙන් බයිලා කතා කියන බවය. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශද ප්‍රසිද්ධියේ එහෙම කියා තිබිණි.
‘රවී රොයිස්ටරුත්, යොහානි වාගෙම තමන්ගේ නිර්මාණ කෝටි ගානකට ඉන්දියාවට විකුණන්න යන්නේ. ඇත්ත වසං කරලා එයා රටෙන් පනින්න යන්නේ. බොරු බොරු බයිලා ගහලා…’

විමල් ප්‍රසිද්ධියේම තමාට අයිති නැති කතාවක් එහෙම කීවේය. ඒකට යොහානි දිලෝකා ද සිල්වාවත් ඈඳාගත්තේය. සෝෂල් මීඩියාවල ඒ වීඩියෝව සංසරණය වන විට එයට සමගාමීව සටහන් වූ කමෙන්ට්වල වැඩිපුරම වූයේ,‘තමන්ගේ රටේ තැනක් නොලැබෙනවා නම් ඒ නිර්මාණවලට වටිනාකමක් දෙන රටකට ඒක විකුණන එක වරදක් නොවේ’ය යන අදහසය.

ඒ කාරණාව සහතික ඇත්තය. මෙරට කොටි ත්‍රස්තවාදීන්ගෙන් මුදාගත් යුද වීරයකුගේ දියණියක වූ යොහානිට හෝ ඇගේ නිර්මාණවලට ලංකාවේ කිසිම තැනක් ලැබුණේ නැත. ඈ සමග සින්දුවක් කියන්නටවත් බටහිර තාලයට සින්දු කී ලංකාවේ එකම එක ගායකයකුවත් මුලින් කැමැති වූයේ නැත. ලංකාවේ රසිකයන්ද යොහානිව මායිම් කළේ නැත. නමුත් අසල්වැසි ඉන්දියාවේ ප්‍රසිද්ධ නගරවල යොහානි වෙනුවෙන් අහස උසට වේදිකි තැනිණි. සුපිරි තරු ඇයව බදා වැලඳගත්තේය. ඉතින් යොහානි තම ගීත නිර්මාණ ඉන්දියාවට විකුණා දැමීම විමල් වීරවංශ කී ලෙස අපරාධයක් වන්නේ කොහොමද?
රොයිස්ටර්ටද සිදුවූයේ ඊට සමාන දෙයකි. ඔහුට ප්‍රේක්ෂකයන් දහස් ගණන් සිටියද සංගීත ක්ෂේත්‍රය තුළ ඔහුට කැපිලි තිබිණි. ඔහුව පිල්වලට බෙදිණි. උපන් රටේ එහෙම වෙනකොට අල්ලපු රටෙන් ඔහුට ලොකු ප්‍රසිද්ධියක් ලැබිණි. ඔහුගේ නම ජාත්‍යන්තරයට ගෙන යෑමට ඔවුහු අඩිතාලම දුන්හ. ඒ නිසා එතැනද වරදක් නැත.

වරද ඇත්තේ මේ රටේය. මේ රටේ මිනිසුන්ගේය. ඒ මිනිසුන් අතර දේශපාලුවන්ද, පන්ති පරතරය සහ පිල් බෙදන්නන්ද, ප්‍රබුද්ධ සහ පීචං කියන ලේබල් ගසන්නන්ද එමටය. ඉතින් රවී රොයිස්ටර් වැනි රටට අවශ්‍ය ජනප්‍රිය ගායකයන් මේ රට හැරයන එක නවත්වන්න පුළුවන්ද?

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

විපක්ෂනායක සජිත් අද පරාටේ නීතියට සංශෝධන 7ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි! 2026 දෙසැම්බර් තෙක් අත්හිටුවන්න කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

සජබෙන් පාර්ලිමේන්තුවට ඇවිත් ආණ්ඩුවට සහාය දෙන ෆවුසිගෙ පුතා මිනිහෙක්ට ගහලා පොලිසිය අත්අඩංගුවට ගෙන මුදාහැරලා! Sri Lanka Latest News

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.