• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් ඩයනාව පක්ෂෙන් පන්නන ලියුම යවයි

November 16, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
සජිත් ඩයනාව පක්ෂෙන් පන්නන ලියුම යවයි
Share on WhatsAppShare on Facebook

ඩයනා ගමගේ මහත්මියගේ සමගි ජන බලවේගයේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරමින් පක්ෂ සභාපති සජිත් ප්‍රේමදාස මහතා විසින් ලිපියක් යවා තිබේ.

පක්ෂ තීන්දුවට පිටින් යමින් 20 වන සංශෝධනයට පක්ෂව ජන්දය ප්‍රකාශ කිරීම ඇතුළු කරුණු ගණනාවක් එම ලිපියට ඇතුළත් කිරීමට ප්‍රේමදාස මහතා පියවර ගෙන ඇත.

එම සම්පූර්ණ ලිපිය මෙසේය.

ඩයනා ගමගේ මහත්මිය (පා.ම),
නො 537/21,
“කන්ට්‍රි ග්ලේඩ් බංගලාව”,
අමරගොඩ පාර,
පොතුඅරාව,
හෝකන්දර උතුර.
2020.11.12.
මහත්මියණි,
සමගි ජන බලවේගය ව්‍යවස්ථාවේ 15 I ( ඇ) වගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව සමගි ජන බලවේගය පක්‍ෂ සාමාජිකත්වය තහනම් කිරීම.
ප්‍රජාතන්ත්‍රවාදය සුරක්‍ෂිත කිරීම සඳහාත්, ඒකාධිපතිවාදය පරාජය කිරීම සඳහාත්, පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වු 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරමින් එකී පනත් කෙටුම්පත පරාජය කිරීම සඳහා කටයුතු කිරීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ සන්ධානගත සියළු පක්ෂවල මන්ත්‍රි කණ්ඩායම විසින් 20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කිරීමට ඒකමතිකව තීරණය කරන ලදි. ඒ අනුව එකී ඒකමතික තීරණය ප්‍රකාරව කටයුතු කරන ලෙසට විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක තුමා විසින් “ත්‍රිත්ව ඉරි විධානයක්” ද නිකුත් කිරීමට කටයුතු කරන ලදි.
එහෙත් 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළව පාර්ලිමේන්තුවේ දෙවනවර හා තෙවනවර ඡන්දය විමසන අවස්ථාවේදී, සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ එකී ඒකමතික තීරණයද, ඒ අනුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් නිකුත් කරන ලද ත්‍රිත්ව ඉරි විධානයද උල්ලංඝණය කරමින් සහ/හෝ ඊට අකීකරුව සහ/හෝ ඒවාට අවනත නොවී 20 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඔබ විසින් කටයුතු කිරීම හේතුවෙන් ඉතා පහසුවෙන් ආණ්ඩු පක්ෂයට විනාශකාරී 20 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට හැකි විය. ඒ අනුව ඔබ විසින් 20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විසින් ගන්නා තීරණය ද, ඒ අනුව කටයුතු කරන ලෙසට විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් දෙන ලද එකී විධානයන්ට ද එරෙහිව සහ/හෝ අවනත නොවී සහ/හෝ ඒවා උල්ලංඝණය කරමින් බරපතල ලෙස පක්ෂයේ විනය කඩකිරීමක් සිදු කොට ඇත.
ඒ අනුව සමගි ජන බලවේගය පක්‍ෂයේ කීර්ති නාමය හෝ යහපැවැත්ම හා උන්නතිය තකා ඔබගේ පක්‍ෂ සාමාජිකත්වය තහනම් කිරීමට අවශ්‍ය බව මා තීරණය කළ අතර, ඒ අනුව ඔබගේ සමගි ජන බලවේගය පක්‍ෂයේ සාමාජිකත්වය සමගි ජන බලවේගය පක්‍ෂ ව්‍යවස්ථාවේ 15 I (ඇ) වගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව වහාම තහනම් කරන බව මෙයින් දැනුම් දෙමි.
15 I (ඇ) – පක්‍ෂයේ කීර්ති නාමයට හෝ යහපැවැත්මට හා උන්නතිය තකා අවශ්‍ය නම් සාමාජිකයෙකුගේ සාමාජිකත්වය තහනම් කිරීමටත්, සංවිධානයක් නම් එහි වැඩකටයුතු තහනම් කිරීමටත් පක්ෂයේ සභාපතිවරයාට බලය ඇත.
තවද එකී ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව මා විසින් ඔබගේ පක්‍ෂ සාමාජිකත්වය තහනම් කිරීම පිළිබඳව මධ්‍යම කාරක සභාවට වාර්තා කරන බවත්, එසේ වාර්තා කළ පසු එකී ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව මධ්‍යම කාරක සභාව විසින් අදාළ විනය කටයුතු ආරම්භ කරනු ඇති බවත්, ඔබට වැඩිදුරටත් දැනුම් දෙමි.
මෙයට ,

සජිත් ප්‍රේමදාස (පා.ම),
විපක්ෂ නායක,
සමගි ජන බලවේගය සභාපති.

SendShareShare
Previous Post

CID ටීම් එකම මාරු කළේ ඉඩම් ගනුදෙනුවක් හොයපු නිසාද? (CID SPECIAL)

Next Post

කල්ලාරු කැලේ කැපුවට රිෂාඩ් වැරදිකරු වෙයි: හිරේ නොයයි: ගස් වවන්න වෙයි

MORE NEWS

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…
Exclusive

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?
Exclusive

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

Load More
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

දැන් ජනාධිපති අරමුදලේ මුදල් වියදම් වෙන්නේ මෙහෙමයි..! පා.ම. චාමර සම්පත් දසනායක Sri Lanka Latest News

Read more
මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.