ඇල්පිටිය ප‍්‍රාදේශිය සභාවේ ඡන්ද විමසීම ඔක්තෝම්බර් මස 11 වැනි සිකුරාදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. එම ප‍්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම සිදුකරන දිනය ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය ගාල්ල තේරීම් බාර නිලධාරිවරයා විසින් ඊයේ (02) රාත්‍රීයේ නිකුත් කර තිබිණි.