ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් කරගෙන සිටි පරිදි පළාත් සභා මැතිවරණය පැවැත්වීම හෝ කුරුණෑගල සාලින්ද දිසානායක මහතාගෙන් හිස්වූ පාර්ලිමේන්තු අසුන ශ්‍රීලනිපයට ලබා ගැනීම යන දෙකම මේ වනවිට අසාර්ථක වී තිබේ.
මීට පෙර ජනාධිපතිවරයා, ජනාධිපතිවරණයට පෙර පළාත් සභා ජන්දය පැවැත්විය හැකිද යනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා සිටි අතර මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත්තේ පළාත් සභා මැතිවරණය අලුත්ක්‍රමයට හෝ පැරණි ක්‍රමයට හෝ පැවැත්වීමේ බලයක් ජනාධිපතිවරයාට නැති බවය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් ඒ බව ඒකමතිකව තීන්දු කර ඇතැයි ජනාධිපති කාර්යාලය අද (02) නිවේදනය කර සිටියේය.
මීට අමතරව සාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් හිස්වූ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය පොහොට්ටුවට යා නොදී ශ්‍රීලනිපයට ලබා ගැනීමට ජනාධිපතිවරයා ගෙන ගිය වැඩපිළිවෙළද මේ වනවිට අසාර්ථක වී ඇති බව දැනගන්නට ඇත.
එහිදී සාලින්දට පසු වැඩිම මනාප ගත් පුද්ගලයා ශාන්ත බණ්ඩාර වුවද හෙතෙම ඒ වනවිටත් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවේ සිටින නිසා ඊළගට මනාප ලයිස්තුවේ සිටියේ ඩී.බී.හේරත්ය. නමුත් හේරත් පොහොට්ටුවට සම්බන්ධ වී සිටිිි නිසා හේරත් පාර්ලිමේන්තුවට ඒම වැළැක්වීමට ජනාධිපතිවරයා කළේ ශාන්ත බණ්ඩාරට පාර්ලිමේන්තුවෙන් ඉවත් වී කුරුණෑගල ලයිස්තුවෙන් යළි පාර්ලිමේන්තු එන ලෙස දැනුම් දීමය.
නමුත් මේ වනවිට නීතිපතිවරයා උපදෙස් දී ඇත්තේ එම මන්ත්‍රි ධුරය දිස්ත්‍රික් ලේකම්වරයා විසින් නීත්‍යනුකූලව පිරවිය යුතු බවකි. ඒ අනුුුව බොහෝදුරට එම ආසනය ඩී.බී. හේරත් වෙත හිමිවනු ඇති බව දැනගන්නට තිබේ.