පසුගිය කාලවකවානුවේ ආණ්ඩුව සිදුකළ වැඩ සම්බන්ධයෙන් සහ ඉදිරියේදී සිදුකිරීමට නියමිත ව්‍යාපෘති සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් මුළු රටම ආවරණය වන පරිදි දැවැන්ත ප්රචාරක ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ආණ්ඩුව සැලසුම් කර තිබේ. Sri Lanka Latest News
පසුගිය සතියේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජවිපෙ සහ මාලිමා නියෝජිතයන් අතර පැවැති සාකච්ඡාවකදී මෙම තීන්දුව ගෙන ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව, දිස්ත්‍රික් මට්ටමින් දැවැන්ත දේශපාලන රැලි සංවිධාන කිරීමත්, නිවසක් නිවසක් පාසා යමින් ආණ්ඩුවේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමටත් තීන්දු වී ඇති බව පැවැසේ.
එහිදී දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වෙන දේශපාලන රැලි සඳහා ජනාධිපතිවරයා මෙන්ම ජවිපෙ සහ මාලිමාවේ ප්‍රධානීන් සහභාගි වීමට නියමිතව ඇති බවද වාර්තා වේ.
එමෙන්ම මාස දෙක තුනක කාලයක් අඛණ්ඩව මෙම ප්රචාරක වැඩපිළිවෙළ රට පුරා දියත් කිරීමටද ආණ්ඩුව තීන්දු කොට ඇති බවක් දැනගන්නට ඇත.










