තමන් කිසිදු විටෙක පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබද සොයා බලන පාර්ලිෙමේන්තු තේරීම් කාරක සභාව හමුවට නොයන බවට මුලින් ප්‍රසිද්ධ ප්‍රකාශ නිකුත් කළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ වනවිට එය හමුවට පැමිණ සාක්ෂි ලබා දීමට කැමැත්ත පළ කොට ඇත.
ඒ අනුව ඉදිරියේ දී පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් ජනාධිපතිවරයා හමුවීමට නියමිතය.
ජනාධිපතිවරයා දැනුම් දෙන දිනයකදී ජනාධිපති ලේකම් කාර්යාලයේ දි එම හමුව පැවැත්විමට මේ වනවිට කටයුතු යොදා ඇත.