• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

උතුරෙ අහස යට රහසෙම දැල්වුණ ඉල් මහ පහනක් තිබුණා හැංගුණ

December 8, 2019
in News, Politics, Uncategorized
Reading Time: 8 mins read
A A
උතුරෙ අහස යට රහසෙම දැල්වුණ ඉල් මහ පහනක් තිබුණා හැංගුණ
Share on WhatsAppShare on Facebook

යුධ සමයේ උඳුවප් සීතල මකා දමමින් උතුරත් දකුණත් එක ලෙස උණුසුම් ලෙයින් තෙත් කිරීමට එල්.ටී.ටී.ඊ. සංවිධානය කටයුතු කරන්නේ නොවැම්බර් 21 වැනිදා සිට 27 වැනිදා අතර කාලය තුළදීය. නොවැම්බර් මාසය එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මහවිරුවන් සමරන මාසයයි. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායක ප්‍රභාකරන්ගේ උපන්දිනය යෙදෙන්නේ නොවැම්බර් 26 වැනිදාට. ප්‍රභාකරන්ගේ උපන්දිනයදා එවක ප්‍රභාකරන් උපන් දින කේක් කපන්නේ දකුණේ ජනතාව සිය දහස් ගණනගේ ජීවිත බිලි ගනිමිනි. සිය නායකයාගේ උපන්දිනය වෙනුවෙන් දකුණේ සිංහල ජනතාවගේ දුක් අඳෝනාව සුභ පැතුම් ගීතයක් ලෙස ප්‍රභාකරන්ට ත්‍යාග කිරීමට එවක එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් කටයුතු කරනු ලැබුවේ මහවිරු සැමරුම හා ප්‍රභාකරන්ගේ උපන්දිනය එකම කාලයක සැමරීම සිදුකළ බැවිනි. ඊළාම් සිහිනය කරපින්නාගෙන සිටි කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දිනය හා කොටි සංවිධානයේ පළමු සාමාජිකයා මියගිය දිනයත් සමරා කොටි සංවිධානය මහවිරු සතිය නොවැම්බර් 21 වැනිදා සිට 27 වැනිදා දක්වා සැමරීම කොටි සංවිධානයේ එකල සිරිත විණ. 1982 වසරේ නොවැම්බර් 27 වැනිදා ජීවිතක්ෂයට පත්වූ ලුතිනන් සංකර් නමැති එල්.ටී.ටී.ඊ. සාමාජිකයා මියයෑම සිහි කරමින් 1989 වසරේ නොවැම්බර් 27 වැනිදා සැමරුම් වැඩසටහනක් පවත්වමින් මහවිරු සැමරීම ආරම්භ කොට තිබිණ.
1989 නොවැම්බර් 27 වැනිදා මුලතිව් නිත්තකේයිකුලම ප්‍රදේශයේදී පළමු මහවිරු සැමරුම එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ බව එවක ඉතිහාසය දන්නා දෙමළ ජනතාව පවසති.

නොවැම්බර් 27 වැනිදා සවස කොටි සංවිධානයේ සිට මිය ගිය තම ඥාතීන් සිහිකරමින් ඔවුන්ගේ මාපියන් ඥාතීහු එදා ඉදිකරන ලද මහවිරු සොහොන් සමීපයේ හිඳ එදින රාත්‍රිය වනතුර හඬාවැළපෙන අතරතුර කොටි නායකයා එම ජනතාව අමතමින් කියා සිටියේ ලබන වසරේ මහවිරු දිනය වන විට ඊළාම් දේශයක් ගොඩ නඟන බවකි.
එකල කිලිනොච්චිය කනකපුරම්, මුලතිව් මුල්ලියාවලෙයි, වවුනියාව ඊච්චන්කුලම, යාපනය කෝපායි, මන්නාරම වෙඩිතලතිව් ආදි ප්‍රධාන මහවිරු සොහොන් කේන්ද්‍ර කර ගනිමින් එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙනුවෙන් මියගිය පිරිස් සැමරීමට දෙමළ ජනතාව කටයුතු කරනු ලැබීය.
නොවැම්බර් 27 වැනිදාට මහවිරු සොහොන් වෙත පැමිණෙන ජනතාව වෙනුවෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සංගීත ඒකකය සකස් කළ මහවිරු ගීත ප්‍රචාරය කරනු ලබයි. නොවැම්බර් 27 වැනිදා සවස 6.05ට සෑම මහවිරු සොහොනක් තුළම පහන් දැල්වීම ආරම්භ කෙරිණ.

පහන් දැල්වීමෙන් අනතුරුව ප්‍රභාකරන් විසින් කොටි හඬ ගුවන් විදුලිය හරහා සිය මහවිරු දේශනය පවත්වනු ලැබිණ. ප්‍රභාකරන් එහිදී පවසන්නේ දෙමළ ජනතාව වෙනුවෙන් ඊළාම් දේශය ලබාදීමට කටයුතු කරන බවය.
ඊළාම් දේශය වෙනුවෙන් දිවිදුන් මහවිරුවන් දෙමළ ජනතාවගේ වීරයන් වන බවද ප්‍රභාකරන් එහිදී පැවසූ බව අතීතය සාක්ෂි දරයි.
උතුර වෙළාගත් ඒ ඊළාම් සිහිනය සිහිනයක්ම වෙමින් වැගිරූ ලේ ගංගාවන්හි ශාපයෙන්ම කොටි නායකයාගේ අවසානයත් සමඟ සියල්ලක්ම අවසන් විය.
2009 වසරේ මැයි 19 වැනිදායින් පසුව කොටි සංවිධාන කතාවන් තුරන් වී යන්නට පටන් ගත්තේය.
එදා මියගිය මහවිරුවන් සැමරූ සොහොන් සියල්ලක්ම ඉවත් කිරීමට ආරක්ෂක අංශ පියවර ගත්තේ එම ජනතාවගේ හිතේ ඇති වූ යුද මානසිකත්වය මකා දමන්නටය. එය යහපත් ක්‍රියාවක් බව බොහෝ දෙනෙකුගේ මතය විය.
නමුත් යුද්ධය අවසන් වී වසර 10ක් ගත වන විට අළු යට තිබූ ගිනි පුපුරු හිස එසවීමට පියවර ගන්නා අයුරු පසුගිය වසර කිහිපය තුළ දක්නට ලැබිණි. උතුරු පළාත් සභාව මගින් මහවිරු සැමරුම ජාතික ශෝක දිනයක් වශයෙන් පත් කිරීමටද උත්සාහ ගත් අයුරු කැපී පෙනුණේය.

2019 වසරේද මහ ඉහළින් මහවිරු සමරන්න ඇඟිලි ගනිමින් සිටි කොටි හෙවණැලි වෙතට ගැසූ හෙණ පහරක් සේ ආණ්ඩු පෙරළිය බාධකයක් විණි. ප්‍රසිද්ධියේ මහවිරුවන් සමරපු කොටි හෙවණැලි සැඟව ගියේය. උතුර පුරාම මහවිරු සැමරුම් සංවිධානය කර තිබුණද එය එක්තරා මියගිය පිරිසක් සිහිපත් කිරීමක් පමණක්ම විය. ඊට හොඳම නිදසුන සැපවූයේ යාපනය විශ්වවිද්‍යාලයෙනි. සෑම වසරකම කොටි නායකයාගේ උපන්දිනය වෙනුවෙන් නොවැම්බර් 26 වැනිදාට සරසවිය තුළ කේක් කැපීම අනිවාර්ය වී තිබිණි.
මෙවර ආණ්ඩු පෙරළියත් සමඟ විශ්වවිද්‍යාල පාලනාධිකාරියද පළමු වතාවට වෙනස් තීරණයක් ගත්තේය. ඒ සියලු සරසවි සිසුන් විමතියට පත් කරමිනි. පළමු වතාවට යාපනය විශ්වවිද්‍යාල භූමිය තුළ කිසිදු මහවිරු සැමරුමක් සිදු නොකරන ලෙසටත් එසේ මහවිරු සැමරුම් කරනු ලබන සිසුන්ට විනයානුකූල පියවර ගන්නා බවට දුන් නියෝගයත් සමඟය.
එම නියෝගය යාපනය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයට මෙන්ම සියලු කාර්ය මණ්ඩලයටන්ට දැනුම් දෙනු ලැබීමෙන් පසුව කොටි අවතාරත් සමඟ සෙල්ලම් කරමින් සිටි සිසුන්ට එය හෙණ පහරක් සේ විය. නමුත් එම සිසුන් සෑම වසරකම මෙන් මෙවර ද සරසවිය තුළ හොර රහසේ කොටි නායකයාගේ උපන්දිනය වෙනුවෙන් කේක් කැපීය.
මෙවර උතුරු පළාතේ පිහිටි යාපනය, වව්නියාව, මන්නාරම, මුලතිව් හා කිලිනොච්චිය දිස්ත්‍රික්කයන්හි මහවිරු සැමරුම් සංවිධානය වී තිබුණේ අඩු ප්‍රමාණයකි. එහි ප්‍රධාන සැමරුම කිලිනොච්චිය කනකපුරම් පැරණි මහවිරු සුසාන භූමිය ස්ථානයේ දී පැවැත්විණි.

මහවිරු සැමරුමට සමගාමීව යාපනය නල්ලූර් ප්‍රදේශයේදී යුද්ධයෙන් මිය ගිය දෙමළ ජනතාවගේ යැයි ප්‍රකාශිත නම් 25,000කගේ පමණ නම් ලැයිස්තුවක් ප්‍රදර්ශනය කිරීම සිදුවිය. එම නම් ලැයිස්තු කොටි සංවිධානයේ නිල පුෂ්පය බවට සැලකූ නියඟලා මල එකතු කරමින් ප්‍රදර්ශනය කර තිබූ අතර යුද්ධයේ දී මිය ගිය අයගේ නම් ජනතාවට දැනගැනීමටත් ඔවුන් වෙනුවෙන් සෙත් ශාන්ති පැවැත්වීමත් එහිදී සිදුවිය.
යාපනය ප්‍රදේශවාසීන් පැවසුවේ හිටපු එල්.ටී.ටී.ඊ. නායකයකු වූ දිලීපන් ජීවිතක්ෂයට පත්වූ ස්ථානය ඉදිරිපසදී යුද්ධයෙන් මියගිය පුද්ගලයන් 25,000කගේ නම් ඇතුළත් පුවරු ප්‍රදර්ශනය කරමින් ඒ වෙනුවෙන් මල් පහන් පුදා ගෞරවය දැක්වීම සිදුකළ බවයි.
යුද්ධයෙන් මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ හා දෙමළ ජනතාවගේ නම් සඳහන් පුවරු වෙත මල් පහන් පුදා ගෞරව දැක්වීම දෙමළ ජනතාව විසින් එහිදි සිදුකෙරිණ.
යුද්ධයෙන් මියගියවූවන්ගේ ඥාතීන්ගේ සංසදය හා උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් පවතින සිවිල් සංවිධාන විසින් යුද්ධයෙන් මියගිය පිරිසගේ නම් ඇතුළත් පුවරු සකස් කොට තිබිණ.
එල්.ටී.ටී.ඊ. සංවිධානය ක්‍රියාකාරීව පැවති වකවානුවේදීද මහවිරු දිනයේදී අදාළ ස්ථානයේ යුද්ධයෙන් මියගිය පිරිසගේ නම් ප්‍රදර්ශනය කරමින් අදාළ පිරිස් වෙත ගෞරවය දැක්වීමේ වැඩසටහන් පැවැත්වීම එවක සිදුකරනු ලැබීය.
යුද්ධයෙන් මියගිය පිරිස්වල නම් සඳහන් අදාළ පුවරු මහවිරු දිනය අවසානයේදී නැවත රැගෙන ගොස් සුරක්ෂිතව තබා වර්ෂයක් වර්ෂයක් පාසා මහවිරු දිනයදා අදාළ පිරිසගේ නම් ප්‍රදර්ශනය කිරීම සම්ප්‍රදායකි.

එමෙන්ම මෙවර උතුරු පළාතේ ප්‍රධාන මහවිරු සැමරුම සිදු කෙරුණු කිලිනොච්චිය කනකපුරම් සුසාන භූමියේ සුපුරුදු පරිදි මහවිරු සැමරුම 27 වැනිදා රාත්‍රියේ පැවැත්විණි. මෙවර මහවිරු සැමරුම් වෙනුවෙන් දෙමළ නායකයින් බහුතරයක් දෙනා සහභාගි නොවූහ. දෙමළ ජාතික සන්ධාන කිලිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා ඇතුළු පිරිසක් පමණක් මහවිරු සැමරුම වෙනුවෙන් එක්ව සිටියහ.
පසුගිය වසරවල මහවිරු සැමරුම වෙනුවෙන් මහා හඬක් නැඟූ ප්‍රභාකරන්ගේ මස්සිනා යැයි පවසන උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් මහතාද මෙවර මහවිරු සැමරුම වෙනුවෙන් ඉතා උනන්දුවෙන් යුතුව කටයුතු කරන ආකාරයක් දැක ගැනීමට නොහැකිවිණ.
වෙනත් වසරවලදී හෙතෙම ප්‍රභාකරන්ගේ නිවෙස පැවති ස්ථානයේ මල් පුදා පහන් දල්වා ප්‍රභාකරන්ගේ උපන්දිනය සැමරීම, කේක් කැපීම සිදුකළද ආණ්ඩු පෙරළියත් සමඟ ශිවාජිලිංගම් මහතාට අදාළ ක්‍රියාවන් අමතකව ගොස් ඇති ආකාරයක් දැක ගැනීමට හැකිවිණ.
සාම්ප්‍රදායික සීමාවන් වෙනුවෙන් කටයුතු කළ ශිවාජිලිංගම් මහතා මෙවර යාපනය කෝපායි මහවිරු සොහොන් අබියස වෙත පැමිණ පහනක් දල්වා පමණක් ගිය ආකාරයක් නිරීක්ෂණය විය.

නීතිය කඩකිරීමක් ‌වෙලා නෑ -ආරක්ෂක ‌ලේකම් කමල් ගුණරත්න

අපිට රජයක් විදිහට මර්දනකාරී පියවරක් අනුගමනය කරන්න අවශ්‍ය නෑ. රජය ආපු ගමන් ඒවා සම්පූර්ණයෙන් මර්දනය කරන්න ගියොත් ඒවා හොඳ නෑ. ඒ පිළිබඳ වැඩපිළිවෙළක් ඉදිරි කාලයේදී කරන්න බලාපොරොත්තු වෙනවා. නීතිය කඩ කිරීමක් එතැන සිද්ධවෙලා නෑ. කිසිම කලබලයක් ඒ ප්‍රදේශවල සිද්ධවෙලා නෑ. මහාවීර දිනය කියලා ඒ අය සමරන දිනයක් පමණයි වෙලා තියෙන්නේ.

වව්නියාව එස්. ප්‍රියදර්ශනී

SendShareShare
Previous Post

කෝ දැන් කට

Next Post

ස්විස් කාර්යාල කාන්තාව CIDයට ප්‍රකාශයක් ‌දෙන්න සූදානම්: හැබැයි තැන ගැන තවම ප්‍රශ්නයක්

MORE NEWS

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Uncategorized

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.