ජනාධිපතිවරණ පරාජයෙන් පසු එක්සත් ජාතික පක්ෂය මේ වනවිට විපක්ෂයට ගොස් තිබේ. ඒ අනුව දැන් විපක්ෂයේ කාර්යභාරය කළ යුත්තේ එක්සත් ජාතික පක්ෂය විසිනි. නමුත් එම කාර්යභාරය ඉටු කරනවා වෙනුවට මේ දිනවල එජාපය ගිලී සිටින්නේ තනතුරු ප්‍රශ්නයකය. තනතුරුවලට ගහමරා ගනිමින් සැබෑ ජනතා ප්‍රශ්න කතා නොකරන තත්ත්වයක් එජාපය පැත්තෙන් පෙනෙන්නට තිබේ. අපි මේ පිළිබ`ඳව පසුගිය කාල වකවානුවේ කෑ කෝ ගැසූ එජාප මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගෙන් අදහස් විමසීමට කටයුතු කළෙමු. මේ එහිදී ඔවුන් අපට ලබා දුන් පිළිතුරුය.
පාර්ලිමේන්තුව විසිරුවපු නිසා ජනතා ප්‍රශ්න කතාකරන්න බැරිව ගියා -ඉරාන් වික්‍රමරත්න
‘අපි නිහඬ නැහැ. නව රජයක් පිහිටවපු ගමන් ඒ අයට වැඩ කරන්න ඉඩකඩ සලසන්න ඕනෑ. අපි එක්සත් ජාතික පක්‍ෂය අතඅරින්නෙ නැහැ. විපක්‍ෂය ගැන විශ්වාසය තබල කටයුතු කළ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න අපිටත් ලක්‍ෂ 55ක් වතර වරමක් දීල තියෙනවා ඒ වගකීම අපි පැහැර හරින්න හොඳ නැහැ. අලුත් ආණ්ඩුව පත්වුණු ගමන් පාර්ලිමේන්තුව අත්හිටෙව්වා. මාසයක්. ඒ නිසා ජනතා ප්‍රශ්න ගැන කතාකරන්න තිබුණු ඉඩකඩ ඇහිරී ගියා.
පක්ෂ නායකත්වය ගැන සාකච්ජා කරගෙන යනවා -අජිත් පී. පෙරේරා
අපි පක්‍ෂයේ නායකත්වය සහ ප්‍රතිපත්ති තීරණ ගැන මේ දිනවල සාකච්ඡා කරගෙන යනවා. දැන් බලයට පත්වී තිබෙන රජය යන විදිය ගැන බලා සිටින්න ඕනෑ. අපේ අඩුපාඩුකම් තේරුම් අරගෙන පක්‍ෂයේ සිදුවිය යුතු වෙනස්කම් ගැනත්, ප්‍රතිපත්තිමය වෙනස්කම් ගැනයි සාකච්ඡා කරන්නෙ. ළඟ එන මැතිවරණයට මුහුණ දීමට සංවිධානය වෙනවා. අපි නිහඬ නැහැ.
පක්ෂ නායකත්වය ගන්න වැඩපිළිවෙළක් දියත් කරගෙන යනවා -අශෝක අබේසිංහ
අපි පක්‍ෂයේ නායකත්වය සහ ප්‍රතිපත්ති තීරණ ගැන මේ දිනවල සාකච්ඡා කරගෙන යනවා. දැන් බලයට පත්වී තිබෙන රජය යන විදිය ගැන බලා සිටින්න ඕනෑ. අපේ අඩුපාඩුකම් තේරුම් අරගෙන පක්‍ෂයේ සිදුවිය යුතු වෙනස්කම් ගැනත්, ප්‍රතිපත්තිමය වෙනස්කම් ගැනයි සාකච්ඡා කරන්නෙ. ළඟ එන මැතිවරණයට මුහුණ දීමට සංවිධානය වෙනවා. අපි නිහඬ නැහැ.
අපි නිහඩ නෑ: පළිගැනීම් ගැන කතා කරනවා -බුද්ධික පතිරණ
අපි නිහඬ නැහැ. අපි මේ වෙනුවෙන් අපේ පක්‍ෂය වෙනුවෙන් ඡන්දය දුන්න ජනතාව සමඟ අපි කලින් කරමින් සිටි ඒ අයගේ සුබසාධන කටයුතු කරගෙන යනවා. මේ දිනවල විශේෂයෙන් අකුරැස්ස ලංගම ඩිපෝවේ දේශපාලන පළිගැනීම් සිදුවී තියෙනවා. එහෙම පළිගැනීම්වලට ලක්වෙලා ඉන්නෙ අකුරැස්ස ඩිපෝවේ ජාතික සේවක සංගමයේ අයයි. මාතර විතරක් නෙවෙයි වෙනත් ප්‍රදේශවලත් මේ වගේ දේශපාල පළිගැනීම්වලට ලක්වෙලා ඉන්න අයවේ නම් ඒ අය ගැනත් ඉදිරිපත්වෙන්න අපි සූදානම්. මම පසුගිය සතියේ පාර්ලිමේන්තුවට ගිහින් එහි තිබෙන සභානායක කාර්යාලයට ගිහින් ජනතාව සිදුවී ඇති අසාධාරණකම් ගැන ඉදිරියේදී මහජන පෙත්සම් කාරක සභාට යොමුකළ යුතු ප්‍රශ්න ගැන ලිඛිතව භාරදීලයි ආවේ.
ජන්දය දුන් අය වෙනුවෙන් පෙනී සිටිනවා -නලින් බණ්ඩාර
විපක්‍ෂයේ භූමිකාව තුළ මහජනයා වෙනුවෙන් කළයුතු කාර්යයන් ගොඩාක් තියෙනවා. ඒ ගැන අපේ පක්‍ෂයේ මන්ත්‍රි කණ්ඩායම පසුගියදා සාකච්ඡා කළා. අපි මහජනයා වෙනුවෙන් පෙනී සිටිනවා. අපිට ඡන්දය දුන්න පිරිසක් සිටිනවා.
පක්ෂය ඇතුළේ පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා -හර්ෂණ රාජකරුණා
අපේ පක්‍ෂය තුළ පොඩි ප්‍රශ්න ටිකක් විසඳාගන්න තියෙනවා. ඒ සියල්ල විසඳගෙන අපි ජනතාව අතරට යනවා. අපිට තියෙන ප්‍රශ්න පසුගිය සතියෙම විසඳාගන්න කටයුතුකර තිබුණා. අනෙක් එක පාර්ලිමේන්තුවත් දැන් කල්තබා තියෙනවා. ඉදිරියේදී පාර්ලිමේන්තුවේදී විපක්‍ෂය හැටියට ජනතා ප්‍රශ්න ගැන අපි කතා කරනවා. අපි කෙදිනකවත් නිහඬව ඉන්නෙ නැහැ.
ගෝඨාගේ මධුසමයට ගල්ගහන එක සුදුසු නෑ -තුෂාර ඉදුනිල් අමරසේන
මේ තියෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පාලනයේ මධුසමයේ මුල් අවධියයි. ඒවට ගල්ගහන එක, බාධා කරන එක සුදුසු නැහැ. මේ වන විට ජනතාවට දුන්න පොරොන්දු, පෝෂණ මළු, පාසල්වලට පරිගනක සහන ගැන බලාසිටිය යුතු වෙනවා. පසුගිදා මහවිරු සමරු ගණනාවක් තිබ්බ කිලයි ආරංචි වුණේ. ඉදිරි මැතිවරණය බලාගෙන බදු අඩු කිරීම වැනි ජනප්‍රිය තීරණ අරන් තියෙවා. රතුළුෑණු මිල ඇතුළු භාණ්ඩවල මිලෙහි වෙනසක් සිදුවී නැහැ. ඒ ගැන අපි බලාගෙනයි ඉන්නෙ.
පාර්ලිමේන්තුව කැදෙව්වාම ප්‍රශ්න ගැන කතා කරනවා -හරීන් ප්‍රනාන්දු
තවත් දින කිහිපයකින් සජිත් ප්‍රේමදාස මහත්තයගේ නායකත්වය යටතේ මේ දේශපාලන ගමන යන්න තමයි අපි සූදානම් වෙන්නෙ. අපි නිහඬ නැහැ. පාර්ලිමේන්තුව යළිආරම්භ වුණහම ජනතාව සමඟ ආයේ දේශපාලන ගමන යනවා. දැන් තියෙන ආර්ථික ප්‍රශ්න වගේම තවත් ප්‍රශ්න ගණනාවක් එළියට ඒමට තිබුණු අවස්ථාවක පාර්ලිමේන්තුව කල්තැබීමෙන් ඒ ප්‍රශ්න පිටුපසට ගියා.
ප්‍රේමලාල් විජේරත්න