• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

රුසියන් තානාපති කාර්යාලයෙන් ගල් පැලෙන කෙප්ප!

March 21, 2022
in Politics
Reading Time: 3 mins read
A A
රුසියන් තානාපති කාර්යාලයෙන් ගල් පැලෙන කෙප්ප!
Share on WhatsAppShare on Facebook

යුක්රේනයේ අධ්‍යාපනය ලබමින් භාරතීය සිසුන් එ රට හමුදාව විසින් “ප්‍රාණ ඇපකරුවන්”වශයෙන් රඳවා ගෙන සිටින බව ඉන්දියාවේ රුසියන් තානාපති කාර්යාලය කියයි.

යුක්රේන් යුද්ධයෙන් අතරමං වැ සිටින ඉන්දියන් සිසුන් සිය රටට ගෙන්වා ගැනීම සඳහා අව්‍ය්‍ය පහසුකම් සැපයීමට ඉන්දියාවේ නීතිය සහ අධිකරණ කටයුතු පිළිබඳ ඇමති “කිරාන් රිජිජු”මේ අතර ස්ලෝවැකියාවට ගොස් තිබේ.

යුක්රේනයේ ඉන්දියානු තානාපති කාර්යාලයය එරට වෙසෙන සිය ස්වදේශිකයින් (ඉන්දියානුවන්)කෙරෙහි නිරන්තරයෙන් අවදානයෙන් සිටින බවත් එ නමුදු රුසියන් තානාපති කාර්යාලයය කියන පරිදි ඉන්දියානු සිසුන් ප්‍රාණ ඇපකරුවන් වශයෙන් රඳවා සිටින බවක් දැනගන්නට නැති බවත් ඉන්දියානු රජය පසුගිය දා නිවේදනය කෙළේය.

ඉන්දියානු සිසුන් “මිනිස් පලිහක්”වශයෙන් යොදා ගැනීමට එ සේ ප්‍රාණ ඇපකරුවන් ලෙසින් රඳවා ගෙන ඇතැයි ඉන්දියාවේ රුසියන් තානාපති කාර්යාලයය පසු ගියදා කළ එම නිවේදනයෙන් අනතුරුව එරට මාධ්‍යය නිරන්තරයෙන් ඒ ගැන ඉන්දියානු රජයෙන් විමසන්නට වූවේය.

රජය ඒ චෝදනාව ප්‍රතික්‍ෂේප කෙළේය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ “අරින්දම් භගාජි”මාධ්‍යට කරුණු පැහැදිලිකරමින් ප්‍රකාශ කළේ භාරත සිසුන් බොහෝ දෙනෙකු යුක්රේන් බලධාරීන්ගේ සහයෝගය ඇතිව එ රට අගනුවරවන “කාර්කිව්වලින්” ඉවත් වූ බවයි.

“සිසුන් ප්‍රාණ ඇපකරුවන් හැටියට ගත් බවක් ගැන හෝ මිනිස් පලිහක් වශයෙන් යොදවා ගැනීමේ අරමුණින් යුක්රේනයේ ආරක්‍ෂක අංශ කට යුතු කරන බවක් ගැන හෝ කිසිම තොරතුරක් අපට ලැබී නෑ.

කාර්කිව් නගරය ඇතුළු වෙනත් ආසන්න ප්‍රදේශවල සිට සිසුන්ට රටේ බටහිර ප්‍රදේශයට යාමට හැකිවන අන්දමට දුම්රිය ප්‍රවාහන සේවාවක් සපයා දෙන ලෙසට අප යුක්රේන් බලධාරීන්ගෙන් ඉලලා සිටියා.

යුක්රේනයට තදාසන්න කලාපයේ රටවල්වන රුසියාව,රුමේනියාව,පෝලන්තය,හංගේරියාව,ස්ලෝවැකියා සහ මෝල්ඩෝවා ඇතුළු වෙනත් රටවල් සමග අපේ විදේශ කටයුතු අමාත්‍යාංශය ඉතා ප්‍රතිපලදායක අන්දමේ සහයෝගිතාවෙන් මේ සඳහා කටයුතු කළා.

අපේ ඉන්දියානු පිරිස ඉවත් කර ගැනීමට යුක්රේන් බලධාරීන් දුන් සහයෝගය පිළිබඳව අප විශේෂයෙන් ස්තුතිවන්ත විය යුතුයි

යුක්රේනයේ සිටි ඉන්දීය ජාතිකයින් විශාල සංඛ්‍යාවක් ගත වූ දින කීපයේ දී අප ඉවත් කර ගත්තා.ඒ කාර්යය සාක්‍ෂාත් කර ගැනීමට යුක්රේන් බලධාරීන් දුන් සහහෝගය ගැන අප කෘතඥ විය යුතුයි.ඒ වගේම බටහිර යුක්රේන් වාසීන් අපේ පිරිසට අවශ්‍ය ආහාරපාන නවාතැන් පහසුකම් ආදිය සැපයීමෙන් දුන් සහාය ඇත්තෙන්ම අගේ කළ යුතුයි.ඔවුන් එ සේ කළේ යුද්දෙට යාමට සූදානම්වන අතරතුරේදීවීම විශේෂයක්”

ඉන්දියානු සිසුන් “මිනිස් පලිහක්”වශයෙන් යොදා ගැනීමට ප්‍රාණ ඇපකරුවන් ලෙසින් සිසුන් රඳවා ගෙන ඇතැයි ඉන්දියාවේ රුසියන් තානාපති කාර්යාලයෙන් පසු ගියදා නිකුත් කළ ට්වීටර් පණිවිඩය ඇත්ත වශයෙන්ම සත්‍යයෙන් තොර එකක්” යැයි ද අරින්දම් භගාජි වැඩිදුරටත් සඳහන් කෙළේය.

චන්ද්‍රසේන මාරසිංහ

.

SendShareShare
Previous Post

උපන් හැටියේම ගැහැනු දරුවන් මරණ චීන්නු!

Next Post

මහින්දානන්දට බොරු කීම ගැන විශේෂ උපාධියක් තියෙනවා! කට ඇරියොත් බොරු කියන්නේ! අමරවීර මහින්දානන්දව බෙල්ල මුලින්ම කපලා දමයි ! (VIDEO)

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.