.
චීනයේ ඉහළ තලයේ සිට බිම් මට්ටම දක්වාම ඉහවහ ගිය කාන්තා ශ්‍රමය සූරා කෑම ගැන තොරතුරු අනාවරණය වන විට පාලන අධිකාරිය ඒ සියලුම දත්ත සහ වාර්තා සඟවා වසං කිරීමේ දැවැන්ත ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.
කාන්තාවන්ට අමානුෂික අන්දමින් වධහිංසා පමුණුවමින් බලහත්කාරයෙන් ශ්‍රමය පැහැර ගැනීමේ ආසන්නම සිද්දීන් දෙකක් සමාජ ගතවීමත් සමග චීන පාලන අධිකාරිය වියරුවැටුණු සෙයින් ඒ සියල්ල යට ගසන්නට පටන් ගෙන ඇත.
හිටපු ටෙනිස් ක්‍රීඩිකාවක් වන “පෙන්ං ෂුවායිට” සහ තවත් කාන්තාවකට මේ ලෙසින් හිරිහැර පමුණුවා වහල් සේවයේ යොදවා ගෙන තිබේ.
බෞද්ධ සාහිත්‍යයේ “මාලා”නමැති දාසියගේ ගෙලවටා “රජ්ජුවක්”(ලණුවක්)ගැට ගසා දාසකමේ යොදවා ගත්තා සේ යථෝක්ත කාන්තාවන්ගේ කරවල්වටා දම්වැල් දමා බැඳ “ජිඈන්ග්ෂූ”පළාතේ ගබඩාවක දිගෙලි කර (ගවයින් මෙන් බැඳ)වැඩ ගත් බව චීනයේ කාන්තාවන් පත් වැ ඇති තත්ත්වය ගැන පැහැදිලිකරමින් මාධ්‍ය වලින් ජතත්‍යන්තරය දැනුවත් කර ඇත.
කාන්තාවන්ගේ සුරක්‍ෂාව සහ අයිතිවාසිකම් පිළිබඳ කැණඩාවේ පිහිටි විද්වත් සංසදය නමැති සමාජ ක්‍රියාකාරි ආයතනය එම කාර්යයේ පෙරමුණ ගෙන තිබේ.
චීනයේ හිටපු උප ජනාධිපති වරයකු වන“ෂෑංග්වෝලි”විසින් තමා යදමින් බඳිනු ලැබ රඳවා තබා ගෙන ලිංගික හිංසනයට පත්කරනු ලැබූ බව ටෙනිස් ක්‍රීඩිකාව විසින් 2021 නොවැම්බර් මාසයේ දී “පෝස්තුවක”ලා ජනගත කරනු ලැබ තිබේ.
ඒ හා ම එ ම පෝස්තුව සමාජ ජාලාවලින් ඉකුත් කරනු ලැබිණි.ඊට සමගාමීව ම“පෙන්ං ෂුවායි”ක්‍රීඩිකාව සති ගණනාවක් අතුරුදන් වැ ගොස් යළි එළිපහලියට පැමිණ ඇත්තී මේ වසරේ(2022) බෙයිජිංහි පැවති “සීත ඔලිම්පික්”ක්‍රීඩා උළෙල සමයේ දීය.
එ සේ පැමිණි ඈ ප්‍රකාශ කර ඇත්තේ එවන් පෝස්තුවක් තමා විසින් සමාජ ගත නො කරන ලද බවය.
මේ අන්දමින්ම “ජිඈන්ග්ෂූ”පළාතේ ගබඩාවක දිගෙලි කර සිටි තවත් ස්ත්‍රියකට බිහිසුණු ජීවිතයක් ගත තිරීමට සිදුවී ඇති බව වාර්තාවේ.ඇය වසර ගණනාවක් තිස්සේ ඉතා දරුණු චිරස්ථීන ලිංගික හිංසනයට ලක් වී තිබෙන්නීය.
ඒ කාලය තුළ ඇයට දරුවන් අට දෙනකු(8)ප්‍රසූත කිරීමට සිදු වී තිබේ.
වින්දිතයිනට පිළිසරණ වෙනවාට හෝ අපරාධකරුවනට එ රෙහිව නීතිමය පියවරක් ගන්නවාට හෝ වඩා චීන පාලක පක්‍ෂය උත්සාහ දරා ඇත්තේ සමාජ මාධ්‍යවල සංසරණයවන ඒ තොරතුරු ඉවත් කිරීමට සහ දත්ත සහ තොරතුරු වසං කිරීමටය.
චීනය ලෝකයේ “මිනිස් ජාවාරම්”ජාලයේ අද්විතීය ස්ථානයක් හිමිකරගත් රටකි.ඔවුන් විසින් ඒ ජාවාරම “අතුරුදන්වීමක්” ලෙස සලකනු ලබයි.
සංඛ්‍යා ලේඛන අනුව 2020 දී චීනයෙන් එ සේ අතුරුදන් වූ පිරිස දස ලක්‍ෂයකි(10,00,000)2016 දී තිස් ලක්‍ෂ අනූ හතර දහසක්(30,94,000)බව 2017 දී ඇමරිකාව නිකුත් කළ මිනිස් ජාවාරම”නැමැති වාර්තාවේද 2020 දි චීනය නිකුත් කළ “ලොස්ට් පොප්‍යුලේෂන්”නමැති වාර්තාවේ ද දැක්වේ.
මේ පිළිබඳව වැඩි විස්තර දක්වන එකී වාර්තාවල සඳහන් කර ඇත්තේ මේ පිරිසෙන් වින්ඳිත බහුතරය කාන්තා පක්‍ෂය බවයි.
ඒ පිරිසෙනුත් බහුතරය සුළු ජාතික ජන කොට්ඨාසවල කාන්තාවන් බවය.
“එක පවුලකට එක් දරුවකු පමණයි” යන 1980 ගණන්වල සිට ක්‍රියාත්මක රාජ්‍ය ප්‍රතිපත්තියට අනුව වැඩි වශයෙන්ම “බැටකන”පාර්ශවය ස්ත්‍රී වර්ගයාය.මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ හේතුවෙන් උද්ගතව ඇති ප්‍රධාන සමාජ ප්‍රශ්ණ ගණනාවකි.
සංඛ්‍යාලේඛන වල දැක්වෙන අන්දමට ඉන් පළමුවැන්න චීනයේ කාන්තා ඝනත්වයට(පිරිසට)වඩා පුරුෂ ඝනත්වය කෝටි තුනකිත් (30,000,000)අධිකවී ඇති බවය.
දෙ වැන්න කාන්තාවන් නිරන්තරයෙන් ලිංගික හිංසනයට ගොදුරුවීමය.
තුන් වැන්න බිළිඳු ඝාතන(දරුවන් මැරීම්) සංඛ්‍යාව වසරින් වසර ඉහළ අගයකට යාමය.සිව් වැන්න වැඩි වශයෙන්ම ඝාතනයට ලක්වන්නේ දැරියන් වීමය.
“පවුලේ සිටිය යුතු එකම දරුවා පිරිමි ළමයකු පමණයි”(වයස්ගත මාපියනට පිළිසරණ පිරිමි ළමයාගෙනි. ගැහැනු දරුවා ලෝකයට යන්නියකි)යන මතය නිසා ගැහැනු දරුවකු උපන් විටදීම ඝාතනය කෙරේ)
චන්ද්‍රසේන මාරසිංහ





