ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්රමානය වීම හේතුවෙන් පසුගිය වසරේ විදෙස් ණයගෙවීම සඳහා අමතරව රුපියල් බිලියන 48ක මුදලක් වැයවී ඇති බව රාජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණව වී තිබේ.Sri Lanka Latest News
එම කාරක සභාව හමුවට මුදල් අමාත්‍යංශයේ නිලධාරින් කැද වූ අවස්ථාවේදී මේ බව අනාවරණය විය.
රුපියල අවප්රමානය වීම හේතුවෙන් පසුගිය වසරේ විදෙස් ණයගෙවීම සඳහා අමතරව කොපමන මුදලක් අයවී ඇද්ද යන්න පිළිබඳව මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී ප්‍රශ්න කළේය.
ඊට මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ අතිරේක අධ්‍යක්ෂ්‍ය ජනරාල් උදේනී තිලකරත්න මහතා පිළිතුරු ලබාදෙමින් පැවසුවේ,
“රුපියල් බිලියන 48ක් විතර. ඒක හැදෙන්නේ අපි ගෙවලා තියෙනවා 2400ක් පමණ ඩොලර් වලින්. විනිමය අනුපාතිකයේ වෙනස එනවා රුපියල් 20ක්. එතකොට 2400 වැඩි කිරීම 20 ගත්තොත් රුපියල් බිලියන 48ක්. එතකොට රුපියල් වලින් අපිට බිලියන 48ක් වැඩිපුර වියදම් වෙලා තියෙනවා 2025 අවුරුද්දේ දී.” යනුවෙනි.
මේ අතර විදෙස් ණයගෙවීමේදී 2025 වසරේදී ඩෝලර් මිලියන 600ක මුදලක් වැඩිපුර ගෙවීමට සිදුවීම සම්බන්ධයෙන්ද මෙහිදී හර්ශ ද සිල්වා මහතා විමසීමක් කළේය.
ඊට ජනරාල් උදේනී තිලකරන මහතා වාචිකව පිළිතුරු ලබාදුන් නමුත් සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් කඩිනමින් කමිටුවට ඉදිරිපත්කරන ලෙසටය.










