සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා පැවති Daraz Partner Performance සම්මාන උළෙලේදී ‘Category Accelerator’ ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය.
තනි කාණ්ඩයක් (උපයෝගීතා බිල්පත් ගෙවීම්) තුළ ගෙවීම් සඳහා භාවිත කළ යුතු කාඩ්පත් පදනම වශයෙන්, ක්‍රෙඩිට් කාඩ්පත් සම්බන්ධයෙන් පසුගිය වසරට සාපේක්ෂව 200%ක වර්ධනයක් අත්පත් කරගැනීමට සමත් වීම වෙනුවෙන් සෙලාන් බැංකුව වෙත මෙම සම්මානය හිමි විය.
ලොව ප්‍රමුඛතම විද්‍යුත් වාණිජ සේවා වෙබ් අඩවියක් වනDaraz සමග එක්වීි ‘Seylan Friday Offer’ නමින් විශේෂ දීමනා වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට සෙලාන් බැංකුව මීට පෙර කටයුතු කළේ ය.
මෙහිදී සෙලාන් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයෙන් Daraz වෙබ් අඩවිය හරහා ජල හා විදුලි බිල්පත් ගෙවූ ගනුදෙනුකරුවන්ට 10%ක වට්ටමක් හිමි විය. මේ සඳහා ගනුදෙනුකරුවන් වෙතින් දැවැන්ත ප්‍රතිචාරයක් හිමි වූ අතර එය සෙලාන් බැංකුවටත් Daraz වෙබ් අඩවියටත් පාරිභෝගික ආකර්ෂණය තවදුරටත් වැඩි කළ සාධකයක් බවට පත්විය.
එමෙන්ම එදිනෙදා ගනුදෙනු සඳහා ඩිජිටල් ගෙවීම් ක්‍රම භාවිත කිරීම කෙතරම් පහසුද යන්න පෙන්වා දෙමින්, දිගින් දිගටම එම ක්‍රම භාවිත කිරීමට ගනුදෙනුකරුවන් යොමුකරවීම සඳහාද මෙම වැඩසටහන මහඟු කාර්යභාරයක් ඉටුකළේ ය.
‘එදිනෙදා අවශ්‍යතාවන්ට ගැළපෙනම කාඩ්පත’ වශයෙන් සෙලාන් කාඩ්පත්, Daraz හරහා උපයෝගීතා සේවා බිල්පත් ගෙවීමේදී හොඳම වට්ටම් පිරිනමයි. මීට අමතරව තවත් කාණ්ඩ රැසක් සඳහා වසර පුරාම වට්ටම් පිරිනැමීමටද සෙලාන් බැංකුව පියවර ගෙන තිබේ.