• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

යුක්රේනය යුද්ධය නැවැත්තුවහොත් යුක්රේනය අවසන්…

October 19, 2022
in Politics
Reading Time: 4 mins read
A A
යුක්රේනය යුද්ධය නැවැත්තුවහොත් යුක්රේනය අවසන්…
Share on WhatsAppShare on Facebook

රුසියාව විසින් යුක්රේනයේ අත්පත් කරගන්නා ලද ප්‍රාන්ත හතරක් වෙනුවෙන් ජනමතයක් විමසීමට කටයුතු කරයි.

එම ජනමත විචාරණයෙන් සාමයට හෝ එක්සත් ජාතීන්ට හෝ කිසියම් අන්දමක සහායක් ලැබේද යන්න ජාතීන් අතර සාකච්ඡාවට භාජන වී තිබේ. මේ සම්බන්ධයෙන් කිසිදු මතයක් එක්සත් ජාතීන්ගේ සැසිවාරයේදී ඉන්දියාව ප්‍රකාශ කර නැත. ඉන්දියාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය එස්.ජෙයශංකර් ප්‍රකාශ කර ඇත්තේ මේ කරුණ එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී සාකච්ඡාවට ගන්නා බවයි.

‘මේක ඉදිරියේදී සාකච්ඡාවට ගත යුතු කරුණක්. මගේ අදහස එය එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී සිදුවිය යුත්තක් බවයි. මා ඔබලාගෙන් ඉල්ලා සිටින්නේ අපේ ඇම්බැසඩර්තුමිය වන රුචිරා කම්බු මේ ගැන කියන තුරු ඉන්න කියන එකයි.’

ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජෙයශංකර් මාධ්‍යයට කීවේ ඒ තොරතුරුය.
එක්සත් ජාතීන්ගේ, එක්සත් ජනපද තානාපතිනි ලින්ඩා ග්‍රීන්ෂීල්ඩ් පැවසුවේ තම රට (එක්සත් ජනපදය) සහ ඇල්බේනියාව රුසියන් ජනමත විචාරණය ගැන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට යෝජනා ඉදිරිපත් කරන බවය.

යුක්රේනයේ පවත්නා තත්ත්වය සම්බන්ධයෙන් වෙනත් කිසිදු විකල්පයක් අනවශ්‍ය බව කියන මතය වෙනුවෙන් ජාත්‍යන්තරය පොළඹවා ගැනීමට එක්සත් ජනපදය සහ ඇල්බේනියාව ඉදිරිපත් වන අතරම යුක්රේනයේ සිටින රුසියන් හමුදා ඉවත් කරගැනීමට රුසියාව බලකිරීමටද සූදානම්ය.

තම යෝජනාව එක්සත් ජාතීන්ගේ සම්මේලනයට ඉදිරිපත් කිරීමට සූදානම් බවද එක්සත් ජාතීන්ගේ, එක්සත් ජනපද තානාපතිනිය කීවාය.

මේ වන විට රුසියන් ග්‍රහණයට නතුව පවතින යුක්රේනයේ ඩොනෙට්ස්, ලුහාන්ස්ක්, සපෝරිෂාසියා සහ කේසොන් යන ප්‍රාන්ත රුසියාවට එක්කර ගැනීම සඳහා ඒ පළාත්වල ජනයාගේ මතය විමසන ජනමත විචාරණය පැවැත්වීමට නියමිතය.

රුසියාව යුක්රේනයට එල්ල කරන ප්‍රහාරය ඉන්දියාව හෙළාදකින අතර ඒ සම්බන්ධයෙන් එක්සත් ජනපදය ඉන්දියාවට සහායටද ඉදිරිපත්ව ඇත. ඉන්දියාව පවසන්නේ මේ යුද්ධ කිරීමට කාලයක් නොවන බවයි. එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන්ගේ මතය රුසියාවේ පුටින්ට දැනුම්දීමට සූදානම්ය.

‘අපට මේ ගැන තවදුරටත් එකඟ වෙන්න බෑ..’ යනුවෙන් ඉන්දියාවේ විදේශ කටයුතු ඇමැති එස්. ජෙයශංකර් සමග ඒකාබද්ධව පැවැති මාධ්‍ය හමුවේදී එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් කීවේ ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවකින් අනතුරුවය.

‘යුද්ධයෙන් මතුවී ඇති හිරිහැරය නැවැත්විය හැක්කේ එක් පුද්ගලයකුට පමණි. ඒ, රුසියාවේ පුටින්ට පමණයි…’ ඇන්තනී බ්ලින්කන් කීවේය.

‘මම පසුගිය සතියේ පැවැති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී ප්‍රකාශ කළ දේම දැනුත් කියනවා. රුසියාව යුද්ධය නැවැත්වුවහොත් යුද්ධය අවසන්. යුක්රේනය යුද්ධය නැවැත්තුවහොත් යුක්රේනය අවසන්…’

ඒ, ඇන්තනී බ්ලින්කන්ගේ ස්ථාවරයයි.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

Next Post

මැලිබන් ගෝල්ඩ් මාරි ‘නිදහසේ රන් දරුවෝ’ ප්‍රජා සත්කාරයේ දෙවැනි මෙහෙයුම අරඹයි…

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පසුගිය වසරේ නර්තනයේ යෙදුණු කාවඩි නර්තන කණ්ඩායම් 45 සඳහා මෙවර...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.