යක්කලමුල්ල ප්‍රදේශයේ අද (19) උදෑසන 11.30ට පමණ සිදුවූ වෙඩිතැබීමකින් එක් අයකු මියගොස් දරුවෙක් ඇතුළු දෙදෙනෙක් තුවාල ලබා තිබේ.
එලෙස තුවාල ලබා ඇත්තේ 3 හැවිරිදි දරුවෙක් බවද වාර්තා වෙයි.
යතුරුපැදියකින් පැමිණ ඇති දෙදෙනෙකු වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව පොලීසිය පවසයි.
වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.










