2021 ලෝක ළමා දිනය නිමිති කරගනිමින් මැලිබන් ගෝල්ඩ් මාරි සන්නාමය යටතේ ආරම්භ කරනු ලැබූ ‘නිදහසේ රන් දරුවෝ’ අති සාර්ථක වසරක් සනිටුහන් කිරීමට සමත් වූයේ ශ්‍රී ලාංකේය දරුවන් රැසකට සතුට හා නිදහස උරුම කර දෙමිනි.
පවුලේ ආර්ථික අපහසුතාවන් හමුවේ විවිධ රැකියාවන් වෙත යොමුවීමේ වැඩි ඉඩකඩක් සහිත දරුවන් තෝරාගනිමින් ඔවුන්ගේ මවුපියන්ගේ හැකියාවන් මත පවුලේ ආර්ථික දියුණුව සලසා ගැනීම සඳහා ආධාර උපකාර ලබාදීමට කටයුතු කළ මැලිබන් බිස්කට් ‘නිදහසේ රන් දරුවෝ’ අරමුදල එම දරුවන්ගේ අඛණ්ඩ අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව ලබාදීමටද කටයුතු කරන ලදී. ඒ යටතේ දකුණු පළාතේ හා උතුරු මැද පළාතේ පවුල් වෙත ආර්ථික දියුණුව සලසා ගැනීමේ මංපෙත් විවර කර දෙමින් එම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සවියක් වන්නට මැලිබන් ගෝල්ඩ් මාරි නිදහසේ රන් දරුවෝ අරමුදල සමත් විය.
අලෙවි වන සෑම මැලිබන් ගෝල්ඩ් මාරි ග්‍රෑම් 80 පැකට්ටුවකින්ම ශත 50ක මුදලක් බැර කරමින් ශක්තිමත් වන මැලිබන් ගෝල්ඩ් මාරි ‘නිදහසේ රන් දරුවෝ’ අරමුදල තවදුරටත් ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ඊට අදාළ ත්‍රෛපාර්ශ්වික ගිවිසුම නැවත අලුත් කිරීමට කටයුතු කරන ලදී. කම්කරු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා, මැලිබන් බිස්කට් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා කුමුදිකා හේමන්ති ප්‍රනාන්දු මහත්මිය හා MullenLowe Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරි තයාලන් බාට්ලට් මහතා විසින් අස්සන් කළ එම ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවේ අනෙකුත් පළාත් තුළද ළමා ශ්‍රමිකයන් බවට පත්වීමේ අවදානමක් සහිත දරුවන් හඳුනා ගනිමින් ඔවුන්ගේ පවුල් සඳහා ජීවනෝපාය මාර්ගයක් සකස්කර දීමට මෙන්ම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් අවශ්‍ය මූල්‍යමය සහයෝගය ලබාදීමට ඒ තුළින් බලාපොරොත්තු වේ.











