දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පසුගිය වසරේ නර්තනයේ යෙදුණු කාවඩි නර්තන කණ්ඩායම් 45 සඳහා මෙවර පෙරහැරේදී ද නර්තනයේ යෙදීමට අවසර ලබාදීමට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා තීරණය කර තිබේ.Sri Lanka Latest News
ඒ මාතර දිසාපති කාර්යාලයේ අද (27) පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡාවේදී ගනු ලැබූ තීරණය මතය.
මෙම සාකච්ඡාව අද පැවැත්වුණේ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, එම අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න යන මහත්වරුන් ඇතුළු පාර්ශ්ව වල සහභාගීත්වයෙනි.
මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් තීරණය කර ඇත්තේ හෙට (28) පැවැත්වෙන පෙරහැරට අතිරේක පොලිස් විශේෂ කාර්යය බළකාය සහ පොලීසිය ආරක්ෂාව සඳහා යෙදවීමටය.
කෙසේවෙතත් දෙවිනුවර විෂ්ණු දේවාලයේ බස්නායක නිළමේවරයා වන තිළිණ මධුෂංක මහතා ඊයේ දින නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ලියාපදිංචි කණ්ඩායම් 25ට පමණක් නර්තනයේ යෙදීමට අවසර දෙන බවකි.












