• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

DIG පතිනායක පාස්කු ‌බෝම්බයේ රහස් ‌හෙළිකිරීම අරඹයි (CID Special)

March 1, 2020
in News, Politics
Reading Time: 3 mins read
A A
DIG පතිනායක පාස්කු ‌බෝම්බයේ රහස් ‌හෙළිකිරීම අරඹයි (CID Special)
Share on WhatsAppShare on Facebook

පාර්ලිමේන්තුව තවමත් විසුරුවා හැර නැතත් මහා මැතිවරණයකට මැතිවරණ කොමිසම සූදානම් වන බවක් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ කියුම් කෙරුම් වලින් පැහැදිලිවම පෙනෙන්නට ඇති කරුණකි. ඔහුට අනුව මෙම සතිය තුළ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඇති ඉඩ කඩ බොහෝය. අගමැති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කරනු ලබන්නේ මහා මැතිවරණයක් වෙනුවෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ලැබෙන පළමු අවස්ථාවේදීම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා පියවර ගන්නා බවය. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ඊට පෙර මෙන් ජනාධිපතිවරයෙකුට හිතෙන හිතෙන හැටියට පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට බැරිය. ඒ සදහා තුනෙන් දෙකක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතර කැමැතක් ඇවැසිය. එසේ නොවී ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට හැකියාවක් ලැබෙන්නේ පාර්ලිමේන්තුවේ කාලය වසර හතරහාමාරක් ගෙවී ගිය විටදීය. ලබන මාර්තු 01 වෙනිදා එළඹෙන්නේ ඒ දිනයයි. තොරතුරු හා ජනමාධ්‍ය ඇමති ලක්ෂමන් යාපා මහතා සදහන් කරනු ලැබුවේ මාර්තු 02 ත් මාර්තු 06 අතර අනිවර්යෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන බවය.
එසේ පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන කථාව එළියට එන විටම පාස්කු ඉරිදා එල්ලවුණු ත්‍රස්ත ප්‍රහාරය ගැනද මතකය අලුත් වන්නට පටන්ගෙන ඇත. ඒ කාදිනල් මැල්කම් රංජිත් හිමියන් නැවතත් පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් කවුරුන්දැයි සොයන්නට පටන්ගෙන ඇති බැවිනි.
එක්සත් ජාතික පක්ෂයට විපක්ෂයට යන්නට සිදුවන ප්‍රධානතම හේතු සාධකය වන්නේ පාස්කු ප්‍රහාරය යැයි සදහන් කළහොත් එය නිවැරදිය. ඒ ජනාධිපතිවරණය අවසන් වන තුරුම පාස්කු ප්‍රහාරයේ උණුසුම සමාජයේ ජනතාව අතර පැවැති බැවිනි. ඒ සඳහා මාධ්‍ය මෙන්ම කාදිනල් හිමියන්ද විශාල වැඩ කොටසක් ඉටුකළේය. කාදිනල් හිමිපාණන් දිගින් දිගටම ඉල්ලා සිටියේ පාස්කු ප්‍රහාරය ගැන සොයා බැලීමට පත්කළ මලල්ගොඩ කමිටුව මෙන්ම පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවද වැඩකට නැති බැවින් ජනාධිපති කොමිසමක් පත්කරන ලෙසය. එම කොමිසම එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අන්තිම මොහොතේ ලබාදුන්නේය. ඒ අභියාචනාධිකරණ විනිසුරු ජනක්ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් යුත් පංච පුද්ගල කොමිසමක් පත්කරමිනි. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද එම කොමිසම පිළිගත්තේය. කොමිසමේ සාක්ෂි විභාගයන් සිදුවන දිනවල කාදිනල් හිමියන් නියෝජනය කරමින් ජනාධිපති නීතීඥ මහතෙක් ඇතුළු නීතීඥ කණ්ඩායමක්ද රැදී සිටිති. සාක්ෂිකරුවන්ගෙන් හරස් ප්‍රශ්නද අසති. මෙම කොමිසම හමුවේ කාදිනල් හිමියන්ද සාක්ෂි ලබාදුන්නේය. ඒ රහස් සාක්ෂියක් ලෙසිනි. එම සාක්ෂියෙන් පසු කාදිනල් හිමිපාණන් වහන්සේ සදහන් කරන්නට වූයේ මෙම කොමිසම ගැන විශ්වාසයක් ඇති බවය.

පාස්කු ප්‍රහාරය ගැන සොයා බලන්නට පත්කර ඇති එකම කොමිසම මෙම ජනාධිපති කොමිසම පමණි. කොමිසන්වලින් වැඩක් නැතැයි කාදිනල් හිමියන් ඉකුත් සතියේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සදහන් කරන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන කොමිසම දැඩිව දෝෂාරෝපණයට ලක්කරමිනි.“ පාස්කු ප්‍රහාරය පිටුපස සිටින්නන් කවුරුන්ද, ප්‍රහාරයට සල්ලි යෙදෙව්වේ කවුද,“ කාදිනල් හිමියන් ප්‍රශ්න කරන්නේ මේ ගැනය. උන්වහන්සේ දැඩිව සදහන් කරන්නේ සත්‍ය අසත්‍ය රටට හෙළිකළ යුතු බවය. උන් වහන්සේ මේ කියන්නට උත්සහ ගන්නේ මේ ආණ්ඩුවෙනුත් වැඩක් නැති බවද, එසේත් නැතිනම් වෙනත් දෙයක්දැයි ඇත්තේ සැබවින්ම ගැටලුවකි. ඒ ගැටලුව පැන නගින්නේ පාස්කු කොමිසම ජනතාවට විවෘත කළ යුතු බවට උන්වහන්සේ කරන ප්‍රකාශයකිනි. උන් වහන්සේ ඒ ප්‍රකාශය කරන්නේ දැනුවත්ද නොදැනුවත්දැයි ඇත්තේ සැබවින්ම ගැටලුවකි. ඒ පාස්කු කොමිසම ආරම්භයේ පටන් එය මාධ්‍යට මෙන්ම ජනතාවටද විවෘතව පවතින බැවිනි.
කාදිනල් හිමියන්ගේ මෙම දරුණු ප්‍රහාරය හමුවේ තරමක් කලබලයට පත්වන්නේ පොලීසියයි. හිටි හැටියේම ඊට පසුදින පොලිසිය මාධ්‍ය හමුවක් පවත්වන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරී ඇති විමර්ශනවල ප්‍රගතිය කියා පාන්නටය. කාදිනල් හිමියන්ගේ ප්‍රහාරයට පොලීසිය හසු නොවුණත් පොලීසිය ඇතැම් විට මෙම මාධ්‍ය හමුව සංවිධානය කරන්නේ රජයේ උවමනාවකට විය හැකිය. ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන තත්වය ගැන රටට කියා වැරදි මත නිවැරදි කරන්නටද විය හැකිය. එය කාදිනල් හිමියන්ගේ මාධ්‍ය හමුවට පිළිතුරු ලබාදෙන වක්‍රාකාර මාධ්‍ය හමුවක් ද වන්නට පුළුවන.
අපරාධ පරීක්ෂණ සදපාර්තමේන්තුව සහරාන්ගේ කල්ලියේ ජාත්‍යන්තර සම්බන්ධතා ගැන සොයා බලන්නේ දැන්ය. දැනගන්නට ඇති ආකාරයට පසුගිය කාලය පුරාවටම එම ජාත්‍යන්තර සම්බන්ධකම් ගැන නිසි සොයා බැලීමක් කර නැති ගානය. අනාවරණය වෙමින් ඇති ආකාරයට අනුව සහරාන්ගේ ගෝල බාලයින්ට සිරියාවේදී අයි.එස්. පුහුණුව ලබාදීමට මුල්වී ක්‍රියාකර ඇත්තේ ඕස්ටේ්‍රලියාවේ ජීවත්වන ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති මුස්ලිම් ජාතිකයෙකුය. එසේම ඔහුගේ මෙහෙයැවීමෙන් සිරියාවට මෙරට මුස්ලිම් තරුණයින් රැගෙන ගොස් ඇත්තේ කාලයක් තිස්සේ මෙරට රැඳී සිටි මාලදිවයින් ජාතිකයින් සිව් දෙනෙකි. ඒ තුර්කියේ ජමාත් විශ්ව විද්‍යාලයක අධ්‍යාපන ශිෂ්‍යත්ව පෙන්වමිනි. මේ ජාලයට සම්බන්ධ කිසිදු සැකකරුවෙක් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය කාලයේ සමත්ව නැත. ඒ ගැන විමර්ශන පටන්ගන්නේ කාදිනල් හිමියන්ගේ වාග් ප්‍රහාරයත් සමගිනි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරුණු විමර්ශන සදහා අපේ රටේ විමර්ශකයන්ට සහයට ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායම් කිහිපයක්ද සම්බන්ධව සිටියහ. ඒ අතර එෆ්. බී. අයි. නාමයෙන් මුළු ලෝකයම දන්නා ඇමරිකාවේ මධ්‍යම විමර්ශන කාර්යාංශයද ඕස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලීසියද සිටියහ. කල්මුණේ කලපුවේ ගිල්වා තිබුණු සහරාන්ගේ ලැප්ටොප් එකේ හාඞ් ඩිස්ක් එක රැගෙන යන්නේද එෆ්.බී.අයි. විමර්ශකයන්ය. අදටත් ඒ පරිගණකයේ තිබුණේ මොනවාදැයි අපි දන්නේ නැත.
පාස්කු ප්‍රහාරයේ වගකීම් පැහැර හරින ලද පොලිස් නිලධාරීන්ට එරෙහිවත් දැඩි පියවර ගැනීමට ජාතික පොලිස් කොමිසම පියවර ගන්නේ මේ අතරතුරදීය. එම නිලධාරීන් අතර අනාගත පොලිස්පතිවරුන් වන්නට පෙරුම්පුරන නිලධාරීන්ද තිදෙනෙක් සිටිති. ඒ අයගෙන් දෙදෙනෙක් මේ වන විටත් වත්මන් ආණ්ඩුවෙන් කැපී ගොස් හමාරය. ඒ අනුව අනාගත පොලිස්පතිධුරයට ඇත්තේ එක් නිලධාරියෙකුට තනි සටනකි. එම නිලධාරියා මේ වනවිටත් සටනක නිරතව සිටින්නේ පාස්කු ප්‍රහාරයේ වගකීම්වලින් බේරී තමන්ට ලැබීමට නියමිත චෝදනා පත්‍රයෙන් ගැලවෙන්නටය. මේ වන විට ඔහු උපරිම ශක්තිය ඒ වෙනුවෙන් යොදා හමාරය. ඒ ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයන්ද අන්දමන්ද කරවමිනි.
මේ අතර ඉකුත් බ්‍රහස්පතින්දා පාස්කු කොමිසමේදී හෙළිවන්නේ 21 වෙනිදා ප්‍රහාරයට පෙර දින සවස 6.00 වන විට 21 වැනිදා ප්‍රහාරය ගැන පොලිස් ලොක්කන්ට සියලු තොරතුරු ලැබී තිබුණු බවය. එවකට කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි සබරගමුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා කොමිසම හමුවේ සදහන් කරන්නේ බස්නාහාර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා තමන්ට එදින සවස දුරකතන ඇමතුමක් දෙමින් එදින රාත්‍රියේ හෝ පසු දින උදෑසන කතෝලික දේවස්ථානයකට ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් ඇති බව රාජ්‍ය බුද්ධි සේවය විසින් දැනුම් දීමක් කර ඇති බැවින් එම දේවස්ථානවල ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසය. එකල රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාය. ලලිත් පතිනායක සහ නිලන්ත ජයවර්ධන යන මහත්වරු පොලිස් සේවයේ සමකාලීනයන්ය. එබැවින් ලලිත් පතිනායක මහතා ඒ මොහොතේම දුරකතන ඇමතුමක් ගන්නේ නිලන්ත ජයවර්ධන මහතාටය. ඒ නන්දන මුණසිංහ මහතා සදහන් කළ තොරතුරේ ඇත්ත නැත්ත තවදුරටත් තහවුරු කර ගන්නටය.
“තවුහිත් ජමාත් කියල කණ්ඩායමක් මෙම ප්‍රහාරය එල්ලකරන්නේ. කතෝලික පල්ලිවලටයි ගහනව කියන්නේ. මේක අපිටත් ලැබිල තියෙන්නේ පිටරටකින්. ගහන තැන ගැන හෝඩුවාවක් නැහැ.“ නිලන්ත ජයවර්ධන එම තොරතුර ගැන යම් තහවුරු කිරීමක් කරන්නේ එසේය.
ඒත් සමගම එහි බරපතළකම ගැන අවබෝධ කරගත් නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක වහාම ක්‍රියාත්ක වෙමින් ඒ ගැන ඔහු යටතේ සිටින පොලිස් ප්‍රධානීන් තිදෙනෙකු දැනුවත් කරන්නේ පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කරමින් කඩිනම් ආරක්ෂක පියවර ගැනීමට ඔවුන්ට උපදෙස්ද ලබාදෙමිනි. එම පොලිස් ප්‍රධානීන් අතර කොළඹ මධ්‍යම කොට්ඨාසය භාර පොලිස් අධිකාරීවරයාත්, කොළඹ දකුණ කොට්ඨාශසය භාර පොලිස් අධිකාරීවරයාත්, කොළඹ උතුර කොට්ඨාසය භාර පොලිස් අධිකාරීවරයාත් සිටියහ. මේ තිදෙනාගෙන් දකුණ සහ මධ්‍යම කොට්ඨාසභාර පොලිස් අධිකාරීවරුන් රාත්‍රී සිටම ආරක්ෂක පියවර අනුගමනය කළත් කොළඹ උතුර පොලිස් අධිකාරීවරයා එම තොරතුර ගැන කොතරම් අවධානයක් යොමු කළේදැයි මේ වන විට කොමිසම හමුවේ පවතින්නේ අභියෝගයට ලක්වෙමිනි. ඒ ජීවිත සිය ගණනක් අහිමිකරමින් එක් මරාගෙන මැරෙන අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයත් කොළඹ උතුර පොලිස් කොට්ඨාශසයට අයත් කොච්චිකඬේ දේවස්ථානයටද එල්ල වූ බැවිනි. එම ප්‍රහාරය එල්ලවන විට අඩුම තරමින් දේවස්ථානයේ ආරක්ෂාවට කිසිදු පියවරක් ගෙන තිබී නැතැයිද පැහැදිලිවම හෙළිවී හමරාය. එසේම ප්‍රහාරයක් එල්ලවන බව දැනුම් දී තිබියදීත් පොලිස් අධීකාරීවරයා එදා සිටින්නේ නියෝජ්‍ය පොලිස්පතිවරයාටත් නොදන්වා එදා උදේම කුළියාපිටියට යමිනි. කොච්චිකඬේ දේවස්ථානයට ප්‍රහාරය එල්ලවන විට ඔහු ගමන් කරමින් සිටියේ මීරිගම පසුකරමිනි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා කොමිසම හමුවේ අවධාරණය කරන්නේ කොළඹ උතුර පොලිස් අධිකාරීවරයා තමන් ලබාදුන් උපදෙස් වලට අනුව ක්‍රියාත්මක වී නම් එදා එල්ලවුණු ප්‍රහාරයේ හානිය අවම කර ගැනීමට හැකියාව තිබුණු බවය.

සබීතාගේ බිල්ඩිම ‌පොලිසිය ගනී

මේ අතර මහත් ආන්දෝලනයට තුඩුදුන් ප්‍රවීණ චිත්‍රපට නිළි සබීතා පෙරේරා මහත්මියට සම්බන්ධකම් ඇති රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය ඉවත්කර ගත්තද දැන් එහි පදිංචියට යන්නට පොලිසීය සිටින්නේ සූදානමකිනි. ඒ පොලිස් දෙපාර්තමේන්තුවට අයත් විශේෂ අංශ කිහිපයක් එහි ස්ථාපිත කරමිනි. එම අංශ අතර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය, විශේෂ විමර්ශන ඒකකය, බදවා ගැනීම් අංශය, ඇතුළු අංශ ගණනාවක්ම ඉදිරි දෙසතිය තුළ එම ගොඩනැගිල්ලට රැගෙන යනු ඇත. මෙතෙක් එම අංශ පිහිටා ඇත්තේ කොළඹ කොටුවේ පොලිස් මූලස්ථානයට යාබදව ඇති නව මහලේකම් කාර්යාල ගොඩනැගිල්ලෙහිය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය පිහිටා ඇත්තේද එම ගොඩනැගිල්ලෙහිය. එම අංශ දෙකෙහි සැකකරුවන් රැසක් රඳවා තැබෙන බැවින් රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලෙහි සැකකරුවන් ආරක්ෂාකාරීව රඳවා තබා ගැනීමට පහසුකම් නැත. එහි සිරමැදිරි ස්ථාපිත කිරීමද එතරම් පහසු නැත. එබැවින් පොලීසියේ බලධාරීන් තීරණය කර ඇත්තේ එම අංශ දෙක හැරුණු කොට සෙසු සියලුම අංශ එම ගොඩනැගිල්ලට රැගෙන යන්නටය. පොලිස් බලධාරීන් සදහන් කරන ආකාරයට අනුව එසේ නව මහලේකම් කාර්යාල ගොඩනැගිල්ලෙහි ඇති පොලිස් අංශ රාජගිරියේ ගොඩනැගිල්ලට රැගෙන යන්නේ නව මහලේකම් කාර්යාල ගොඩනැඟිල්ල අලුත්වැඩියාවක් කිරීමට ඇති බැවින් යැයි කියාය. එම අලුත් වැඩියාවට කොපමණ කාලයක් ගතවේදැයි කිව නොහැකි නමුත් රජයේ පාර්ශවයෙන් කියැවෙන්නේ රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලට කුලී ගෙවා ඇති බැවින් තවත් වසරක් යන තුරු එම කුලිය වලංගු වන බවය. එබැවින් එම ගොඩනැගිල්ල පොලීසියේ පරිහරණයට ලබාදුන් බව ද රජයේ පැත්තෙන් කියැවෙන කථාවකි.
පොලීසියට නවීන ගොඩනැගිල්ලක් එසේ හිමිවන විට පොලීසියේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙක් අතර මේ වන විට ඇතිවී තිබෙන්නේ පොලිස්පති ධුරයට සීතල යුද්ධයකි. මේ වන විට පොලිස්පති ධුරයේ වැඩ බලන සී.ඩී. වික්‍රමරත්න මහතාට පොලිස්පති ධුරය හිමිවනු ඇති බවට විශ්වාසයක් පොලීසියේ බහුතරයක් නිලධාරීන් අතර පැවැතියත් දේශපාලන වන්දනාවේ යමින් සිටින නිලධාරීන් කිහිප දෙනෙක් එම තනතුර ඩැහැ ගැනීමට මේ වන විටත් වැඩ පටන්ගෙන ඇත්තේ මඩ ව්‍යාපාරද සමගිනි.

SendShareShare
Previous Post

හිතුණු ගමන් ජිනීවාවලින් යන්න ලංකාවට පුළුවන්ද?

Next Post

ළඟට අරන් මහින්ද ‌මෛත්‍රිව හලයි (රාජ්‍ය රහස්)

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Uncategorized

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

ගල්කිස්ස, ටෙම්ප්ලර්ස් පාර ප්‍රදේශයේදී ඊයේ (21) රාත්‍රියේ සිදු කිරීමට ගිය වෙඩි තැබීමේ උත්සාහයක් ගිනිඅවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ව්‍යර්ථ වී ඇති...

Read more
මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.