පසුගිය වසර දෙකක කාලය තුළ බීලූනු අර්තාපල් සහ වියළි හාල්මැස්සන් ආනයනකරුවන් රුපියල් බිලියන 185.9ක පමණ ලාභ ලබා ඇති බවට පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කාරකසභාවේ දෙවැනි වාර්තාවෙන් අනාවරණ වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
ඒ අනුව බීලූනු ආනයනය තුළින් රුපියල් බිලියන 109ක්ද, අර්තාපල් ආනයනයෙන් රුපියල් බිලියන 34ක් සහ වියළි හාල්මැස්සන් ආනයනයෙන් රුපියල් බිලියන 43ක ලාභයක්ද උපයාගෙන ඇති බව වර්තා වේ.
2023දී සාමාන්‍යයෙන් ආයෝජනයට සාපේක්ෂව ලාභ අනුපාතයන් බීලූනුවලින් 297%ක්ද, අර්තාපල්වලින් 85%ක්ද, වියළි හාල්මැස්සන් තුළින් 164%ක්ද වන ලෙස පවත්වාගෙන ගොස් ඇති බව සඳහන්ය. 2023දී බීලූනු කිලෝ එකකින් රුපියල් 273ක්ද, අර්තාපල් කිලෝ එකකින් රුපියල් 93ක්ද, වියළි හාල්මැස්සන් කිලෝ එකකින් රුපියල් 811ක්ද ලාභ ලෙස ඔවුන් ලබාගෙන ඇත.
උම්බලකඩ ආනයනයෙන් කිලෝ එකකින් රුපියල් 2,319කට අධික ලාභයක්ද, මුංඇට කිලෝ එකකින් රුපියල් 848ක ලාභයක්ද ලබාගෙන ඇති බව වාර්තා වේ.
රට දැඩි අර්බුදකාරී තත්ත්වයක පැවැති යුගයක මේ ආකාරයට ආනයනකරුවන් ඉහළ ලාභ ලබාගැනීම තුළ රටේ සාමාන්‍ය පාරිභෝගිකයා දැඩි අපහසුතාවකට පත්ව ඇති බව මේ අනුව පැහැදිලි වන බවයි මහාචාර්යවරයා පැවැසුවේ.
ප්‍රේමලාල් විජේතරත්න









