මෙම සතියේ සිට උදෑසන, සවස සහ රාත්‍රී කාලයේ අඩු වැඩි වශයෙන් තද වැසි ඇතිවිය හැකි බවත්, එම වැසි සහිත කාලගුණ තත්ත්වය ආරම්භ වීමත් සමග දැනට පවතින උෂ්ණාධික කාලගුණය ක්‍රමයෙන් පහව යන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
එම තද වැසි සහිත කාලගුණ තත්ත්වය මත උතුරුමැද, වයඹ, බස්නාහිර, නැගෙනහිර පළාත්වලට මිලිමීටර් 75ක පමණ වර්ෂාපතනයක් ඇතිවීමට ඉඩ ඇති බවයි ඔහු පවසන්නේ.
මෙම කාලසීමාව තුළද අකුරු සර ඇතිවීම වැඩිවිය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙසත්, ලබාදී ඇති උපදෙස් පිළිපදින ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.
මැයි මස අවසන් සතියේ නිරිතදිග මෝසම් වර්ෂාව ආරම්භ වීමත් සමග උදෑසන සහ සවස ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද සඳහන්ය.
එම කාලසීමාව ආරම්භ වී දින 7ත් 10ත් අතර කාලයකදී කාලගුණ මාපක තුළින් බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් මතුවේද යන්න නිරීක්ෂණය කරන අතර එවැනි වෙනස්කම් මත ගංවතුර, නායයෑම් සිදුවිය හැකි බවත්, ඒ පිළිබඳ ඉදිරියේදී ජනතාව දැනුවත් කරන බවත් අතුල කරුණානායක මහතා පැවැසීය.
ප්‍රේමලාල් විජේතරත්න










