• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

හිතුණු ගමන් ජිනීවාවලින් යන්න ලංකාවට පුළුවන්ද?

March 1, 2020
in News, Politics
Reading Time: 5 mins read
A A
හිතුණු ගමන් ජිනීවාවලින් යන්න ලංකාවට පුළුවන්ද?

United Nations High Commissioner for Human Rights Michelle Bachelet delivers a speech on Venezuela and Yemen during the 40th session of UN Human Rights Council on March 20, 2019 at the United Nations offices in Geneva. (Photo by Fabrice COFFRINI / AFP)

Share on WhatsAppShare on Facebook

ශ්‍රීමත් වින්ස්ටන් චර්චිල්, ෆ්‍රැන්ක්ලීන් රූස්වෙල්ට් සහ ජෝශප් ස්ටාලින් යන ලොව මහා පතාක යෝධ නායකයන් තිදෙනාගේ සිනහමුසු, සුහදශීලී සේයාරුවකින් 1945 වසරේ ජුනි මාසයේ දිනයක පළ කෙරණු ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පතේ ප්‍රධාන කවරය සැරැසී තිබුණේය. ශ්‍රීමත් (සර්) වින්ස්ටන් චර්චිල් එකල එංගලන්තයේ අගමැතිවරයා වූ අතර, ෆ්‍රෑන්ක්ලීන් රූස්වෙල්ට් ඇමෙරිකාවේ ජනාධිපතිවරයා විය. ජෝශප් ස්ටාලින් රුසියාවේ අගමැතිවරයාය. මොවුන් එකල ලොව අතිශය ප්‍රබල ජනහිත දිනූ ජනප්‍රිය නායකයන් තිදෙනා ලෙස ප්‍රකට විය.
‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පතේ මෙම ඓතිහාසික ඡායාරූපය පළ කෙරී තිබුණේ The Big Three Meeting again to make Plans for the World යන සිරස්තරලය යටතේ වන අතර, එහි සිංහල අරුත වූයේ ‘ලොව සැලසුම් හදන්නට මහ මිනිසුන් තිදෙනා එකතු වෙයි’ යන්නය. දේශයන් ලෙසද ගත්කල එංගලන්තයත්, ඇමෙරිකාවත් සහ රුසියාවත් එකල ලොව සෙලවූ බලවතුන්ය. මේ ‘රජ තුන්කට්ටුව’ එකතු වී ලොවට දායාද කළේ කුමක්ද?
අද ලොව තිබෙන අංක එකේ මහා බලගතු ජාත්‍යන්තර සංවිධානය වන එක්සත් ජාතීන්ගේ සංවිධානය (United Nations Organizatios) එදා බිහි කරන්නට මහා කැප කිරීමක් කළේ මෙම ලෝක නායකයන් තිදෙනාය. ඇමෙරිකාවේ පිහිටි දැනට වසර 75ක් සපිරෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රධාන කරගත් තවත් ජාත්‍යන්තර සංවිධාන කිහිපයක්ම ඇති අතර, ඒවාද ‘එක්සත් ජාතීන්ගේ’ ආරම්භ නාමයෙන්ම සනිටුහන් වෙයි. මෙම සංවිධාන අතරින් අද ලොව බොහෝ දැඩි කතාබහට ලක්ව ඇති සංවිධානය වන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (United Nations Human Rights Council) වෙයි. වසර 2006දී ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ කරන ලද මෙම සංවිධානයට දැනට වසර 14ක් සපිරී ඇත. ලෝකයේ රටවල් 49ක් සාමාජිකත්වය දරන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාවද එක් සාමාජික රටක් වෙයි. මෙම සංවිධානයේ වත්මන් ප්‍රධානියා කාන්තාවක් වන අතර, ඇයට එහිදී හිමිවී ඇති තනතුර මානව හිමිකම් කොමසාරිස් යන්නය. මේ අනුව වත්මන් මානව හිමිකම් කොමසාරිස්වරිය වන්නේ චිලි රාජ්‍යයේ ජාතිකයකු වන මිෂෙල් බැෂෙලේ මහත්මියයි. එක්සත් ජාතීන්ගේ රාජ්‍ය ක්‍රමවේදය තුළ සිදුවන සියලු මානව හිමිකම් කටයුතු අධීක්‍ෂණය වන්නේ මෙම කොමසාරිස්වරිය හරහාය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය යනු ශ්‍රී ලංකාවට කිසි දිනෙක අමතක කරන්නට නොහැකි වූ සංවිධානයකි. ශ්‍රී ලංකාව කලින් කලට මෙම සංවිධානය සමඟ සිදු කළ ගනුදෙනුවන් බොහෝය. විශේෂයෙන් 2009 වසරේදී වාර්ගික යුද්ධය අවසාන වීමෙන් පසුව මෙම ක්‍රියාවලීන් බොහෝ උත්සන්න වූයේය. එසේ වූයේ ශ්‍රී ලංකාව වෙළාගත් අනේක විධියේ මානව හිමිකම් කතාන්දර හේතුවෙනි. මේ කතාන්දර බොහොමයක්ම යහපත් ඒවා නොව අයහපත් ඒවා වීම තවත් සුවිශේෂී තත්ත්වයකි. මේ ආකාරයෙන් මෙයට දින කිහිපයකට ඉහතදීත් තවත් අපූරු මානව හිමිකම් වගතුගක් එළිපෙහෙළි වන්නට විය. සාමාන්‍ය ජනයාගෙන් බොහෝ දෙනකුට මේ මානව හිමිකම් කතා ‘මෙලෝ හසරකට’ තේරෙන්නේ නැත. එසේම තවත් සමහර මිනිසුන්ට මේ මානව හිමිකම් ‘කෙංගෙඩියෙන්’ වැඩක් ඇත්තේම නැත. එවැනි පිරිසක් සමාජයේ සිටියද තවත් සමහර පිරිසක් මේ මානව හිමිකම් ‘අටුවාටීකා’ ගැන මහත් උනන්දුවක්ද දක්වති. තත්ත්වය කෙසේ වුවද මෙම ‘මානව හිමිකම් විෂය’ රටකට අත්‍යාවශ්‍යම රාජ්‍ය ක්‍රියාවලියක් වෙයි.
පසුගිය යහපාලන රජය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කරන ලද යෝජනා තුනකින් සහ එම යෝජනා සම්මතයේ සම අනුග්‍රහකත්වයෙන් ඉවත් වීමට මෙම නව රජය ගත් තීරණයක් පිළිබඳව මෙම දිනවල මහත් කතාබහට ලක්ව ඇත. එනම් එය තවත් වඩාත් පැහැදිලි කළ හැක්කේ ශ්‍රී ලංකා එම මානව හිමිකම් යෝජනා සම්මතයෙන් ඉවත් වීමට කටයුතු කිරීමය. ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය’ යන විෂය යටතේ මෙම යෝජනා 03 ඉදිරිපත් කර ඇත. එම යෝජනා ඉදිරිපත් කළ කාලය සහ යෝජනා අංකයන් මෙසේය.
– 2015 ඔක්තෝබර් – අංක 30/1
– 2017 මාර්තු – අංක 34/1
– 2019 මාර්තු – අංක 40/1

පසුගිය යහපාලන රජය සමයේදී යටකී යෝජනා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කොට ඊට අනුග්‍රාහකත්වය ලබාදී තිබිණි. එහෙත් වත්මන් නව රජය ප්‍රකාශ කර සිටියේ මෙම යෝජනාවන් එකල පාර්ලිමේන්තුවට හෝ කැබිනට් මණ්ඩලයට හෝ ඉදිරිපත් කොට අනුමැතිය ලබාගෙන නොතිබූ බැව්ය. මෙම යෝජනා මඟින් එකල රජය අපේක්‍ෂා කර ඇත්තේ පවත්නා ව්‍යවස්ථානුකූල තත්ත්වය අභිභවා යන පුළුල් ලෙස බලය බෙදා හැරීමක් බැව් වත්මන් රජය ප්‍රකාශ කර සිටියේය. එනම් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, යුද අපරාධ චෝදනා ලත් හමුදා සෙබළුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම හා නඩු පැවරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සහ අතුරුදන්වූවන් සම්බන්ධ කාර්යාලයක් ස්ථාපිත කිරීම මෙම යෝජනාවලට අයත් කාර්යයන් වෙයි.
මෙවැනි හේතූන් නිසා අදාළ යෝජනාවලින් රටට යහපතක් නොවන බැවින් ඉන් ඉවත් වීමට වත්මන් නව රජය තීරණය කර තිබෙන අතර, විදේශ සබඳතා ඇමැතිවරයා ජිනීවා මානව හිමිකම් සමුළුවට ගොස් රජයේ එම තීරණය නිල වශයෙන් දැනුම් දීමට කටයුතු යොදා තිබිණි. මේ දිනවල සිදුවන්නේ එම ක්‍රියාවලියයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරය මෙම පෙබරවාරි 24දා සිට මාර්තු 20 දක්වා ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙයි. විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ නියෝජිත පිරිසක් පසුගිය පෙබරවාරි 25 වැනිදා ජිනීවා නුවරට ගිය අතර, ඔවුන් තවද එහි රැඳී සිටිමින් මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරවලට සහභාගි වෙති. මෙහිදී විදේශ ඇමැතිවරයා විසින් මෙම යෝජනාවලියෙන් ඉවත්වීම පිළිබඳව මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂෙලේ මහත්මියට කරුණු ඉදිරිපත් කරනු ඇත. ඉන්පසුව කොමසාරිස්වරිය විසින් ඔවුන්ගේ තීන්දු, තීරණ ප්‍රකාශයට පත්කිරීමට නියමිතය. මෙම ලිපිය ලියන විටදී එතෙක් එම තීන්දු, තීරණ ගැන නිසි වගතුගක් දැනගන්නට ලැබී නොතිබිණි.
මෙම රජයේ යටකී මානව හිමිකම් යෝජනාව මෙතරම් ඉක්මනින් වේදිකා ගතවන්නට තිබුණු එකක් නොවේ. එහෙත් ‘බළලා මල්ලෙන් එළියට පැන්නා සේ’ මෙය සැණෙන් එළිපෙහෙළියට ආවේ පසුගියදා හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව පනවනු ලැබූ ඇමෙරිකානු තහංචියත් සමඟය. දැන් ඔබට මෙම ‘මානව හිමිකම් නාටකය’ ගැන යමක් අවබෝධ වී ඇතැයි සිතමි. එහෙත් මෙහි අනෙක් පරිච්ඡේදය පෙරළෙන්නේ මෙතැන් සිටය.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙම වගතුග අබියස කියා සිටියේ අපූරු කතාවකි. ජිනීවා මානව හිමිකම් කොමිසමේ සම සභාපතිත්වය දැරූ යෝජනාවෙන් ශ්‍රී ලංකාව ඉවත් වන බැව් ආණ්ඩුව ජිනීවා ගොස් පැවසූ පළියට එම යෝජනාව අවලංගු වන්නේ නැතැයි ඔහු කියා සිටියේය. යෝජනා අහෝසි කරන බව කීවත්, එසේ අහෝසි කරන ක්‍රියාමාර්ගය කුමක්දැයි රජය ජනතාව ඉදිරියේ කියා සිටිය යුතු යැයිද ටිල්වින් සිල්වා ප්‍රකාශ කර සිටියේය. ඔහු එසේ ප්‍රකාශ කර සිටියද ඉහත යෝජනාවලිය මානව හිමිකම් කවුන්සිලයෙන් අහෝසි නොවනු ඇත්තේ කෙසේ දැයි ඔහුද කිසිදු පැහැදිලි කිරීමක් සිදුකර නොමැත. එසේ වන්නේ එවැනි වගතුගක් ගැන ඔහුද කරුණු නොදැනීම නිසාය.

සැබෑ ලෙසම මෙසේ අනුග්‍රාහකත්වය දැක්වූ මානව හිමිකම් යෝජනාවලින් ශ්‍රී ලංකාවට ඉවත් වීමට හැකිද? මෙය සිතන තරම් ලෙහෙසි පහසු කාරියක්ද? මෙහි සැබෑ තත්ත්වය කුමක්ද? මෙසේ සැබෑ ලෙසම, මානව හිමිකම් යෝජනාවලියකින් ඉවත්වීම සිතන තරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. 2015 වසරේදී පැවැති මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයේදී මෙම යෝජනා සම්මුතිය අනුමත කර ගත්තේ එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසිනි. ඉන් පසුව මෙම යෝජනාවලිය තමන් විසින්ම අස්කර ගැනීමට කටයුතු කරනවා යැයි කීවත් එවැන්නක් සිදුවූයේ නැත. සාමාන්‍යයෙන් ලෝකයේ බොහෝ රටවල් මෙවැනි මානව හිමිකම් යෝජනාවන්ට අනුග්‍රාහකත්වය දැක්වූ විට ඒවා ක්‍රියාත්මක කරන්නට උත්සාහ කරනවා හැරෙන්නට ඒවා ඉල්ලා අස්කර ගැනීමේ සිරිතක් නැත. යෝජනාවලින් ඉවත්වීම එලෙස සිදුකර ඇත්තේ රටවල් ඉතාම අල්පයක් පමණක් විසින්ය. එසේ සිදු කිරීමටද යම් ක්‍රියාපටිපාටියක් තිබෙන අතර, ඔවුන් එවැනි ක්‍රියාවලියක් ගැන මෙසේ අර්ථ දක්වා ඇත.
ඉංග්‍රීසි බසින් මේ පැනය අසනු ලැබ ඇත. Are Human Rights Council Resolutions Binding (මානව හිමිකම් කොමිසමේ යෝජනාවන් බැඳීම් සහිතද?)
මෙම වැදගත් ප්‍රශ්නයට ඉංග්‍රීසි බසින්ම කවුන්සිලය වෙතින් ලැබෙන පිළිතුර මෙසේය.
Its resolutions and decisions are not legally Binding but do contain Strong Political Commitments, The HRC’s function is to ensure the effective implementation of Human Rights as Guaranteed by the International Law
මෙහි සිංහල අරුත මෙසේ වෙයි.
‘මෙම යෝජනාවලියන් සහ තීන්දු, තීරණ කිසිදු නීතිමය බැඳීමකට අයත් නොවේ. එහෙත් ඒවා ප්‍රබල, ශක්තිමත් දේශපාලනික වගකීමකට සහ කැපවීමකට බැඳී සිටියි. එසේම මානව හිමිකම් කොමිසමේ ක්‍රියාවලිය වන්නේ, ජාත්‍යන්තර නීතියට අනුකූලව මෙම මානව හිමිකම් නිසියාකාරයෙන් ක්‍රියාත්මක කිරීමට සහතික වීමය.’
මානව හිමිකම් කොමිසමේ නිල ව්‍යවස්ථාමය වගන්තිවල එසේ අවධාරණය කෙරෙයි.
ඉහත මානව හිමිකම් යෝජනාවලියට අනුව ශ්‍රී ලංකාව සවිස්තරාත්මකව එකඟවී ඇති කරුණු 9ක් ඇත.
බ කාලානුරූපී අධිකරණ ක්‍රියාවලියක් සඳහා පුළුල් ජාතික උපදේශකත්වයක් ලබා දීම.
බ සත්‍යය, නීතිය, සංහිඳියාව සහ යළි ගැටුම් ඇති නොවීම සම්බන්ධයෙන් කොමිසමක් ස්ථාපනය කිරීම.
බ අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයක් ස්ථාපනය කිරීම.
බ වන්දි ගෙවීම් කාර්යාලයක් ස්ථාපනය කිරීම.
බ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් සිදු කරන ලද ප්‍රචණ්ඩ ක්‍රියා සහ අපචාර විමර්ශනය කිරීම.
බ විශේෂ උපදෙස් මත ක්‍රියාත්මක අධිකරණ යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීම.
බ දෙස් – විදෙස් විනිසුරුවන්ගෙන් යුත් දෙමුහුන් අධිකරණයක් ස්ථාපනය කිරීම.
බ නීතිමය ආයතන මෙහෙයවීම සඳහා අවංක, අපක්‍ෂපාත පුද්ගලයන් පත්කිරීම.
මේ ආකාරයෙන් බලන කල මෙම යෝජනාවලිය බොහෝ ප්‍රබල ක්‍රියාවලීන්ගෙන් සමන්විත එකකි. එහෙත් මේ වන විට වසර 5කට ආසන්න කාලයක් ගතවී ඇතත් මෙයින් ක්‍රියාත්මකව ඇත්තේ තීන්දු, තීරණ කිහිපයක් පමණි. ඒ හෙයින් මෙම යෝජනාව යම් ආකාරයකින් විවේචනයටද පත්ව තිබේ. තත්ත්වය කෙසේ වුවද රටවල් කිහිපයක් සමඟ සම අනුග්‍රාහකත්වයෙන් ඉදිරිපත් කෙරුණු මෙම යෝජනාවලියෙන් ශ්‍රී ලංකාවට එකවර ඉවත් වීමේ හැකියාවක් නොමැත. අප රටට මෙම යෝජනාවලියෙන් ඉවත් වීමට අවශ්‍ය නම් ඒ බැව් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අනෙක් සාමාජික රටවල් සමඟද සාකච්ඡා කර එම රටවල් හරහා අදාළ අහෝසි කිරීමේ යෝජනාවක් නැවැත මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර සම්මත කරගත යුතුය. එසේම සාමාජික රටවල තුනෙන් දෙකේ ඡන්දයකින් ශ්‍රී ලංකා ජයග්‍රහණය කළ යුතුය. මානව හිමිකම් කවුන්සිලයේ මේ වන විට රටවල් 49ක් සාමාජිකත්වය ලබාගෙන සිටියි. මේ රටවල් සියල්ලකම අභිමතය ඉදිරිපත් විය යුතුය.
මෙම මානව හිමිකම් යෝජනාවලියෙන් ශ්‍රී ලංකාව ඉවත් වනවා යැයි පළමු වරට නිල ප්‍රකාශයක් කළේ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාය. ඉන්පසුව විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාද කිහිප වරක්ම මාධ්‍යයට ප්‍රකාශ කළේ මෙයින් ඉවත් වන බැව්ය. එහෙත් දැන් මෙම මානව හිමිකම් යෝජනා නාටකයේ තවත් අපූරු කතාවක් එළිදැක්වී ඇත. එනම් විදේශ කටයුතු ඇමැතිවරයා පසුගියදා ඉරිදා ඉංග්‍රීසි පුවත්පතකට ප්‍රකාශ කර ඇත්තේ, ශ්‍රී ලංකාවට එරෙහිව ඇමෙරිකාව සහ එංගලන්තය විසින් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇති යෝජනාවලියෙන් ඉවත් වීමට ශ්‍රී ලංකාව කිසිදු උත්සාහයක් ගෙන නැති බැව්ය. එම යෝජනාවලියට ශ්‍රී ලංකාව දක්වා ඇති සමඅනුග්‍රහයෙන් පමණක් ඉවත්වීමට ශ්‍රී ලංකාව කටයුතු කරන බවත්, මෙම කරුණ අරබයා මේ වන විට මහත් වියවුල් තත්ත්වයක් ඇතිවී තිබෙන බවත්ය. මෙම යෝජනාවලිය සඳහා ඇමෙරිකාව සහ එංගලන්තය ප්‍රධාන අනුග්‍රහය දැක්වූ අතර, තවත් රටවල් 47ක් සම අනුග්‍රහය දැක්වූහ. ඒ අතරට ශ්‍රී ලංකාවද අයත් වන අතර, සිදුවීමට යන්නේ එම සම අනුග්‍රාහකත්වයෙන් ඉවත්වීම පමණක් වෙයි.
මෙම සම අනුග්‍රාහකත්වය සඳහා එකල ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලයෙන් හෝ පාර්ලිමේන්තුවෙන් හෝ අනුමැතියක් ලැබී නැතැයි යන පදනම මත මෙම ඉවත්වීම සිදු කරගන්නා බැව් විදේශ ඇමැතිවරයා පවසා ඇත. මෙම සිදුවීම රට නැවැත යථා තත්ත්වයට පත්කළ නොහැකි බැරෑරුම් එකක් බවත්, අපගේ ආරක්‍ෂක අංශවල කීර්ති නාමයට කැළලක් එක්කළ එකක් බවත් විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන වැඩිදුරටත් අවධාරණය කර ඇත. කෙසේ වුවද මෙම තත්ත්වය කිසිදු අයුරකින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමඟ සුහදව කටයුතු කිරීම ප්‍රතික්‍ෂේප කිරීමක් ලෙස වැරැදි ලෙස වටහාගත යුතු නැති බවත් ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත.
කෙසේ හෝ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂෙලේ මහත්මිය පසුගියදා විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය සමඟ කටයුතු කිරීමේදී ඉතාමත්ම ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බැව්ය. සමහරවිට මේ ගනු ලබන යම් තීරණයන් නිසා ශ්‍රී ලංකාවට හිමිව ඇති ජාත්‍යන්තර ගෞරවය එක තත්පරයකින් විනාශ වී යාහැකි බවට ඇය අනතුරු හඟවා ඇත.

ප්‍රියන්ත ‌හෙට්ටිගේ

SendShareShare
Previous Post

පෙන්ෂන් නැතිව ‌පෙන්ෂන් යන 60 ‌දෙනා ‌මෙන්න

Next Post

DIG පතිනායක පාස්කු ‌බෝම්බයේ රහස් ‌හෙළිකිරීම අරඹයි (CID Special)

MORE NEWS

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News
Exclusive

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

IMF ගිවිසුමෙන් ඉවත් වෙන්න තීන්දුවක් අරන්! Sri Lanka Latest News

අමෙරිකාවෙන් බිලියන 2.6ක හදිසි වෛද්‍ය ආධාර තොගයක් ලංකාවට ගන්න මහින්ද අනුමැතිය ගනී! මේ ගත්තේ 4 වැනි වතාවට! ලබන සතියේදී ගුවන් මගින් ලංකාවට!
Exclusive

රටම ආදරය කරන මහින්ද සමරසිංහ ආණ්ඩුවේ තනතුරු අත්හරී! Sri Lanka Latest News

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ! මාතලේ දිස්ත්‍රික් නියෝජිත හමුවේදී ඒකමතිකව යෝජනාව සම්මතයි! හැබැයි මාතලේ පොහොට්ටු ප්‍රබලයන් වූ ජනකටයි ප්‍රමිතටයි ‌රැස්වීමට ආරාධනා කරලා නෑ!  I Sri Lanka Latest News
Exclusive

නාමල් රට වටේ යන්න පටන් ගනී! Sri Lanka Latest News

අන්ත්‍රාවයි! විජේ ඉන්දියාව හොල්ලයි! සීන් එකට එන්ටර් වෙයි! Sri Lanka Latest News
Exclusive

තලපති විජේ යාපනයට එන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.