ලංකාවේ ආර්ථික අර්බූදය නිසා ගෑස්, තෙල්, ඖෂධ, කිරිපිටි ගන්න පෝලිම්වල දුක් විදින ජනතාවට සහනයක් දෙන්න ඉන්දීය අගමැති නරේ්න්ද්‍ර මෝඩි මහතා තීරණය කර තිබේ.
මීට පෙරද තෙල් නැව්වලට මුදල් ගෙවා ගැනීමට නොහැකිව සිටියදී ඉන්දීය අගමැතිවරයා ඩොලර් මිලියන 500ක සහන ණයක් ලංකා ආණ්ඩුවට දුන්නේය.
මෙවර මෝඩි දෙන්නේ ඩොලර් මිලියන 1000ක ණය මුදලකි.
මෙම ඩොලර් මිලියන 1000ක ණය මුදල ලංකාවට දීම සම්බන්ධයෙන් ඉන්දීය මුදල් අමාත්‍යංශය කල් ගනිද්දී මෝඩි මැදහත් වී එම මුදල දෙන ලෙස උපදෙස් දෙනු ලැබීය.





