ලොව විශාලතම ඩ්‍රෝන් නිෂ්පාදකයා වන DJI සමාගම රුසියාවේ සහ යුක්රේනයේ සිය මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවන බව නිවේදනය කර තිබේ.
“DJI විවිධ අධිකරණ බල ප්‍රදේශවල අනුකූලතා අවශ්‍යතා අභ්‍යන්තරව නැවත තක්සේරු කරයි. වත්මන් සමාලෝචනය තෙක්, DJI රුසියාවේ සහ යුක්‍රේනයේ සියලුම ව්‍යාපාරික ක්‍රියාකාරකම් තාවකාලිකව අත්හිටුවනු ඇත,” ෂෙන්සෙන් මූලස්ථානයේ සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.