දේශයේ රක්ෂණයේ ප්‍රමුඛයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ආයතනයක් වන ත්‍රී සිංහ ඉන්ඩස්ටී්‍රස් පුද්ගලික සමාගම සඳහා රක්ෂණ පහසුකම් සැලසීම සඳහා ගිවිසුමකට එළඹීම පසුගියදා සිදුවූ අතර මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ සහ ත්‍රී සිංහ ඉන්ඩස්ටී්‍රස් ආයතනයේ කළමනාකාරීත්වය සහභාගි විය.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මගින් ලබාදෙන මෙම රක්ෂණ සැලසුම ඔස්සේ ඔවුන් විසින් නිෂ්පාදනය කරනු ලබන රෝලර් ඩෝ, ෂටර්ස් සහ ගේට්ටු සඳහා ගිනි රක්ෂණ සැලසුම ඔස්සේ ගිනි ගැනීම් සහ අකුණු හේතුවෙන් සිදුවන හානි,විදුලිය මගින් සිදුවන හානි, සුළිසුළං සහ කුණාටු මගින් සිදුවන හානි ආවරණය වන පරිදි රක්ෂණ සේවා ලබාදෙයි.
1968 වසරේ ආරම්භ කරන ලද ත්‍රී සිංහ ඉන්ඩස්ටී්‍රස් වානේ ගොඩනැගිලි සහ සෙවිලි, රෝලර් ඩෝ, රෝලර් ෂටර්, වානේ සහ ඇලුමිනියම්, සවිකිරීම්, මල නොබැඳෙන වානේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විවිධ අංශ රැසක් වෙත විහිදී ඇති ත්‍රී සිංහ ඉන්ඩස්ටී්‍රස් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සන්නාමයක් වන අතර ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවල දියුණුව සඳහා මෙන්ම ගෘහ ආරක්ෂාව සඳහාද වැඩි දියුණු කළ සේවාවන් සැපයීමට කටයුතු කරයි.