චීනය සහ තිබ්බත (ටිබෙට්) විද්වතුන්ගේ ජාත්‍යන්තර සමුළුව සහ චීන තිබ්බත විද්‍යාව පිළිබඳ 2022 සමුළුව පසුගිය අගෝස්තු 26 වැනිදා චීනයේදී පැවැත්විණි. ප්‍රධාන තේමාව “චීනයේ ඉහළම ගුණාත්මක සංවර්ධනය සහ තිබ්බත නව යුගයේ තිරසාර සංවර්ධනය සේම තිබ්බත විද්වතුන්ගේ ජනවාර්ගික විවිධත්ව සහ මානව විද්‍යාව” සම්බන්ධයෙනි.
මේ සමුළුවල සැඟවුණු අරමුණ චීනය තිබ්බතය පිළිබඳ තම අයිතිවාසිකම් කියාපෑම සඳහා යත්න දැරීම බව “තිබ්බත අයිතිවාසිකම් පිළිබඳ සමුච්චය”නමැති සංවිධානය කියයි.
චීනය තම රට ආක්‍රමණයකින් අත්පත් කරගනු ලැබ අනවසරයෙන් පදිංචිවූ බව යථෝක්ත සංවිධානය වැඩිදුරටත් අවධාරණය කරයි. තිබ්බත විද්‍යාව පිළිබඳ චීන පර්යේෂණායතනය, සමාජ විද්‍යාව පිළිබඳ තිබ්බත අධ්‍යයනායතනය, චීන සංරක්‍ෂණ සහ තිබ්බත සංස්කෘතික ප්‍රවර්ධන සංගමය ආදී ආයතන චීනය විසින් ස්ථාපනය කරනු ලැබ තිබේ. මේ සියල්ල තිබ්බතය කෙරෙහි තම අයිතිය තහවුරු කරගැනීම උදෙසා ඉදිරිපත් කරන “දහන්ගැට” බව “තිබ්බත අයිතිවාසිකම් පිළිබඳ සමුච්චය පෙන්නා දෙයි.
චීන තිබ්බත විද්‍යා සමුළුව ඒ විද්‍යාව පිළිබඳ තිබ්බත විද්වතුන් විසින් සමාජ ආර්ථික සංවර්ධනය, ඉතිහාසය, ආගම, සංස්කෘතිය සහ භාෂාව සේම තිබ්බත ඖෂධ සම්බන්ධව අදහස් හුවමාරු කරගනු ලබන සාකච්ඡා මණ්ඩපයකි.
මාහැඟි තිබ්බත සංස්කෘතිය, තිබ්බතයේ කඩිනම් ආර්ථික සංවර්ධනය, තිබ්බත ප්‍රජාවගේ භෞතික සහ සංස්කෘතික ජීවන තත්ත්ව විදාරණය කිරීම සමුළු පැවැත්වීමේ අරමුණය. මේ සඳහා “මාර්ගගත” (Online) සම්මන්ත්‍රණ ද පැවැත්වේ. මේ සම්මන්ත්‍රණද චීන කොමියුනිස්ට් පක්‍ෂය විසින් තිබ්බතය තමන්ගේ බව නීත්‍යනුකූලව තහවුරු කරවාගනු ලැබීමේ වැඩසටහනේ මෙවලම් වශයෙන් යොදාගනු ලැබේ.
තිබ්බතයේ නව යුගයේ “පෙරළියේ වෙනස” පිළිබඳ සාකච්ඡා කිරීමට සමස්ත චීන ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මාර්ගගත ක්‍රමයට ජූනි 22 වැනි දින සම්මන්ත්‍රණයක් පැවැත්විය. එම සම්මන්ත්‍රණයේදී “තිබ්බත විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානයේ” ඉතිහාස අංශයේ පර්යේෂකයෙක් පැවසුවේ චීන කොමියුනිස්ට් පක්‍ෂ නායකත්වයෙන් සහ කැපවීමෙන් වැඩකරන කණ්ඩායම්වල කැපවීමේ හේතුවෙන් තිබ්බතය ලද දියුණුවේ නව පෙනුම කිසිසේත්ම ඇදහිය නොහැකි අන්දමට වර්ධනය වී ඇති බවයි.
තිබ්බතය තම රටේ කොටසක් ලෙසට එදා සිටම පැවැති බව ඓතිහාසික වාර්තාවලින් සනාථවී ඇති බව චීනය පවසයි.
එහෙත් තිබ්බතය ඈත අතීතයේ සිටම ස්වාධීන රාජ්‍යයක් ලෙසට වෙනම “ධජයක්” යටතේ විදේශ ගිවිසුම් පවා අස්සන් කළ බව තිබ්බත විද්වතුන්ගේ ප්‍රකාශනයයි.
චීනය කියන්නේ තිබ්බතය හෙමින් සීරුවේ වෙන්වූ කතාවයි. අනතුරුව සිදුවූ ආක්‍රමණයක් නිසා එහි පාලකයා වන “දලයි ලාමාට” සරණාගතයකු ලෙසින් ඉන්දියාවට පලා යාමට සිදුවූ බවයි.
දියුණුවක් නැතිව දරිද්‍රතාවෙන් පෙළෙමින් ගෝත්‍රික සමාජයක් වශයෙන් තිබූ තිබ්බතයට ඉහළම ගුණාත්මක සංවර්ධනයක් සාක්‍ෂාත් කර දීමට චීන කොමියුනිස්ට් පක්‍ෂය විශාල මෙහෙයක් කළ බව චීන මතයයි.
චන්ද්‍රසේන මාරසිංහ