• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

තිබ්බතය ආක්‍රමණය කිරීමේ චීන දහන්ගැට…

September 12, 2022
in Politics
Reading Time: 4 mins read
A A
තිබ්බතය ආක්‍රමණය කිරීමේ චීන දහන්ගැට…
Share on WhatsAppShare on Facebook

චීනය සහ තිබ්බත (ටිබෙට්) විද්වතුන්ගේ ජාත්‍යන්තර සමුළුව සහ චීන තිබ්බත විද්‍යාව පිළිබඳ 2022 සමුළුව පසුගිය අගෝස්තු 26 වැනිදා චීනයේදී පැවැත්විණි. ප්‍රධාන තේමාව “චීනයේ ඉහළම ගුණාත්මක සංවර්ධනය සහ තිබ්බත නව යුගයේ තිරසාර සංවර්ධනය සේම තිබ්බත විද්වතුන්ගේ ජනවාර්ගික විවිධත්ව සහ මානව විද්‍යාව” සම්බන්ධයෙනි.

මේ සමුළුවල සැඟවුණු අරමුණ චීනය තිබ්බතය පිළිබඳ තම අයිතිවාසිකම් කියාපෑම සඳහා යත්න දැරීම බව “තිබ්බත අයිතිවාසිකම් පිළිබඳ සමුච්චය”නමැති සංවිධානය කියයි.

චීනය තම රට ආක්‍රමණයකින් අත්පත් කරගනු ලැබ අනවසරයෙන් පදිංචිවූ බව යථෝක්ත සංවිධානය වැඩිදුරටත් අවධාරණය කරයි. තිබ්බත විද්‍යාව පිළිබඳ චීන පර්යේෂණායතනය, සමාජ විද්‍යාව පිළිබඳ තිබ්බත අධ්‍යයනායතනය, චීන සංරක්‍ෂණ සහ තිබ්බත සංස්කෘතික ප්‍රවර්ධන සංගමය ආදී ආයතන චීනය විසින් ස්ථාපනය කරනු ලැබ තිබේ. මේ සියල්ල තිබ්බතය කෙරෙහි තම අයිතිය තහවුරු කරගැනීම උදෙසා ඉදිරිපත් කරන “දහන්ගැට” බව “තිබ්බත අයිතිවාසිකම් පිළිබඳ සමුච්චය පෙන්නා දෙයි.

චීන තිබ්බත විද්‍යා සමුළුව ඒ විද්‍යාව පිළිබඳ තිබ්බත විද්වතුන් විසින් සමාජ ආර්ථික සංවර්ධනය, ඉතිහාසය, ආගම, සංස්කෘතිය සහ භාෂාව සේම තිබ්බත ඖෂධ සම්බන්ධව අදහස් හුවමාරු කරගනු ලබන සාකච්ඡා මණ්ඩපයකි.

මාහැඟි තිබ්බත සංස්කෘතිය, තිබ්බතයේ කඩිනම් ආර්ථික සංවර්ධනය, තිබ්බත ප්‍රජාවගේ භෞතික සහ සංස්කෘතික ජීවන තත්ත්ව විදාරණය කිරීම සමුළු පැවැත්වීමේ අරමුණය. මේ සඳහා “මාර්ගගත” (Online) සම්මන්ත්‍රණ ද පැවැත්වේ. මේ සම්මන්ත්‍රණද චීන කොමියුනිස්ට් පක්‍ෂය විසින් තිබ්බතය තමන්ගේ බව නීත්‍යනුකූලව තහවුරු කරවාගනු ලැබීමේ වැඩසටහනේ මෙවලම් වශයෙන් යොදාගනු ලැබේ.

තිබ්බතයේ නව යුගයේ “පෙරළියේ වෙනස” පිළිබඳ සාකච්ඡා කිරීමට සමස්ත චීන ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මාර්ගගත ක්‍රමයට ජූනි 22 වැනි දින සම්මන්ත්‍රණයක් පැවැත්විය. එම සම්මන්ත්‍රණයේදී “තිබ්බත විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානයේ” ඉතිහාස අංශයේ පර්යේෂකයෙක් පැවසුවේ චීන කොමියුනිස්ට් පක්‍ෂ නායකත්වයෙන් සහ කැපවීමෙන් වැඩකරන කණ්ඩායම්වල කැපවීමේ හේතුවෙන් තිබ්බතය ලද දියුණුවේ නව පෙනුම කිසිසේත්ම ඇදහිය නොහැකි අන්දමට වර්ධනය වී ඇති බවයි.

තිබ්බතය තම රටේ කොටසක් ලෙසට එදා සිටම පැවැති බව ඓතිහාසික වාර්තාවලින් සනාථවී ඇති බව චීනය පවසයි.

එහෙත් තිබ්බතය ඈත අතීතයේ සිටම ස්වාධීන රාජ්‍යයක් ලෙසට වෙනම “ධජයක්” යටතේ විදේශ ගිවිසුම් පවා අස්සන් කළ බව තිබ්බත විද්වතුන්ගේ ප්‍රකාශනයයි.

චීනය කියන්නේ තිබ්බතය හෙමින් සීරුවේ වෙන්වූ කතාවයි. අනතුරුව සිදුවූ ආක්‍රමණයක් නිසා එහි පාලකයා වන “දලයි ලාමාට” සරණාගතයකු ලෙසින් ඉන්දියාවට පලා යාමට සිදුවූ බවයි.

දියුණුවක් නැතිව දරිද්‍රතාවෙන් පෙළෙමින් ගෝත්‍රික සමාජයක් වශයෙන් තිබූ තිබ්බතයට ඉහළම ගුණාත්මක සංවර්ධනයක් සාක්‍ෂාත් කර දීමට චීන කොමියුනිස්ට් පක්‍ෂය විශාල මෙහෙයක් කළ බව චීන මතයයි.



චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

රත්නපුරේ ප්‍රේමලාල්ටත් රාජ්‍ය ඇමැතිකමක්!

Next Post

ජනපතිට-ආණ්ඩුවට ජනමතයක් නෑ! වහාම ජනවරමකට ඉඩ දෙන්න බල කරන්න! විපක්ෂය-සිවිල් සංවිධාන සමන්තා පවර්ගෙන් ඉල්ලයි!

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.