චීනයේ ආර්ථික පසුබෑම එරට බැංකුවලට සහ ප්‍රාන්තවලට තදින්ම බලපා තිබේ. ලෝකයේ දෙවැනි ආර්ථික බලවතා බවට “කප්”ගසා සිටින චීනයට මේ නිසා බලවත් තර්ජනයක් එල්ලවී තිබේ.
සංවර්ධන කාර්යයන්හි නියැළි ව්‍යාපාරිකයන් විසින් ගතවූ මා දොළහක කාලය තුළ බැංකු ණය ගෙවීම ද පැහැර හරිනු ලැබ තිබේ. දේශීය ණය වාරික ගෙවීම් පැහැර හැරීම් ද 99%කි. ණය (ගෙවීම්) ප්‍රමාද කිරීම්ද අහස උසටය. චීනයේ ආර්ථික සංවර්ධනය 20%ක බංකොලොත්භාවයේ අවදානම් රටුවේ රැඳී ඇති බවට ජාත්‍යන්තර “රේටිං” ආයතනද අනතුරු අඟවා තිබේ.
මේ සියලු තොරතුරු“ෂැංහායි”ආරංචි පාදක කරගත් ඒවාය.
මේ අතරතුරේ පාලක පක්‍ෂය පසුගිය වර්ෂයේ (2021) පනවනු ලැබ ඇති තහංචි හේතු කොටගෙන තත්ත්වය තවත් උග්‍රවී ඇති බව ව්‍යාපාරික (සංවර්ධන) ආරංචි කියයි.
ව්‍යාප්ත වන කොවිඩ් වසංගතය මර්දනය කිරීමට ෂැංහායි පළාතේ ක්‍රියාත්මක නගර “අගුළු” දැමීම ගින්නට ඉන්ධන වැක්කිරීමකි.
නිවාස අලෙවි ව්‍යාපෘතියද ජනවාරියේ සිට ජූනි දක්වා වූ කාලය අතරතුරේ 27%කින් පහළ බැස ඇත. ජූලි මාසයේ ඇදවැටීම 13%කි.
මේ චීන රාජ්‍ය පර්යේෂණායතනය කියන තොරතුරුය. මේ උෂ්ණත්වය බැංකුවලට තදින්ම දැනී තිබේ.චීන රාජ්‍ය අංශයේ නොගෙවූ ණය (outstanding) 26%කි. චීනයේ මහාපරිමාණ බැංකු හතරක අක්‍රීය ණය ප්‍රමාණය පසුගිය වර්ෂයේ (2021) 1%සිට 3.8%කි. උද්ගතව ඇති බංකොලොත්භාවය යටතේ ආයෝජකයන් (ව්‍යාපෘතිකරුවන්) ඉදිකිරීම් නවතා දමා තිබේ.අලෙවි කරන ලද 4%ක පමණ නිවාස ව්‍යාපෘති ගණනාවකින් මේ වන විට ගැටලු ද මතුව ඇතැයි ෂැංහායි “හැන් යුයිජිං” නිවාස ඉදිකිරීම් ආයතනය වාර්තා කර තිබේ.
චන්ද්‍රසේන මාරසිංහ