• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නිකන් කන්න දෙන්න බෑ වැඩ කරන්න බැරි නම් ගෙදර යන්න රාජ්‍ය සේවය පිණිසද? රජාගේ සේවය පිණිසද? ජනතා සේවය පිණිසද?

August 29, 2022
in Exclusive, News
Reading Time: 7 mins read
A A
නිකන් කන්න දෙන්න බෑ වැඩ කරන්න බැරි නම් ගෙදර යන්න රාජ්‍ය සේවය පිණිසද? රජාගේ සේවය පිණිසද? ජනතා සේවය පිණිසද?
Share on WhatsAppShare on Facebook

අපටම (දේශීය) ආවේණික “උපහැරණ” (උපමා කතා) තිබේ. “කොටෙකුට, කොටෙක් ගාලි (අවඥාවෙන් කියන අඩුපාඩු) කියවනවා” යැයි ගම්මුන් අතරේ පවත්නේ එවන් එක් උපහැරණයකි. දහසකුත් එකක් අඩුලුහුඬුකම් ඇත්තකු, තමන්ගේ කිසිදු අඩුවක් නැත්තකු සේ වෙනත් කෙනකුගේ අඩුපාඩු අවඥාවෙන් කියන්නේ නම් ගැමියෝ යථෝක්ත උපහැරණය කියති.

“තමන්ගෙ ඇහේ තියෙන පොල් පරාලය නොපනෙන එකාට අනුන්නෙ ඇහේ ඉහඳ ගුළිය (කබ) පේනවා” යන්නද ඉහත උපමා කතාවට සමානය.

හරියට “ඉස්සා” වගේ යැයි කියන්නේද ඊට (ඒකට) මය. (තමන්ගේ හිසේ අසූචි පුරවාගත් ඉස්සා තමා “සුංමදනා” හෙවත් “මං සුදනා” (මිස්ට ක්ලීන් කෙනකු ලෙස) යැයි කියන්නා සේය.

මේ අටුවා ටීකා ටිප්පණි, චූර්ණිකා සහ ගැටපද සිහිවූයේ අපේ නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරේ ගිහින් රජයේ සේවකයන් ගැන කළ “තඩි ප්‍රකාශය” ශ්‍රවණය වූ කල්හිය. “රජයේ සේවකයන්ට නිකන් කන්න දෙන්න බෑ. බැරි කෙනකු යන්න” යැයි කීයේ රජයේ නිලධාරීන් නිකරුණේ වැටුප් හා දීමනා ලබමින් වැඩක් නොකර සිටින බව කීමටය.

කතාව ඇත්තය. කකුළුවා දරුවන්ට දෙන අවවාදය සේය. ඒ නිසා ඇතැම් ගැමියන් කියන “ඇඟේ මාළු ගඟේ නටනවා” මෙන්ම “ඇඟේ මයිල් ඉස්මයිල් වෙනවා” යන කතා මතක් වෙන්නේද ඔය වගේ අවස්ථාවලදීය.

මේ රටේ දෙකෝටි විසිපන් ලක්‍ෂයකට අධික ජනගහනයක් සිටිත්. (මේ සංඛ්‍යාව දෙකෝටි පනස් ලක්‍ෂයද ඉක්මවිය හැකිය. මන්ද, දස වසරකට වරක් පැවැත්විය යුතු ජන සංගණනය වසර ගණනාවකින් නොපැවැත්වූ හෙයිනි.) ඒ ජනගහනය අතර රාජ්‍ය සේවක සංඛ්‍යාව පහළොස් ලක්‍ෂයක් පමණය. ඒ අනුව ගණනය කළ කල්හි සෑම පුරවැසියන් පහළොස් දෙනකුටම එක රාජ්‍ය සේවකයකු බැගින් ගැනේ. මේ වාර්තාගත යථා තත්ත්වයයි.

එහෙත් මේ පිරිසෙන් ඇතැම්හු රජයේ සේවය යනු කුමක්ද යන්න පවා නොදනිත්. රජය යනුවෙන් අදහස් කරන්නේ මහජනතාව නොව දේශපාලන අධිකාරිය යැයි සිතන්නෝද එමටය. තමන් ලබන වැටුප් දීමනා මහජනයාගේ දහඩිය මහන්සිය බවට තුට්ටුවකට හෝ මායිම් නොකරන උදවියද සිටිත්.

“රාජකාරිය දේව කාරියටත් වඩා වැදගත් සහ උතුම්” බව ඈත අතීත රජුන් දවසේ සිටම රට්ටු දරන මතයයි. දේව (දෙවියන්ට කළ යුතු මෙහෙවර) කාරිය පැහැර හැරීමේ ප්‍රතිඵල ප්‍රමාදව ලැබෙන බවත් රාජකාරිය (රජුන් වෙනුවෙන්) පැහර හැරීමට නොපමාවම දඬුවම් ලැබෙන බවත් රට වැසියෝ හොඳාකාරවම ප්‍රත්‍යක්‍ෂ කර උන්හ.

එසේ වීමට හේතුව රාජකාරිය සහ මරණය අතර පැවැති වෙනස කෙස්ගහේ ප්‍රමාණය තරම් වීමය. පෘතුගීසි සහ ලංදේසි පාලකයන්ටද සේවා සැපයූවන් සිටියද සේවා සැපයීම ක්‍රමවත් වූයේ යටත්විජිත පාලන (ඉංගිරිසි) යුගයේ දීය. එය සංකීර්ණ එකකි.

ස්වදේශිකයන්ටද කිසියම් සේවයක් කරමින් ඉංගිරිසි පාලකයන් ආදායම් ප්‍රවර්ධනය කරගැනීමේ අරමුණ පෙරදැරි කරගනිමින් එම සේවය ක්‍රියාත්මක කළේය. වර්තමානය වන විට විකාශය වී ඇත්තේ ඒ ක්‍රමයේ වෘද්ධියයි. අද රජයේ සේවය වැටුප් ලබන නිත්‍ය රාජකාරියක් වශයෙන් තිබේ.
එහෙත් සැලකිල්ලට ගතයුතු තවත් කරුණුද ඇත.

ඇතැම් රාජ්‍ය ආයතනවල (අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු) රජයේ ස්ථිර සේවයේ නොවන වෙනත් පෞද්ගලික ආයතනවලින් කොන්ත්‍රාත් පදනමට සේවා සපයන පිරිස් ද බොහෝය.

පවිත්‍රතා කටයුතු සමාගම්වලට (පෞද්ගලික අංශයට) පවරනතුරු මෑතක් වන තෙක්ම රජයේ ආයතනවල කටයුතු කරන ලද්දේ ඒ රාජ්‍ය ආයතනයටම ස්ථිරවම බඳවා ගැනුණු පිරිසක් විසිනි.

උදාහරණ වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෝහල්වල පවිත්‍රතා කටයුතුද ඇතුළු රාජකාරි කිරීම සඳහා කාර්ය මණ්ඩල වාර්තාවට (කාඩර්) අනුව බඳවා ගැනුණු සුළු සේවක කාර්ය මණ්ඩලයක් වූවේය. මේ දක්වා ද තිබේ. එහෙත් දැනට වර්ෂ ගණනාවකට පෙර සිටම රෝහල් ආදියේ පවිත්‍රතා කටයුතු කෙරෙන්නේ පෞද්ගලික ආයතනවලිනි. නැතහොත් මානව සම්පත් කුලියට දෙන සමාගම්වලිනි.

(ටෙලිකොම් ආයතනයේ මානව සම්පත් කුලියට දෙන සමාගම්වලින් සැපයුණු දහස් ගණනක් දෙනා තම සේවය ස්ථිර කරදෙන ලෙසට ඉල්ලා උද්ඝෝෂණ පවා පැවැත්වීමත් ඔවුන්ගේ කොටසක් ස්ථිර කිරීමේ සිද්ධියත් මෙහිලා සිහිපත් කරනු වටී) මේ සමාගම්වලට වාර්ෂිකව මහජන මුදල් බැර වන්නේ රුපියල් කෝටි ගණනින්ය. ඒ සමාගම්වලින් ඉටුකෙරෙන කාර්ය පෙරදි ඉෂ්ට සිද්ධ කරනු ලැබුවේ ඒ රාජ්‍ය ආයතනයට නිශ්චිතව බඳවාගනු ලැබූ පෙර සඳහන් කළ සේවකකාරකාදීන් විසිනි.

එහෙත් ඒ සමාගමට පවිත්‍රතා කටයුත්ත පවරාදීමෙන් පසුව ස්ථිර සේවක පිරිසට ගෙවනු ලැබූ වැටුප් ආදියේ හෝ දීමනා ආදියේ හෝ අතිකාලවල හෝ අඩුවක් වූයේද? නැත. එමගින් සිදුවූයේ නිකරුණේ වැටුප් ලබන අමතර සේවක පිරිසක් බිහිවීමය. මේ වංචා දූෂණයේ එක් පැතිකඩකි. පරිපාලනයේ වරදකි.

රෝහල්වලට යන සාමාන්‍ය ගම්බද මහජනයා පවසන්නේ ඇතැම් සේවකයන් හැසිරෙන්නේ “ගවනර්ලා” හැටියටය. (ඉංගිරිසි පාලන සමයේ ගවනර් – ආණ්ඩුකාරයා මහජනයා විසින් හඳුන්වන ලද්දේ ඒ අයුරින් වූ අතර අහංකාර පුද්ගලයන් හැඳින් වූයේද එනමිනි.) ඊට හේතුව සේවක අතිරික්තයයි. නිකන් සිටින්නන් ඇති කළේ බඩගෝස්තරවාදී දේශපාලනඥයන් මිස වෙන කවුරුත් නොවේ.

තමන්ගේ මැතිවරණ කටයුත්තට මුදල් ආයෝජනය කළ හෝ කරන හෝ අංශයක් තුටුපහටු කිරීමයි. තම හිතවතුන් ඥාතීන් පෝෂණය කිරීමයි. (මෙකරුණ විගණකාධිපතිවරයා විසින්ද අනාවරණ කරන ලද්දකි.)

රාජ්‍ය ආයතනවලට මෙන්ම අර්ධ රාජ්‍ය ආයතනවලටද (සංස්ථා, මණ්ඩල, අධිකාරි) විශ්‍රාමික නිලධාරීන් යෙදවීම ද සඳහන් කළ යුත්තක්මය. විශ්‍රාමික වැටුප සේම ඒ තැනැත්තා සේවාව සපයන නව වෘත්තීය ආයතනයෙන් ලබන දීමනා පහසුකම් ආදියද ගණනය කිරීම අනුව විශාල මහජන මුදල් කන්දරාවක් මෙමගින් අපතේ යයි. මේ කාගේ වරදින්ද? එම ආයතනයේ ස්ථිර තනතුරුධාරීන් වෙනුවට විශ්‍රාමිකයන් ආදේශ කිරීමෙන් සිදුව ඇත්තේ වැඩකළ හැකි දක්‍ෂ පිරිසක් නිෂ්ක්‍රීය වත්කමක් හෙවත් අයිඩල් ඇසෙට් (Idle Asset) එකක් වීමය.

ඒ අන්දමට විශ්‍රමිකයකුගෙන් හෝ වෙනත් තැනැත්තකුගෙන් හෝ යම් රාජ්‍ය ආයතනයක් සේවාවක් ලබාගත යුත්තේ ඒ සේවාව එම ආයතනයේ වෙනත් රාජ්‍ය නිලධාරියකුගෙන් ලබාගත නොහැකි නම් පමණි. මට මතක හැටියට එසේ ලබාගත හැකි උපරිම කාලසීමාවද වසරක් හෝ දෙකක් හෝ පමණි. ඒ කාලය තුළ ඒ සඳහා නිලධාරියකු පුහුණු කරවාගත යුතුය. නැතහොත් අලුතෙන් බඳවාගත යුතුය.

එහෙත් වර්තමාන පාලකයන් කරන්නේ තම පෞද්ගලික ඥාති මිත්‍රාදීන් සන්තර්පණය කිරීම (ඥාතකාණංච සංඝහෝ) රට කාබාසිනියා කිරීම පමණක් නොව විලිලැජ්ජා නැති මඟුලක් කිරීමකි.

මේ සඳහා යොදවාගනු ලබන්නේ ද දූෂණ වංචා පිළිබඳ විශේෂඥ දැනුම් ඇත්තන්ය.

වංචා දූෂණ සම්බන්ධයෙන් අධිකරණයෙන් දඬුවම් වශයෙන් දඩකෑ, හිරේ විලංගුවේ වැටුණු උදවිය යළි රජයේ කාර්යයට බඳවා ගැනීම නීති රීති උල්ලංඝණය කිරීමකි. එහෙත් දේශපාලන ලොක්කන්ට ඒ නීති රීති අදාළ නොවන්නා සේය. උදාහරණ ඕනෑ පදම්ය. එසේ බඳවා ගැනීමේ අරමුණ තම තමන්ගේ අභිමතය අනුව දිගට හරහට ලොකු ලොක්කන්ට ගසා කෑමටය. රුපියල් ලක්‍ෂ පහක දඩයක් කෑ කෙනකු මුදල් අමාත්‍යාංශයට සම්බන්ධ වූයේ ඒ අන්දමටය. විලි ලැජ්ජාවක් නැති ගමගේලා, කබර රාළලා මහජනයාට පමණක් නොව යක්කුන්ටත් කොක්කු පෙන්නමින් ගසාකෑවෙත් ගසාකෑමට මං පාදා දුන්නේත් ඒ ආශීර්වාදයෙනි.

තනතුරු හිමි (ලැබිය) විය යුතු නිලධාරීන් මුල්ලකට දමා නටන නෙයියාඩගමෙන් සිදුවූයේ සුදුස්සා (රාජ්‍ය සේවකයා) අකර්මණ්‍ය කිරීම පමණක් නොව මානසිකව පහළමට්ටමටද ඇදදැමීමකි. එමතුද නොව එමගින් ඊට පහළ මට්ටමේ නිලධාරීන්ට ලැබිය යුතු උසස්වීම්ද නොලබාම විශ්‍රාම ගැනීමටද සිදුවීමය.

රාජ්‍ය සේවකයන් නිලධාරීන් වැඩි නම් විශ්‍රාම ගැන්වෙන වයස අවුරුදු පහකින් වැඩි කෙළේ “මොන අන්දමේ කෙංගෙඩියකට” දැයි යන්න නම් නොවැටහේ.

මැතිවරණවලදී තමන්ට දරදිය ඇද්ද එකාලට, පක්කලි සර්විස් එකේ යෙදුණු උන්ට කෘතගුණ සලකනු වස් බලවන්තයෝ තම තමන්ගේ අමාත්‍යාංශවල හෝ ඒ අමාත්‍යාංශවලට අයත් අර්ධ රාජ්‍ය ආයතනවල හෝ උක්ත ආධාරකරුවන්ට රැකියා දෙති.

ඒ සඳහා ලංකා ගමනා ගමන මණ්ඩලය, ටෙලිකොම් එක, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ළඟම ඥාතිමිත්‍රාදීන්ට ලක්‍ෂ තිහ හතළිහ මාසික වැටුප් ලැබෙන ගුවන් සේවයේ එසේ ඉඩකඩ ලැබේ. දෙපාර්තමේන්තු වශයෙන් දුම්රිය, වරාය, සෞඛ්‍ය තවදුරටත් විශේෂ වේ.

මොනවා කීවද රනිල් වික්‍රමසිංහ මහත්තයා කී කතාවේ ඇත්තක් ඇති බවද කිව යුතුය.

2002 එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව බලයට පැමිණි කල අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රැකියා දීම වහාම අත්හිටෙව්වේය. එහෙත් 2004 දී ආණ්ඩුව වැටුණු පසු චන්ද්‍රිකා නෝනා එකවරම ලෝස් නැතුවම මට මතක හැටියට හතළිස්පන් දහසකට එකවර රැකියා දුන්නාය.

මේ අන්දමින්ම ගෝඨාභය රාජපක්‍ෂ ද 2022 මැයි මාසයේදී හැටදහසක් දෙනා සංවර්ධන නිලධාරීන් වශයෙන් බඳවා ගත්තේය. එක් අයකුට මාසික වැටුප රුපියල් හතළිස්පන් දහසකි. මාසයකට සමස්ත වැටුප් බර කෝටි දෙසියහැත්තෑවකි. තෙමාසික වැටුප

(60,000 × 45,000 = 2,70,00,00,000)
වර්ෂයකට කෝටි තුන්දහස් දෙසිය හතළිහකි.

(2,70,00,00,000 × 12 = 32,40,00,00,000)
ඉන් පනස්අට දහසක් පසුව ස්ථිර කරනු ලැබූහ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයාණෙනි, දැන් මේ පිරිස ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේ ඇති ගස් යටට වී සිටිති.



චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

පොලු අරගෙන බිල්ලො පනින ඉදල්ගස්හින්න කුඩාරම් නවාතැන…

Next Post

චීන ආර්ථිකයටත් කණකොකා අඬයි…

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

Load More
හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

ඕෂධී හේවාමද්දුම. ඈ ගැන අලුතෙන් හඳුන්වා දිය යුතු නැහැ. කෙටි සටහනක් කියනවා නම්, නිළියක වන ඉලක්කයක හෝ හීනයක හිටපු නැති...

Read more
දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.