• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එළියට එන්න පැය කිහිපයකට කලින් රන්ජන් ගහපු ගේම් එක…

August 29, 2022
in Exclusive, News
Reading Time: 8 mins read
A A
එළියට එන්න පැය කිහිපයකට කලින් රන්ජන් ගහපු ගේම් එක…
Share on WhatsAppShare on Facebook

පසුගිය දවසක ඒ කියන්නේ හරියටම දිනයයි වෙලාවයි කියනවා නම් අගෝස්තු 19 වැනිදා සවස 3 පහුවෙලා විනාඩි ගණනාවක් ගෙවීගෙන යන කොට ජනප්‍රිය චිත්‍රපට නළු රන්ජන් රාමනායක කොළඹ ‘සිටි සෙන්ටර්’ සාප්පු සංකීර්ණයට ආවේ ඔහු සිරගත වීමට පළමුව රඟපෑ ‘ද ගේම්’ චිත්‍රපටයේ මංගල දර්ශනය බලාකියා ගන්නටය.

කොහොමත් කාට වුණත් මේ සිදුවීම තරමක වෙනසක් වුණාය කිව්වොත් ඒක අතිශයෝක්තියක් නොවෙයි.

‘මොකක්ද ඔය කියන වෙනස?’ කියලා කවුරු හරි අහනවා නම් මෙහෙම උත්තරයක් ඒකට දෙන්න පුළුවන්. බොහොම සරලව මේ විදියට.

මතකයේ හැටියට ශ්‍රී ලාංකේය සිනමාවේ කිසිම නළුවෙක් තමන් ප්‍රධාන චරිතය රඟපෑ චිත්‍රපටයක මංගල දර්ශනය බලන්න හිරකාරයෙක් විදියට ඇවිදින් නැහැ. එහෙමත් නැත්නම් අත් දෙකට මාංචු දාගෙන ඇවිල්ලා නැහැ. සිංහල සිනමාව ගැන එහි නමක් තැබූ නළු නිළියන් ගැන දන්න කියන අයට ඒ කාරණය ගැන හොඳ වැටහීමක් තියෙන බවට සැකයක් නැහැ. ඔව් සත්තකින්ම කියනවා නම් මාංචු කුට්ටමක් දාගෙන තමන් වැඩ පෙන්නපු චිත්‍රපටයක මංගල දර්ශනය බලන්න සුපිරි පන්තියෙ සිනමා ශාලාවකට පය තියපු සිංහල චිත්‍රපට කලාවේ පළමු නළුවා රන්ජන් රාමනායක.

එදා සිද්ධ වුණු ඒ සිදුවීම් පෙළත් හරියටම රන්ජන් රාමනායක රඟපාපු බොහෝ විට ඔහු රඟන්නට කැමැති සාම්පලයේ චිත්‍රපටයක ජවනිකා පෙළකට සමාන වුණාය කිව්වොත් ඒක හරියටම හරි. උපකල්පනය කරලා බලනවා නම් බයිස්කෝප් එකේ වීරයා ඇත්ත කතා කරන්න ගිහින් සිර අඩස්සියේ දාලා කතන්දරේ හැටියට වීරයා ජනප්‍රිය චිත්‍රපට නළුවෙක්. එයා හිරේට නියම වෙන්න කලින් අවසානයට රඟපාපු බයිස්කෝප් එක බලන්න නීතියෙන් අවසර ලැබෙනවා.

ඔන්න ඉතින් වීරයා සෙනග මැදින් එනවා. බන්ධනාගාර නිලධාරීන් පිරිවරාගෙන මාංචු කුට්ටම දාගෙන සුදු සරමයි කමිසයයි ඇඳලා හරියටම දකුණු ඉන්දියාවේ හදාපු දෙමළ බයිස්කෝප් එකක රැජිනිකාන්ත් වාගේ. වටේ ඉන්න කෙනෙක් දෙන්නෙක් ගිහිල්ලා වීරයාට දම්පා ඕකිඩ් මල්වලින් හදපු මහ විශාල මල් මාලෙකුත් දානවා. වීරයා මාංචු කුට්ටම එක්කම දෑත උඩට අරගෙන සිංහයෙක් වගේ තමාගේ පාරට්ටුව පෙන්වනවා. වටේ ඉන්න කට්ටිය සුපිරි අංකෝර් එකක් දෙනවා.

හැබැයි උපකල්පනය කරපු ඒ දෙමළ බයිස්කෝප් එකේ සමහර උජාරු දර්ශන රන්ජන් රාමනායක එයාගේ චිත්‍රපටය බලන්න ආව තැනදී ටිකක් වෙනස් වෙනවා. මොකද බන්ධනාගාර රථයෙන් බහිනකොට රන්ජන් ළඟට කිට්ටු වෙන්නවත් රන්ජන්ට ඕකිඩ් මල් මාලා දාන්නවත් කාටවත් අවසර තිබුණෙ නැහැ. ‘ද ගේම්’ චිත්‍රපටයේ මංගල දර්ශනය බලන්න රන්ජන්ව සිටි සෙන්ටර් සාප්පු සංකීර්ණයට ගෙන්වා ගන්නත් ‘ද ගේම්’ අධ්‍යක්ෂණය කරපු, සුරංග ද අල්විස් හිතුවාට වඩා ලොකු ‘ගේම්’ එකක් දෙන්න වුණා. පළමුවැනි පාරවත් දෙවැනි පාරවත් ඔහු කළ ඉල්ලීම අපතේ ගියා කියලා කරබාගෙන ඉන්න නොහිතුව ‘ද ගේම්’ නිර්මාණය කරපු සුරංග ද අල්විස් තුන්වැනි පාරටත් තම කන්නලව්ව අධිකරණයට ඉදිරිපත් කළාට පස්සෙයි රන්ජන්ට දැඩි ආරක්ෂාව මැද චිත්‍රපටය බලන්න අවස්ථාව ලැබුණේ. මීට කලින් 2022 මාර්තු මාසෙත් රන්ජන් ඉතා කාරුණික ඉල්ලීමක් කරලා තිබුණා ‘ද ගේම්’ චිත්‍රපටයේ කලඑළිදැක්වීමට ගිහින් එන්න තමාට පැය ගණනක අවසරයක් දෙන්න කියලා. හැබැයි රන්ජන්ට එදා ඒ අවසරය ලැබුණේ නැහැ. එයට හේතුවක් දීලා තිබුණෙත් නැහැ. සුරංග ද අල්විස් නම් රන්ජන්ව ‘ද ගේම්’ එකේ මංගල දර්ශනයට මොහොතකට හෝ ගෙන්වා ගන්න දියත් කරපු ගේම් එක ලෙහෙසියෙන් අතහැරියේ නැහැ. කොහොම හරි ඔහු තම අභිලාසය ජය ගත්තා.

ඇත්තම කියනවා නම් අගෝස්තු 19 සවස තුන පහුවෙලා ගතවන විනාඩි ගණනකදී රන්ජන් බන්ධනාගාර රථයෙන් ඇවිදින් සිටි සෙන්ටර් සාප්පු සංකීර්ණය පාමුලින් බහින තුරු රන්ජන්ව එවනවද නැද්ද යන තීරණය හරියටම හරිය කියලා කියන්න මම ඇතුළුව එතැන රැස්ව හිටපු කවුරුවත් දැනගෙන හිටියේ නැහැ කිව්වොත් කවුරුවත් එය විශ්වාස කරන එකකුත් නැහැ. රන්ජන්ට පැය ගණනකට දෙන නිදහස තීන්දුයි කියලා අපි දැනගත්තේ ඔහු එන්න විනාඩි කිහිපයකට කලිනුයි.
‘මව්රට’ට එහෙම කිව්වේ රන්ජන්ගේ සමීපතම මිතුරියක තරමට ඔහුට හිතවත්ව සිටින ඔහුගේ වෛiවරිය වූ භාග්‍යා මොහොට්ටිය. එතුමිය එදා ඒ හැන්දෑවේ සිටි සෙන්ටර් සාප්පු සංකීර්ණය පාමුල සිට රන්ජන්ගේ පැමිණීම බලාපොරොත්තුව හිටපු කෙනෙක්. චිත්‍රපටයක රූප පෙළක් ආකාරයට වෛi නිලධාරිනිය ඒ සිදුවීම් සමූහය ගැන ඉතා සංවේදීව දොඩන විට එය අසා සිටින යමකුගේ ඇසට කඳුළක් යන්තමට හෝ උනා තිබුණේ නැත්නම් එය යම් තරමක පුදුමයකි.

වෛi නිලධාරිනිය භාග්‍යා මොහොට්ටි පැවැසූ අතිශයෝක්තියක් නැති ඒ සත්‍ය තොරතුරු අනුසාරයෙන් ලියැවුණු මේ සටහන කියවන ඔබටද ඔබේ හිත යන්තමට කීරිගැසී ගියේ නැත්නම් සමහර විටෙක එයද ටිකක් විතර පුදුමයකි. එයට හේතුව මේ සටහන සිර අඩස්සියේ සිටින විටත් ජනප්‍රිය සම්මානය ජනතා අත්පොලසන් නාදය මැද ලබාගත් රන්ජා ගැන ළෙන්ගතුකමට ලියන නිසාවෙනි.

එදා කොළඹ අහස පුරා සවස් යාමයද ගින්දරට ඉර මුදුන්ව තිබුණත් සරින් සැරේට වැහි බීරුමකුත් එහෙන් මෙහෙන් එබිකම් කරන්න ගත්තා. ‘ද ගේම්’ අධ්‍යක්ෂතුමා ඇතුළු හැමෝම සැරින් සැරේට වෙලාව බලන විට චිත්‍රපටය පෙන්වන වෙලාව එන්න එන්න ළං වෙනවා. ප්‍රධාන නළුවා තවම නැහැ. ඔහු එනවාද නැද්ද කියලාවත් තවම හරියට දන්නෙත් නැහැ. නීතියට වුණත් ඊළඟ මොහොත අවිනිශ්චිතයි කියන කියමන ගැළපෙන තැන් එනවා. හරියටම දෙක පසුවී විනාඩි ගණනක් ගතවී යන විට රන්ජා ‘ද ගේම්’ එකට එන්ටර් වෙනවා කියන ආරංචිය ආවා. ‘ද ගේම්’ අධ්‍යක්ෂ සුරංග ද අල්විස්ගෙ හිතට දැනුණු හදිසි සතුට මැද මඳ වික්ෂිප්ත බවකටත් මැදිවුණා. ආරාධිත පිරිසට වඩා අනාරාධිත පිරිස ‘සිටි සෙන්ටර්’ සාප්පු සංකීර්ණයේ බිම් මහල පාමුල එක්රොක්ව ඉන්නවා.
‘රන්ජාට තියෙන ඇඟෑලුම්කමට කට්ටිය කලබලයක් ඇතිකරයිද?’

සුරංගට එහෙම හිතිලා තිබුණා. වෛi නිලධාරී භාග්‍යා මොහොට්ටි සමගත් ඒ ගැන කතා කරලා අන්තිමේදී ‘රන්ජන්ව ‘ද ගේම්’ එක බලන්න ගේන්න අවසර ගත්තේ ලොකු ගේම් එකක් දීලයි. ඒ හින්දා කරුණාකරලා රන්ජාට තියෙන ආදරයටවත් කවුරුවත් නීතියට පටහැනි වෙන විදියේ කලබලයක් ඝෝෂාවක් ඇති කරන්න එපා. එහෙම කළොත් ඒකේ නරක විපාක අත්විඳින්න වෙන්නේ රන්ජන්ටමයි’ කියලා හැමෝටම පහදා දුන්නා.

ඒ පැහැදිලි කිරීමෙන් පස්සේ විනාඩි 15ක්වත් ගෙවුණෙ නැහැ. පස්වරු 2.36ට වාගේ බන්ධනාගාර රථය සාප්පු සංකීර්ණය පාමුල නතර වුණා.

‘රන්ජන් ආවා… රන්ජන් ආවා…’

කනින් කොනින් එහෙම ඇහුණා. රථයේ විශාල දොර පළුව ඇරුණා. මංපහරන හොරෙක් ගානට අත්දෙකට විලංගු දාපු රන්ජන් පොළොවට පය තිබ්බා. මීයට පිම්බා වාගේ නිශ්ශබ්දතාවක් මොහොතකට ඇතිව නැතිව ගියා. හිස මුඩුකරපු අපේ රන්ජා සිංහල සිනමාවේ ජනප්‍රිය නළුවා හිරකාරයෙක්ව එළිමහනකට ගෙනයන කොට අඳින සුදු කමිසයයි, සරමයි ඇඳලා හරි අහිංසක විදියට හිනාවෙලා තමා වටා එක්රොක්ව සිටින පිරිස දිහා බැලුවා.

‘අනේ රන්ජන්…’

සමහර දෙනාට එහෙම මිමිණෙන්නට ඇත. එයාලට සමහර විට මතකයට එන්න ඇත්තේ ‘පාර්ලිමන්ට් ජෝක්ස්’. එහෙම නැත්නම් ‘ලීඩර්’ චිත්‍රපටයේ මංගල දැක්මට ආව රන්ජන්ව වෙන්න ඇති. කොණ්ඩෙට බී්‍රල් ක්‍රීම් ගාලා පීරලා, තද කහපාට ෂර්ට් එක යටකරලා, නිල් පාට ඩෙනිම ඇඳගෙන ආව ‘රන්ජා’ව ඔවුන් මොහොතකට වාගේ මේ ‘සිරකාරයා’ එක්ක කම්පෙයාර් කරන්න ඇති. හැමෝම වාගේ යම් නිශ්ශබ්දතාවක් තුළ මඳක් තුෂ්ණිම්භූතව සිටියා. ‘රන්ජා’ව බදාගෙන ඉඹගන්නවත්, දම්පාට පීත්ත පටියකින් හැඩවුණු අමු ඕකිඩ් මල් මාලයක්වත් ඔහුට දාන්න තියා අතට අත දීලා ඔහුව පිළිගන්නවත් අවට හිටපු ආරාධිත අමුත්තොවත් ඉදිරිපත්ව සිටියේ නැහැ. මොකද රන්ජන්ගේ පැමිණ යෑමේ මොහොත නීති පොතට සම්මතව සිදුවූවක් නිසයි. එහෙම වුණේ.

‘ඒයි අන්න රන්ජන්… අන්න රන්ජන්…’
සාප්පු සංකීර්ණයට පැමිණි පිරිසක් එහෙම කෑගැසුවා.

මීයට පිම්බ නිහඬ බව සැණෙකින් බිඳී ගියේ හැමෝම රන්ජාට චියර් කරන්න ගත්ත නිසයි. ෂෝ එක පටන් ගන්න වෙලාවත් පැනලා නිසා 2.45 පහුවෙලා රන්ජන්ව වටකරගත්ත බන්ධනාගාර නිලධාරීන් වටපිටාව ගැන සහ රන්ජන්ගේ ආරක්ෂාව ගැන බොහොම විමසිලිමත් වෙමින් ‘ස්කෝප්’ සිනමා ශාලාව දෙසට ගමන් කරන්න ගත්තා. සාප්පු සංකීර්ණයට තම පෞද්ගලික අවැසිතාවන් සඳහා පැමිණ සිටි හැමෝම ‘අනේ අර රන්ජන් නේද…?’ කියා කෑගහන්න ගත්තා. තම අවශ්‍යතා මොහොතකට අමතක කළ සමහර දෙනා රන්ජන් දිහා බලාගෙන බොහොම හැඟීම්බරව අත වනන්න හිනාවෙන්න ගත්තා. රන්ජන් මුහුණ පුරා පිරුණු හිනාව සමග හිස ඇලකරමින් ඒ හැමෝටම ආචාර කළා. ඔහුගේ ඇස් දෙක පුරා තිබුණේ සතුටු කඳුළු. මොහොතකට ඔහු ඒවා පිසදැම්මේ තවමත් විලංගුවලට හිරවෙලා තිබුණු දෑතින්මයි.

‘අනේ දැන්වත් මාව මේ චිත්‍රපටය බලනතුරුවත් මේ මාංචුවලින් නිදහස් කරනවද කරුණාකරලා…?’

තමාට වෙන්කර තිබූ අසුන ළඟට ආවට පස්සේ රන්ජන් රාමනායක තමා අබියස හිටපු බන්ධනාගාර නිලධාරිතුමාගෙන් එහෙම ඇහුවේ පුදුමාකාර හැඟීම්බර බවකින්. අහල පහළ හිටපු කලා ශිල්පීන්ගේ හිත් මොහොතකට ගැස්සුණා. ඔවුන්ගේ ඇස්වලට කඳුළු ඉනුවා. වෛi නිලධාරී භාග්‍යා මොහොට්ටි තම දෙනෙත ඇඟිලි තුඩින් පිසදමන ආකාරය හැමෝම දැක්කා. දිනක්ෂි, සාරංග, මහේෂි මධුශංකා කඳුළට ඉඩදෙන අතරම විලංගුවලින් මිදුණු රන්ජන්ගේ දෑත් තම දෑතින් තෙරපා ගනිමින් වරින් වර පැමිණ ඔහුගේ සුවදුක් විමසන්න ගත්තා.

‘ද ගේම්’ මංගල දර්ශනය ආරම්භ වුණා. තම ප්‍රහර්ෂණාත්මක දර්ශන නරඹන විට රන්ජන් හිනාවුණේ ඒ රඟන්නේ තමා නෙවෙයි කියන හැඟීමෙන් වාගෙයි. ඒ තරමටම තමාගේම ජෝක්ස්වලට ඔහුට හිනා. සැරින් සැරේට රන්ජන් චිත්‍රපටය නරඹමින් ඇති වෙන්න හිනාවෙන තමා අසලම අසුන්ගෙන ඉන්න බන්ධනාගාර නිලධාරිතුමා දිහාත් බැලුවා. සමහර විට තමා සතුව ඇති මිනිසුන් පිනවීමේ හැකියාව ගැන ඔහුට ඒ මොහොතේ ආඩම්බර සතුටක් දැනෙන්න ඇති. කිසිම හැලහොල්මනක් කලබලයක් නැතිව ‘ද ගේම්’ මංගල දර්ශනය අවසාන වුණා. වෙලාව එහා මෙහා වෙලා තිබුණු නිසා චිත්‍රපටය නිමවුණු සැණින්ම වාගේ රන්ජන්ගේ දෑතට ආයෙම විලංගු වැටුණා. ඒ වෙලාවේ ඔහුගේ දෑසට පිරුණු ඉක්මන් කඳුළ හැමෝම වාගේ දැක්කා.

‘මගේ චිත්‍රපටයක මංගල දර්ශනය බලලා ආයෙම මම යන්නේ හිරගෙදරට නේද…?’ කියලා සමහර විට රන්ජන්ට හිතෙන්න ඇති නේද? මොහොතකට ලැබුණු නිදහස තුළින් සමුගෙන රන්ජන් ‘සිටි සෙන්ටර්’ සාප්පු සංකීර්ණයෙන් බිම් මහලට යනකොට වෙලාව සවස 5.50 පහුවෙලා. ‘ස්කෝප්’ සිනමාහලට යනකොට හිටපු සෙනඟට වඩා දෙගුණයක තුන් ගුණයක සෙනඟක් ඒ වනවිට සාප්පු සංකීර්ණයට පැමිණ සිටියා. හැමෝම රන්ජන්ව දැකලා කෑගහන්න ගත්තා.

‘රන්ජන් අයියා… වී ලව් යූ සෝ මච්…’

තරුණ කෙල්ලන් රෑනක් මහ හඬින් කෑගැහුවා. එක් තරුණ කාන්තාවක් ඈ අසල උන් මිතුරියන් පිරිසකට,

‘අනේ අර රන්ජන් නේද… පව් අනේ එයා…’ කියලා කියනකොට,

‘ඇයි එයාට පව් කියන්නේ… එයා එහෙම පව් කියන්න ඕන කෙනෙක් නෙවෙයි. එයා බය නැතුව කෙළින් කතාකරපු ග්‍රේට් මිනිහෙක්. අපි එයාට චියර් කරන්න ඕනෙ…’ යැයි උස් හඬින් කිව්වා.

ඉන් පස්සේ එයාලා රන්ජන්ට අත වනලා ආචාර කරන්න ගත්තා. අත්පොලසන් හඬ ආරම්භ වුණේ කොතැනින්ද දන්නේ නැහැ. ඒ අත්පොලසන් හඬ රන්ජන් ආයෙම බන්ධනාගාර රියට ගොඩවන තුරුම ඇහුණා. විටින් විට රන්ජන් විලංගු පිටින්ම දෑසට නැඟුණු සතුටු කඳුළු පිසදැම්මේ හුඟාක් හැඟීම්බර ආකාරයකටයි. බන්ධනාගාර රිය නොපෙනී යනතුරුම රන්ජන් පසුපස පැමිණි පිරිස සහ සියලු කලාකරුවන් එදෙස බලාගෙන සිටියා. තවත් පැත්තකින් සෙනඟ ‘ද ගේම්’ 6.30 ෂෝ එක බලන්න එක පොරයට ස්කෝප් සිනමා ශාලාවට ඇදෙමින් සිටියා. ‘ප්‍රේක්ෂකයෝ මට මේ තරමට ආදරය කළාද…? ඇත්තටම ඒක මම දැනගෙන උන්නේ නැහැ. මට දැනෙන සතුට වචනවලට පෙරළන්න බැරි තරම් අප්‍රමාණයි. මට එයාලව පිනවපු සතුට වෙනුවෙන් එයාලා මේ තරම් ලොකු චියර් එකක් දෙයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ…’

‘ද ගේම්’ මංගල දර්ශනයෙන් පස්සේ දවසක රන්ජන්ව බලන්න ගිය හිතවතකුට රන්ජන් එහෙම කිව්වා කියලා අපට කිව්වේ වෛi නිලධාරි භාග්‍යා මොහොට්ටි.

එදා ෂෝ එක දවසේ රන්ජන් එයාව වටකරගෙන හිටිය ප්‍රේක්ෂකයන් වෙනුවෙන් මොනවත් කිව්වේ නැද්ද? ‘මව්රට’ අපි ඇගෙන් ඇහුවා.

‘නැහැ. රන්ජන් ප්‍රසිද්ධියේ හඬ නඟලා යමක් කිව්වේ නැහැ. හැබැයි ‘ද ගේම්’ අධ්‍යක්ෂ සුරංග ද අල්විස්,

‘පේනවනේ ඔයාට ඔයාගේ ප්‍රේක්ෂකයෝ කොච්චර ආදරෙයිද කියලා. අන්න 6.30 ෂෝ එකටත් සෙනග පිරිලා ඉතිරිලා. ඔයා චිත්‍රපට කලාව තුළ හැමදාම ඉන්න ඕනෙ රන්ජන්. හැමෝගෙම බලාපොරොත්තුව ඒකයි. ඒ බලාපොරොත්තුව කවදාවත් ඔයා බිඳින එකක් නැහැ කියලා මම හිතනවා…’ කියලා වටේ ඉන්න හැමෝටම වගේ ඇහෙන්න රන්ජන්ට කිව්වා. රන්ජන් ඒකට ප්‍රතිචාරයක් දැක්වූයේ බොහොම ධනාත්මක බැල්මකින් සහ හිනාවකින් විතරයි.

‘මෙන්න මේ ටිකත් මතක ඇතුව ලියන්න..’

ඒ, වෛi නිලධාරිනි භාග්‍යා මොහොට්ටිගෙන් ඉල්ලීමක්.

‘මිනිහෙකුගේ ශරීරය කූඩු කළාට එයාලගේ ප්‍රතිරූපය හෝ යම් පිරිසක් ඔවුන්ට දක්වන මනාපයට විලංගු දාන්න කාටවත් බැහැ. බහුතරයකගේ බලාපොරොත්තුව සහ කැමැත්ත රන්ජන්ගේ නිදහසයි. ඔහුට ඒ නිදහස ලැබෙන තුරු හැමෝම බලාගෙන ඉන්නවා. ඒ හැමෝම අතර මමත් කෙනෙක්…’
සත්තකින්ම ඈ කීවේ ඇත්තය. රන්ජන්ගේ මුහුණු පොත පුරා 2022 අගෝස්තු මස විසිවැනිදාවේ දුටු කමෙන්ට්ස්වලින් එය ඕනෑම අයකුට පැහැදිලි වනු ඇත.

‘මව්රට’ වෙනුවෙන් අපිද ප්‍රාර්ථනා කරන්නෙමු…

‘රන්ජන් උඹට නිදහස ලැබෙන්නට ඕනෑ… පැය කිහිපයකට ඇවිත් යන්න නෙවෙයි, හැමදාටම ඒ නිදහස උඹට ලැබෙන්න ඕනෑ….

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

චීන ආර්ථිකයටත් කණකොකා අඬයි…

Next Post

කොටි මෙල්ල කරන්න JR ගෙනා PTA එකෙන් රනිල් අන්තරේ මෙල්ල කරන හැටි…!

MORE NEWS

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News
Exclusive

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News
Exclusive

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

Load More
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

කිසිවකුගේ කොන්ත්‍රාත්තුවකට අනුව විපක්ෂයට හා විපක්ෂනායකවරයාට ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව පොහොට්ටුවේ දැඩි ප්‍රහාරයට ලක්වූ තිස්ස කුට්ටිආරච්චි යළිත් වතාවක් විපක්ෂයට සහ...

Read more
නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.