ඉදිරි පළාත් සභා මැතිවරණයේදී සමගි ජන බලවේගය සමග එක්ව මධ්‍යම පළාතේ මහ ඇමැති ධුරයට තරග කිරීමට තමන් සූදානම් බව එක්සත් ජාතික පක්ෂයේ උපසභාපති නවීන් දිසානායක මහතා පැවැසීය.Sri Lanka Latest News
පසුගිය දිනක මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව ඉදිරි පළාත් සභා මැතිවරණයට තරග වදින්නේ නම් තමන් නිසැක වශයෙන්ම මධ්‍යම පළාත් මහ ඇමැති අපේක්ෂකත්වයට ඉදිරිපත් වන බවකි.










