• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2019 අපි කියපු දේ ජනතාව ඇහුවේ නැති නිසා රට බංකොලොත් වෙලා විනාශ වුණා! රට ආර්ථික අර්බූදයෙන් ගලවා ගත හැකි හොඳම ටීම් එක ඉන්නේ සජබයේ! අපි ඊළඟ ක්‍රියාන්විතයට අත තියනවා! විශ්‍රාමික යුද සෙබළුන් වෙනුවෙන් අපි ඉදිරිපත් කළ වැඩපිළිවෙළට විපක්ෂනායකතුමා කැමැත්ත පළ කළා! සජිත්ට හයිය දෙන්න එක්වූ හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක තවත් කැරැල්ලක් ගැන අනතුරු අඟවයි! VIDEO I Sri Lanka Latest News

May 18, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

රට ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීමට හැකි සුදුසුම කණ්ඩායම සිටින්නේ සමගි ජනබලවේගයේ බවත් හමුදා නිලධාරින් ලෙස එම ක්‍රියාන්විතය සඳහා රටේ සිටින සියලුම ජනතාව සහ සියලුම ආරක්ෂ අංශ සමාජිකයන් එක් කරගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවත් හිටපු හමුදාපති මෙන්ම හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පැවැසීය.

හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහාගේ වැඩපිළිවෙළට සහාය දැක්වීම සඳහා සමගි ජනබලවේගයෙ සමඟ එක්වූ අතර ඉන්පසු පැවැත්වූ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.Sri Lanka Latest News

මෙම අවස්ථාවට මේජර් ජනරාල් සමන් ලියනගේ (විශ්‍රාමික) , මේජර් ජනරාල් අරුණ වන්නිආරච්චි (විශ්‍රාමික) , මේජර් ජනරාල් එච්.එම්.යු.බී හේරත් (විශ්‍රාමික) , මේජර් ජනරාල් අතුල කොඩිප්පිලි (විශ්‍රාමික) , බ්‍රිගේඩියර් මංජුල විජේසිංහ (විශ්‍රාමික) , මේජර් ජෙනරාල් ප්‍රියන්ත නාපනාගොඩ (විශ්‍රාමික) , මේජර් ජනරාල් වසන්ත ජයසූරිය (විශ්‍රාමික) , මේජර් ජනරාල් එච්.එම්.එම්.බී හේරත් (විශ්‍රාමික) , මේජර් ජනරාල් නිශ්ශංක රණවන (විශ්‍රාමික) , මේජර් ජනරාල් සුමිත් අතපත්තු (විශ්‍රාමික) , මේජර් ජනරාල් උපුල් විතානගේ (විශ්‍රාමික) , මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේ (විශ්‍රාමික) යන මහත්වරු එක්ව සිටියහ.

එහිදී අදහස් දැක්වූ හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා මෙසේ පැවැසීය.

‘‘විශ්‍රාමික යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට වගකීමක් තිබෙනවා රට ආරක්ෂා කර ගැනීමට නැවත ඉදිරිපත් වන්නට. රට යම්කිසි අගාධයකට යමින් පවතිනවානම් එයින් රට ගොඩැනීමට හිටපු යුද හමුදාපති ලෙස මට වගකීමක් තිබෙනවා.

රටේ ආරක්ෂාවට වඩා ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට අපිට අද සිදුවෙලා තිබෙනවා. වර්තමානයේ තිබෙන දේශපාලන පක්ෂ වලට වඩා රට ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීමට හැකි සුදුසුම කණ්ඩායම සිටින්නේ සමගි ජනබලවේගයේ. ‍ ඒ සඳහා සුදුසු වටපිටාවක් සකස් කිරිමට සියලුම රටේ සිටින සියලුම ජනතාව සහ විශේෂයෙන්ම විරෝදාර යුද සෙබළුන් , නැවියන් , ගුවන් සෙබළුන් , පොලිස් නිලධාරීන් , සිවිල් ආරක්ෂක නිලධාරින්ට මේ සඳහා එක්වන ලෙස ඉල්ලා සිටිනවා.

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් නැවතත් ලක්වැසි ජනතාව බේරාගැනීමට ඉදිරිපත් වෙනවා. සමගි ජන බලවේගයේ තමයි රටේ ඉදිරි පාලනය භාර ගැනීමට සිටින සුදුසුම කණ්ඩායම සිටින්නේ.

2019 දී මම නිර්පාක්ෂික අපෙක්ෂකයෙක් ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා. 2019 දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණ ඇතැම් කණ්ඩායම්වලින් රටට සුගතියක් වන්නේ නැති බව අපි රටේ ජනතාව කිව්වා. නමුත් අවාසනාවට අපි ප්‍රකාශ කළ දේවල් ජනතාව පිළිගත්තේ නෑ. ජනතාව ඒ කණ්ඩායම්වලට අවස්ථාවක් ලබාදුන්නා. එයින් අවසානයේ රටේ සියලු දෙනාට දුක්ඛිත තත්ත්වයකට මුහුණ දෙන්න සිදුවුණා.

ඒ වගේම රට නැවත ත්‍රස්තවාදයකට , විප්ලවවලට , කැරලිකෝලාහලවලට තල්ලු වෙන්න පුලුවන්. ඒ වගේම රටේ ආර්ථිකය ගොඩගැනිමට අකුල් හෙළන කණ්ඩායම් රටේ දේශපාලනයේ යෙදී සිටිනවා. ඒ නිසා අපිට වගකීමක් තිබෙනවා රටේ ජනතාව මේ සම්බන්ධයෙන් දැනුම්වත් කරන්න. ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී අපිට වගකීමක් තිබෙනවා සුදුසුම කණ්ඩායම තෝරාගැනීමට. අපි දකින නිවැරදි කණ්ඩායම සහ නිවැරදි නායකත්වය තිබෙන්නේ සමගි ජනබලවේගයේ. ඒ නිසා තමයි අපි සමගි ජනබලවේගය සමඟ එකතුවෙන්න තීරණය කළේ.

රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න සහ රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කරන්න හැකියාව සහ දැක්මක් තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රමුඛ සමගි ජනබලවේගයේ කණ්ඩායමට. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා රටට වැඩක් කරලා පෙන්වපු නායකයෙක්. අපි ඒ සඳහා පූර්ණ ශක්තිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාට ලබාදෙනවා.‘‘

විශ්‍රාමික හමුදා සෙබළුන් ආර්ථික වශයෙන් ශක්තිමත් කරන වැඩපිළිවෙළක් සජබයට තිබෙනවා

 ‘‘රුසියානු හමුදාවට එක්වු මෙරට හමුදා සාමාජිකයින් සම්බන්ධයෙන් අපි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ සාකච්ඡා කළා.  නීතිවිරෝධී මාර්ග ඔස්සේ රුසියානු හෝ යුක්‍රේන හමුදාවට එක්වී ශ්‍රී ලංකා යුද හමුවේ සිටි දක්ෂ සෙබළුන් රටට අහිමි වීම පිළිබඳව අපි කණගාටු වෙනවා. ඒ සඳහා වැඩපිළිවෙළක් අපි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ සාකච්ඡා කළා. රණවිරුවන්ව ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කරන්න අපි කටයුතු කරනවා.  මෙය සම්පුර්ණයෙන් වැරදි කටයුත්තක්. විශ්‍රාම ගිය හමුදා සෙබලෙකු සමාජීය වශයෙන් සහ ආර්ථික වශයෙන් සිටියේ යුත්තේ කොතනද යන්න පිළිබඳව අපි වැඩපිළිවෙළක් සකස් කරලා තිබෙනවා. එම වැඩපිළිවෙළ අපි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව දැනුම්වත් කළා. ඒ වැඩපිළිවෙළට විපක්ෂ නායකතුමා කැමැත්ත ප්‍රකාශ කරලා තිබෙනවා.‘‘
SendShareShare
Previous Post

යුද්ධය අවසන් කර වසර 15යි! වෙල්ලමුල්ලිවයික්කාල් සිහිකරමින් වැල්ලවත්ත වෙරළ තීරයේ සිදු කළ සැමරුමේ ජංජාලයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

ගිය පාර සල්ලි නැති නිසා ගහන්න බෑ කිව්වා! මේ පාර ඡන්ද පත්‍රිකා ගහන්න ගංගානි ලියනගේ ලෑස්තියි! Sri Lanka Latest News

MORE NEWS

රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News
Exclusive

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

Load More
රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News
Exclusive

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට Wolverhampton විශ්වවිද්‍යාලයෙන් පිරිනැමූ ගෞරව මහාචාර්ය උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වීම සඳහා බ්‍රිතාන්‍යය බලා යෑමට රුපියල් මිලියන 16.6ක...

Read more
අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.