පසුගියදා ඉන්දියාව සහ බංග්ලාදේශය ජලය බෙදාහැරීමේ ගිවිසුමකටද, තවත් ගිවිසුම් 6කටද අස්සන් තැබීය.
එය තාක්ෂණය විද්‍යාව දියුණු කරන ගිවිසුම්ය.
බංග්ලාදේශයේ අගමැතිනිය ෂික් හසීනා දින හතරක සංචාරයක් සඳහා ඉන්දියාවට ගිය අතර ඇයට මෙම සංචාරය දේශපාලන වශයෙන් වැදගත්ය.
මන්ද ඇය මහ මැතිවරණයකට සූදානම් වෙමින් සිටී.
1996 ජලය බෙදාගැනීමේ එකඟතාවකට පසු කුඩියාරාහි ජලය බෙදාගැනීමට එකඟ වී තිබේ.
ඉන්දීය අගමැති මෝදි ප්‍රකාශ කළේ මෙම ගිවිසුම ඇසෑමයේ දකුණු පළාත්වලට බංග්ලාදේශයේ සයිල්නෙට් පළාත්වලට ප්‍රතිලාභ අත්කර දෙන බවය.
ඉන්දියාවේ ටීසාටා ගංගාවේ ජලය බෙදාගැනීමේ ගිවිසුම ගැන ඉමහත් බලාපොරොත්තු තිබුණත් එය සාර්ථක වී නැත.
2011දී ඉන්දියාව වියළි කාලයේ එහි ජලය බෙදාගැනීමට එකඟ වුවත් එම ගනුදෙනුව හරිගියේ නැත්තේ බටහිර බෙංගාලයේ මහ ඇමැතිනී චච්නෙ බෙනර්ජිගේ විරෝධය නිසාය.
මෙම නොවිසඳුණු ප්‍රශ්නය නිසා බංග්ලාදේශයේ බොහෝ දෙනා මෝදිව විවේචනය කළහ.
ෂික් හසීනා ඉන්දියාව සමග උණුසුම් සබඳතාවක් පවත්වා ගත් අතර එම ගංගාව සඳහා ගිවිසුමක් සකස් කර ගැනීමට උත්සුක වෙමින් සිටී.
ටීසාටා ජලය ගිවිසුම නුදුරේදීම සාර්ථක වනු ඇතැයි ඇය මාධ්‍ය සාකච්ඡාවකදී කීවාය.