• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

මෙන්න ‌මෛත්‍රිගේ අලුත්ම ‘සප්‍රයිස්’ එක’: ඉ‌වෝන්ව මරපු ජූඩ්ට සමාව ‌දෙන්නේ ඇයි?

October 26, 2019
in News, Politics
Reading Time: 1 min read
A A
මෙන්න ‌මෛත්‍රිගේ අලුත්ම ‘සප්‍රයිස්’ එක’: ඉ‌වෝන්ව මරපු ජූඩ්ට සමාව ‌දෙන්නේ ඇයි?
Share on WhatsAppShare on Facebook

ශ්‍රේෂ්ඨාධිකරණය අවසරය ලබාදුනහොත් තම ධුර කාලය අවසන් වීමට පෙර මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ පසුගිය සතියේ කොළඹ පැවැති එක්සත් ජාතීන්ගේ යොවුන් සැසිවාරයේදීය. එහිදී අදහස් දැක්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ තම නිල කාලය පුරා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව ගෙනගිය ක්‍රියාමාර්ගය සාර්ථක කරගත හැක්කේ එසේ වුවහොත් පමණක් බවය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධව අදහස් දක්වමින් තම කතාව ඇරැඹූ ජනාධිපතිවරයා, මරණ දඬුවම නියමවී සිටින පුද්ගලයකුට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන්ද තම කතාවේදී අවධානය යොමුකිරීම විශේෂ සිදුවීමක් විය.
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාට හැකියාව ලැබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරය මතය. නුදුරේදී ලැබීමට නියමිත එම තීරණය වෙනස් කිරීමේ හැකියාවක් ජනාධිපතිවරයාට නැත. නමුත් තම ධුර කාලය අවසන් වීමට මත්තෙන් මරණ දඬුවමට යටත්වී සිටින පුද්ගලයකුට ජනාධිපති සමාව ලබාදීමේ බලය ජනාධිපතිවරයා සතුව ඇත. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම කොයි හැටි වෙතත් මරණ දඬුවමට ලක්වී සිටින්නකු නිදහස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ සිදුකළ ප්‍රකාශය වඩා වැදගත් වන්නේ ඒ නිසාය. තම බලතල යොදාගනිමින් ජනාධිපති සමාව ලබාදීමට ජනාධිපතිවරයා අදහස් කරගෙන සිටින්නේ මීට දශක එකහමාරකට පමණ පෙර ශ්‍රී ලංකාව පමණක් නොව මුළු ලෝකයම කම්පා කරමින් සිදුවූ මනුෂ්‍ය ඝාතනයක වැරැදිකරුවකුට වීම හේතුවෙන් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය වැඩි දෙනාගේ අවධානයට ලක්වී ඇත. ඒ අවධානය තවත් වැඩිවී ඇත්තේ, ජනාධිපතිවරයාගේ අදහස දැනගැනීමෙන් තමා පුදුම වූ බවට ඝාතනය ලක්වූ තැතැත්තියගේ සොහොයුරිය සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළකිරීමත් සමඟය.
මෛත්‍රීපාල සිරිසේන මහතා මෙලෙස ජනාධිපති සමාව ලබාදීමට සූදානම් වන්නේ 2005 වසරේ රාජගිරිය රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේදී ඉවෝන් ජොන්සන් නමැති තරුණිය ඝාතනය කිරීමට වැරැදිකරු වූ ශර්මන්ත ජූඞ් ඇන්තනී ජයමහටය. ශර්මන්ත ජූඞ් හට මරණ දඬුවම පැනවීමද ශ්‍රී ලංකාවේ නීති ඉතිහාසය මුළුමනින්ම වෙනස් කළ සිදුවීමක් විය. මහාධිකරණයට පමණක් නොව අභියාචනාධිකරණයටද මරණ දඬුවම ලබාදිය හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදුන්නේ ඉතිහාසයේ පළමු වරට එම නඩු තීන්දුවේදීය.
ස්වීඩන් ජාතික කෝටිපති පියකුට සහ ශ්‍රී ලාංකික මවකට දාව උපන් ඉවෝන් ජොන්සන් සහ ඇයගේ සොහොයුරිය වූ කැරලයින් ජොන්සන් අධ්‍යාපනය ලබා ඇත්තේ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පාසලකය. පාසල් අධ්‍යාපනය නිමා වීමෙන් පසු රූපලාවණ්‍ය පාඨමාලාවක් හැදෑරීම සඳහා 2004 වසරේදී ලන්ඩන් නුවර බලා පිටත්ව ගිය ඉවෝන් නිවාඩුවක් සඳහා නැවත ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ඊට වසරකට පමණ පසුවය. ඒ 2005 වසරේ ජුනි මස 29 වැනිදාය. තම මවුපියන් සහ සොහොයුරිය සමඟ නිවාඩුව ගතකර නැවත ලන්ඩන් බලා පිටත්ව යෑමේ බලාපොරොත්තුවෙන් සිටි ඉවෝන් මේ අවාසනාවන්ත සිදුවීමට මුහුණදෙන්නේ ඊට පසු දිනය.
ශ්‍රී ලංකාවට පැමිණි ඉවෝන් ජුනි මස 30 වැනිදා රාත්‍රියේ තම සොහොයුරිය සමඟ රාත්‍රී සමාජ ශාලාවක් වෙත යන්නේ මිතුරන් කිහිප දෙනකු සමඟ පැවැත්වූ සාදයක් සඳහාය. කුඩා කල සිටම බටහිර පන්නයට ජීවත් වූ ඉවෝන්ට මෙන්ම කැරලයින්ටද රාත්‍රී සමාජ ශාලා යනු නුපුරුදු තැනක් නොවීය. නමුත් එදින ඒ ගමන සඳහා සොහොයුරියන් දෙදෙනා සමඟ අමුත්තකුද එකතු වී සිටියේය. ඒ, කැරලයින්ගේ පෙම්වතා වූ ශර්මන්ත ජූඞ්ය. කැරලයින් ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් ටික කලකට පසු කැරලයින් සහ ශර්මන්ත අතර ප්‍රේම සම්බන්ධය ආරම්භ වී ඇත්තේද රාත්‍රී සමාජ ශාලාවකදී ඔවුන් දෙදෙනා හමුවීමෙන් පසුවය.
කොළඹ නගරයේ ප්‍රසිද්ධ රාත්‍රී සමාජ ශාලාවකට ගොස් මිතුරන් හමුවූ තිදෙනා ඉන් පසුව තවත් සමාජ ශාලා කිහිපයකටම ගමන් කර ඇත. එහිදී ඔවුන් තිදෙනාම කිහිප වරක් විවිධ වර්ගයේ මත්පැන් පානය කළ බවද අනාවරණ වී ඇත. ඒ අතරතුර කිහිප වරක් ශර්මන්ත සහ ඔහුගේ පෙම්වතිය වන කැරලයින් අතර බහින්බස් වීම් කිහිපයක්ම සිදුවී ඇත. තම සොහොයුරිය වෙනුවෙන් ඊට මැදිහත් වූ ඉවෝන්, තම සොහොයුරියගේ ජීවිතය විනාශ කළා යැයි ශර්මන්තට කිහිප වරක්ම දෝෂාරෝපණය කර ඇත. කෙසේ නමුත් දිගින් දිගටම සිදුවන මේ බහින්බස් වීම් හේතුවෙන් නැවත නිවෙස බලා යෑමට කැරලියන් තීරණය කර ඇති අතර ඇයව නිවෙසට ඇරලවීම සඳහා ශර්මන්තද පිටත් වී ඇත. ඔවුන් දෙදෙනා පිටව යද්දී ඉවෝන් සමාජ ශාලාවේ නතර වී ඇත්තේ වෙනත් මිතුරියක සමඟින්ය.
බහින්බස් වීම් කෙසේ වෙතත් කිසිදු හිරිහැරයක් සිදු නොකරමින් තම පෙම්වතිය රාජගිරිය රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේ පිහිටි ඇයගේ නිවෙස වෙත ඇරලීමට ශර්මන්ත කටයුතු කර ඇත. පෙම්වතිය නිවෙසට ඇරලුවද තම සිත තුළ අවදී වූ යක්ෂයා මරාදැමීමට අසමත් වූ ශර්මන්ත බගතලේ පාරේ පිහිටි සිය නිවෙසට පිටත්ව නොගොස් රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේම රැඳී සිට ඇත. ඒ, තමා වෙත දෝෂාරෝපණය කළ පෙම්වතියගේ සොයුරිය නැවත පැමිණෙන තෙක්ය.
රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේදී තරුණියක අමාණුෂික අන්දමින් ඝාතනය කර ඇති පුවත රට පුරා පැතිර යන්නේ ඊට පසු දින නිවාස සංකීර්ණයේ සේවිකාවකට ඉවෝන් ජොන්සන්ගේ සිරුර හමුවීමත් සමඟය. ඇයගේ සිරුර වැටී තිබුණේ රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේ 19 වැනි මහලේ තරප්පු පෙළ මතය. ඇය පැලඳ සිටි අව් කණ්ණාඩි යුගල නිවාස සංකීර්ණයේ 22 වැනි මහලේ වැටී තිබුණු අතර අත් බෑගය සහ කරාබු යුගල නිවාස සංකීර්ණයේ 21 සහ 20 මහල් අතරතුර තරප්පු පෙළේ තිබියදී පොලිසියට හමුවිය. ඇය ඇඳ සිටි කලිසමේ අඩක් ගලවා එහි යට කොටසෙන් ඇයගේ ගෙල සිරකිරීමෙන් මරණය සිදුකර ඇති බව මරණ පරීක්ෂණයේදී අනාවරණ විය. සිද්ධිය පිළිබඳ ඇසින් දුටු සාක්ෂි කිසිවක් නොවීය. වර්තමානයේ මෙන් එකල රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේ තරප්පු පෙළ ආරක්ෂික කැමරා මඟින් ආවරණය නොවී තිබූ පසුබිමක ඉවෝන්ගේ ඝාතකයා සොයාගැනීම සඳහා දැඩි වෙහෙසක් දැරීමට පොලිසියට සිදුවිය.
රටම කැලඹූ රෝයල් පාර්ක් ඝාතනයේ ඝාතකයා සොයාගැනීමේ වගකීම රහස් පොලිසියට පැවැරුණු අතර එම පරීක්ෂණ භාරව කටයුතු කළේ එවකට පොලිස් පරීක්ෂකවරයකු වූ ශානි අබේසේකර මහතාය. සැකකටයුතු සියලු දේ පරීක්ෂා කළ අබේසේකර මහතා ඉවෝන්ගේ ඝාතකයා තබා ගිය එකම නිහඬ සාක්ෂිය සොයා ගැනීමට හැකි විය. ඒ තරප්පු පෙළේ අත්වාරුව මත වූ ලේ පැල්ලමකි. එම ලේ පැල්ලමේ සටහන් වූ ඇඟිලි සලකුණු ශර්මන්තගේ ඇඟිලි සලකුණු බව ඇඟිලි සලකුණු දෙපාර්තමේන්තුව සනාථ කළ අතර එහි තිබූ රුධිරය ඉවෝන්ගේ බව ඩී.එන්.ඒ. පරීක්ෂණය සිදුකළ ජින්ටෙක් ආයතනය සනාථ කළේය.
පසුව හෙළිකරගත් පරිදි තරප්පු පෙළ මතදී ඉවෝන් ඝාතනය කළ ශර්මන්ත නිවාස සංකීර්ණයෙන් පිටත්ව ගොස් ඇත්තේ ඔහුගේ මිතුරකු සමඟිනි. ඝාතනය සිදුකිරීමෙන් පසු මිතුරාට ඇමතුමක් ගත් ශර්මන්ත, වහාම රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයට පැමිණෙන ලෙස ඔහුට පවසා ඇත. කැබ් රථයකින් එහි ගිය මිතුරාට දැකගත හැකිවී ඇත්තේ ඇඳ සිටි කලිසම බෙල්ලේ දමා කෙටි කලිසමකින් සැරසී සිටින ශර්මන්තය. නුපුරුදු දර්ශනයක් වුවද ඒ ගැන කිසිවක් නොවිමසූ මිතුරා ශර්මන්ත කැබ් රථයේ නංවා ඔහුගේ නිවෙස අසිලින් බස්සවා පිටත්ව ගොස් ඇත. තම සොහොයුරියගේ ඝාතනය පිළිබඳ දැනුවත් කිරීමට කැරලයින් ඊට පසු දිනයේ කිහිප වරක්ම ශර්මන්ත අමතා ඇති නමුත් ඔහු එම ඇමතුම්වලට ප්‍රතිචාර දක්වා නැති අතර ඔහුගේ මවුපියන් පොලිසියට පවසා ඇත්තේ ශර්මන්ත කොළඹින් බැහැර ගොස් ඇති බවය. ඉවෝන්ගේ ඝාතකයා ශර්මන්ත යැයි සැකකිරීමට එම කරුණුද හේතු වී ඇත.
වසරකට වැඩි කාලයක් විභාග කළ එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු අයි.එම්. අබේරත්න මහතා නියෝග කළේ ශර්මන්ත ජූඞ්ට වසර 12ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂ තුනක දඩයක් නියම කරන බවය. එහිදී අධිකරණය තීන්දු කර තිබුණේ ඉවෝන් ජොන්සන්ගේ ඝාතනය මිනිමැරුමක් නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් බවය. ශර්මන්ත ජූඞ්ට එරෙහිව එම පළමු නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළේ 2006 වසරේ ජුලි 28 වැනිදාය. එම තීන්දුවෙන් සෑහීමකට පත් නොවූ එවකට නීතිපතිවරයා එම නඩු තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණය ඉදිරියේ ඇපෑලක් ගොනු කළේය. එමෙන්ම තමන්ට ලබාදුන් දඬුවමට එරෙහිව ශර්මන්තද අභියාචනාධිකරණය ඉදිරියේ ඇපෑලක් ගොනු කළේය. විත්තිකරුගේ සහ නීතිපතිවරයාගේ ඇපෑල සලකා බලමින් මහාධිකරණය ඉදිරියේ ඉදිරිපත් වූ කරුණු නැවත වරක් පරීක්ෂණයට ලක් කළ අභියාචනාධිකරණය ශර්මන්තට එරෙහිව ලබාදුන් දඬුවම වෙනස් කරමින් වැරැදිකරුවකුට ලබාදිය හැකි උපරිම දඬුවම වන මරණ දඬුවම ඔහුට ලබාදීමට තීරණය කළේය. ඒ, 2012 වසරේදීය. එයට එරෙහිව නැවත වරක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියාචනයක් ඉදිරිපත් කිරීමට ශර්මන්තගේ මවුපියන් කටයුතු කළ නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව වූයේ අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව නිවැරැදි බවය. ශ්‍රී ලංකාවේ නීති ඉතිහාසය වෙනස් කරමින් එම ඓතිහාසික තීන්දුව ලබාදීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේ 2014 වසරේදීය.
මරණ දඬුවමට නියමවී සිටින ශර්මන්ත ජූඞ්ට ජනාධිපති සමාව ලබාදීමට තීරණය කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පැවැසූයේ ඔහු බන්ධනාගාරය තුළ ඉතාම යහපත් ලෙස කල් ගතකර ඇති බවය. එමෙන්ම බන්ධනාගාරය තුළදී ආචාර්ය උපාධියක් අවසන් කිරීමටද ඔහු කටයුතු කර ඇති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. නමුත් එම තීරණයට එරෙහිව අදහස් දක්වා ඇති ශර්මන්තගේ පැරැණි පෙම්වතිය වූ කැරලයින් ජොන්සන් පවසන්නේ ශර්මන්ත නිදහස් කළ හොත් එය තමන්ට සහ තම මවුපියන්ට සිදු කරන බලවත් අසාධාරණයක් වනු ඇති බවය. තම සොහොයුරියගේ අකල් වියෝවෙන් පෑරුණු හිත් තවමත් සුවපත් වී නැති බව පවසන ඇය, කෝටි ගණනක් වියදම් කරමින් ශර්මන්තගේ මවුපියන් ඔහු නිදහස් කරගැනීම සඳහා නොයෙක් උත්සාහ යෙදූ බවද සඳහන් කර ඇත. එබැවින් තම සොහොයුරියගේ ඝාතකයාට ජනාධිපති සමාව ලබාදීම වැළැක්වීම සඳහා කළ හැකි සියලු දේ සිදුකරන බවද කැරලයින් වැඩිදුරටත් සඳහන් කර ඇත.
කුඩුකාරයන්ට ලබාදී ඇති මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා අධිකරණයේ අවසරය ලැබෙන තෙක් මඟ බලා සිටින ජනාධිපතිවරයා, මනුෂ්‍ය ඝාතනයකට වගකිව යුත්තකුට ජනාධිපති සමාව ලබාදීමට සැරසීම මේ වන විට බොහෝ දෙනකු විමතියට පත්කරන කාරණාවක් වී ඇත.

SendShareShare
Previous Post

සරල ජනපතිගේ ‌කොළඹ හතේ තෑග්ග

Next Post

වෙල්ගමගේ ‌ගෙට පැන්නේ ‌හොරකමටද-මිනී මරන්නද? මට දුන්නේ ‌රෙඩ් සිග්නල් එකක්-‌වෙල්ගම

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.