ඉන්දියාවෙන් යුක්රේනයට යැවුණු දෙවන මානුෂීය ආධාර තොගය පසුගිය දා රුමේනියාවට ගුවනින් යවා තිබේ.
එම තොගයට ඖෂධ වෛදා්‍ය උපකරණ සහ වෙනත් සහන භාණ්ඩ ද අන්තර්ද ගතව ඇත.ඉන්දියාවෙන් යුක්රේනයට මානුෂීය ආධාර සැපයීමේ ක්‍රියාවලිය “ගංගා”මෙහෙයුම වශයෙන් නම් කර තිබේ.
ඉන් අනතුරුව එම සහනාධාර තොගය එරට සිට යුධ කලාපයට ප්‍රවාහනය කිරීමට රුමේනියානු බලධාරීනට භාරදුන් බව රුමේනියාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් නිකුත් කර ඇති “ට්විටර්”පණිවිඩයක සඳහන් වේ.
ඉන්දියාව යුක්රේනයට යැවූ පළමු මානූෂීය ආධාර තොගය පසුගිය මාර්තු මුල් සතියේ දී යැව්වේ පෝලන්තය හරහා බව ඉන්ීය විදේශ ලේකම් හාර්ෂ් වර්ධන් ෂරිංග්ලා පැවසුවේය.
එම තොගයට ද ඖෂධ වෛදා්‍ය උපකරණ සහ වෙනත් සහන භාණ්ඩ ද අඩංගු වූ බව ද,එම සැපයුම මාර්තු මුල් සතියේ යැවුණේ යුක්රේන රජය විසින් කරන ලද ඉල්ලීමකට අනුව බවද හෙතෙම කීය.
ගංගා මෙහෙයුම මානුෂීය සහනාධාර සැපයීමට පමණක් නොව යුද්ධය කරණකොට ගෙන තම මව්බිමට(භාරතයට)පැමිණිය නොහැකිව සිටින ස්වදේශිකයන් ගුවනින් කැඳවා ගෙන ඒමට කලාපීය රටවල සහයෝගීතාවෙන් ක්‍රියාත්මක කෙරුණු දැවැන්ත ව්‍යාපෘතියකි.
චන්ද්‍රසේන මාරසිංහ