• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

ප්‍රභාකරන් මැරෙන්න කලින් බලපු අන්තිම චිත්‍රපටය ඇත්ත වෙයිද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

April 2, 2022
in Exclusive, Gurudawa
Reading Time: 3 mins read
A A
ප්‍රභාකරන් මැරෙන්න කලින් බලපු අන්තිම චිත්‍රපටය ඇත්ත වෙයිද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

හමුදාව කිලිනොච්චිය අල්ලලා ඉස්සරහට එන විට එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන් හිටියේ හතර වටින් කොටු වෙලාය. ඊළඟට කරන්න ඕනා මොනවාදැයි හිතාගත නොහැකිව සිටි ඔහුට ඔහුගේ ප්‍රචාරක අංශයෙන් එකල ප්‍රකට වූ හොලිවුඩ් චිත්‍රපටයක වීඩියෝවක් ලැබිණි. ප්‍රභාකරන් හොලිවුඩ් චිත්‍රපට බලන්න රුසියෙකි. ඔහුගේ ප්‍රියතම නළුවා ක්ලින්ට් ඊස්ට්වුඩ් බව ඔහුම කියා තිබිණි. තමා ක්ලින්ට් ඊස්ට්වුඩ්ගේ චිත්‍රපට බලා සටන් කලාව ඉගෙනගත් බව ඔහු එම සම්මුඛ සාකච්ඡාවේදී කියා තිබිණි. පසුව ප්‍රභාකරන්ගේ එම ප්‍රකාශය දුටු ක්ලින්ට් කීවේ තමාගෙන් සටන් කලාව ඉගෙන ගැනීම ගැන තමා අමන්දානන්දයට පත්වන බවත්, සටන අතහැර සාමයට එන ලෙස තමා කාරුණිකව ඉල්ලා සිටින බවත්ය. එහෙව් ප්‍රභාකරන්ට හතර වටින් කොටුවී සිටියදී ලැබුණේ ‘300’ නම් වූ චිත්‍රපටයය. මෙම චිත්‍රපටය තිරගත වුණේ 2006දීය. ප්‍රභාකරන් කලින් මේ චිත්‍රපටය බැලුවාද නැද්ද යන්න හෙළිදරව් වී නැත. කෙසේ හෝ 2009 කිලිනොච්චි ඇදවැටීමෙන් පසු ඔහුගේ අතට මේ චිත්‍රපටය ලැබිණි.

මේ චිත්‍රපටයෙන් කියන්නේ ස්පාටන්ස් හමුදාව පර්සියානු දේව රජුන්ගේ හමුදාවට එරෙහිව කළ යුද්ධයය. ඒ යුද්ධයට ස්පාටන්ස්වරුන්ගේ නායකයා වූ ලියෝනිඩාස්ට හිටියේ 300ක හමුදාවක් පමණි. ඒ 300 ඔහුගේ ආරක්ෂක භටයන්ගෙන් සැදුම්ලත් හොඳින් පුහුණු කරන ලද මරාගෙන මැරෙන හමුදාවකි. ඔවුන් පර්සියානු දේව රජුගේ දසදහස් ගණනක් වූ හමුදාවට ස්පාටන්ස්වරුන්ගේ 300 හමුදාව එල්ල කරන්නේ දැඩි පීඩනයකි. අවසානයේ දේව රජුට යුද බිමට යෑමට සිදුවේ. ඔහු යුද බිමට යන්නේ දෙවියන්ටවත් අත තියන්න බැහැ යැයි ප්‍රකටව සිටි ඔහුගේ අමරණීය හමුදාව සමගය. දේව රජු අමරණීය හමුදාව සමග සටනට යන්නේ ස්පාටන්ස්වරුන්ගේ ඔත්තුකාරයෙක් දුන් රහස් මාර්ගයකින්ය. ස්පාටන්ස් නායක ලියෝනිඩාස් අමරණීය හමුදාවට පලායන තැනට ප්‍රහාර එල්ල කොට රජුගේ ජනරාල්වරයාවත් ඝාතනය කොට රජුටත් තුවාල කිරීමට සමත් වෙයි. ඒත් රජුගේ හමුදාව දසදහස් ගණනින් වටකරද්දී තමන්ට ජයග්‍රහණය කළ නොහැකි බව ස්පාටන්ස් නායකයාට තේරෙයි. ඔහු ඔහුගේ 300 හමුදාවෙනුත් ඉතිරි වී සිටි අයගෙන් එක් අයකුට බේරී පලායන ලෙස කියයි. පලාගොස් ස්පාටන්ස්වරුන්ගේ රාජ්‍යයේ සිටි ඔහුගේ මවට සහ එහි සිවිල් වැසියන්ට තමා සහ 300 කළ පරිත්‍යාගය කියා කෙදිනක හෝ මේ පරිත්‍යාගයට පර්සියානු රජුගෙන් වන්දි ගන්නා ලෙස උපදෙස් දෙයි. ස්පාටන්ස්වරු පර්සියානුවන් සමග මරාගෙන මැරෙන සටනක් කොට මියයයි. නායකයාගේ උපදෙස් මත පලා ආ සගයා ස්පාටන්ස්ගේ රාජ්‍යයේ වැසියන්ට ලේවලින් සිදුකළ ඒ පරිත්‍යාගය ගැන කියද්දී වැසියන් මෝහනයට පත්වී පර්සියානු දේව රජු මරා යුද්ධය දිනන්න හමුදාවට බැඳෙන්න කැමැත්ත පළ කරයි. වසරකට පසු පර්සියානු දේව රජුගේ හමුදාව ස්පාටන්ස්වරු අතින් අන්ත පරාජයකට ලක්වේ.

ප්‍රභාකරන් මේ චිත්‍රපටය බලා යටත් වෙන්න නොව, ස්පාටන්ස්වරු වගේ මරාගෙන මැරෙන්න සූදානම් වෙන්න යැයි එල්.ටී.ටී.ඊ. නායකයන්ට දැනුම් දුන් බව යුද්ධයෙන් පසු අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය නායකයන් හමුදා බුද්ධි අංශවලට පවසා තිබිණි. ප්‍රභාකරන් එම 300 චිත්‍රපටය හැම එල්.ටී.ටී.ඊ. කඳවුරකම පෙන්වන ලෙසත්, ස්පාටන්ස්වරුන්ගේ පරිත්‍යාගය ගැන දේශන පවත්වන ලෙසත් උපදෙස් දී තිබුණු බව හමුදා බුද්ධි අංශවලට පසුව දැනගන්න ලැබිණි. වෙල්ලමුල්ලි වයික්කාල්හි සිවිල් වැසියන් සහ එල්.ටී.ටී.ඊ.යේ දක්ෂතම සෙබළුන් වෙන්කොට ඔහු ලේ හලන ඒ පරිත්‍යාගයට සූදානම් වූ බවත් අත්අඩංගුවට පත් ප්‍රාදේශීය නායකයන් පවසා තිබිණි.

ප්‍රභාකරන් ඝාතනය වී අදට වසර 13කි. ප්‍රභාකරන් ඝාතනය වූයේ 2009 මැයි මාසයේය. හරියටම වසර 10කට පසු 2019 අප්‍රේල් අග පාස්කු බෝම්බය පුපුරා ගියේය. ප්‍රභාකරන් ඝාතනය කළ යුද්ධයට නායකත්වය දුන් රාජපක්ෂවරු යළි බලයට ආහ.

ප්‍රභාකරන් 300 චිත්‍රපටය බලා හිතන්න ඇත්තේ හමුදා ප්‍රහාරවලින් වෙල්ලමුල්ලිවයික්කාල් ලේ විලක් වූ විට ජාත්‍යන්තර ප්‍රජාව ඇවිත් දමිළ ජනතාවට විසඳුමක් සහ ඝාතනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ ජීවිතවලට අගයක් දෙනු ඇතැයි කියාය. පසුගිය වසර 13ම ගෝලීය එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව මේ සඳහා හැම උත්සාහයක්ම ගත්තේය. 2015 මහින්ද දින්නා නම් එවැනි ජාත්‍යන්තර මැදිහත්වීමක් ඇතිවිය හැකිව තිබිණි. නමුත් මෛත්‍රි-රනිල් ජයග්‍රහණයෙන් එය වැළැක්වුණි. ඒත් වසර 13කට පසු ප්‍රභාකරන් සිතූ ලෙසම රාජපක්ෂවරු යළි බලයට ඇවිත් තිබේ. අද ජනාධිපති ධුරය දරන්නේ 2009 යුද්ධයට නායකත්වය දුන් ආරක්ෂක ලේකම් ගෝඨාභයය.

අද ගෝඨාගේ පාලනය යටතේ ලංකාවේ දකුණේ මිනිසුන් ජීවත් වන්නේ යුද්ධය කාලයේ උතුරේ මිනිසුන් ජීවත් වූවා වගේය. එකල උතුරට තෙල් නැත. විදුලිය නැත. ගෑස් නැත. තිබුණේ හිස් බෝතල්වලට දමපු භූමිතෙල්ය. අද දකුණට භූමිතෙල්ද නැත. දකුණේ මිනිසුන් ඉන්නේ පාන් කියාගන්න බැරිව හෙම්බත් වෙලාය. ඔවුන් කියන්නේ ‘ගෝඨා ගෝ’ කියාය. මේ වෙලාව කුමන්ත්‍රණයකට හොඳම වෙලාවකි. ආණ්ඩු පෙරළන කුමන්ත්‍රණයකට හොඳ දසාවකි. මේ බව දැන රාජපක්ෂවරු එල්ලෙන්න හදන්නේ 2015 රාජපක්ෂවරුන්ට එරෙහි කුමන්ත්‍රණයේ මව සහ පියා වූ ඉන්දියාව සහ ඇමෙරිකාවේ වලිගයේය. බලය ආරක්ෂා කරගන්න නම් ඉන්දියාව සහ ඇමෙරිකාව කියන ඕනෑම දෙයක් කිරීමට ඔවුන් සූදානම්ය. 2019 ජනාධිපතිවරණයෙන් පසු ‘මම දින්නේ සිංහල ඡන්දවලින්’ කියපු ගෝඨා දෙමළ ජාතික සන්ධානය හමුවී ‘මාව විශ්වාස කරන්න, මම ඔබ ඉල්ලන දේවල් ඉටු කරනවා’ කීවේ ඒ නිසාය.

ඇමෙරිකාවේ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් හමුවී ගෝඨා කීවේ ගෝලීය කොටි ඩයස්පෝරාව සමග සාකච්ඡා කරන්න තමන් සූදානම් බවය. ඇය ලංකාවෙන් ගිය විගස දෙමළ ජාතික සන්ධානය හමුවී ගෝඨා කීවේ 2019 බලයට ඇවිත් කොටි ඩයස්පෝරාවට තමන් පනවපු තහනම ඉවත් කොට ඔවුන් සමග තමා සාකච්ඡා කොට උතුරු – නැගෙනහිර සංවර්ධනය කරන්න ආණ්ඩුවත්, දෙමළ ජාතික සන්ධානයත් ඒකාබද්ධ අරමුදලක් ඇතිකොට ඩයස්පෝරා මුදල් ඊට ලබාගන්නා බවය. එල්.ටී.ටී.ඊ. සංක්‍රාන්ති ආණ්ඩුවේ අගමැති රුද්‍රකුමාර් කොටි ඩයස්පෝරාවේ දමිළ නීතිවේදීන් සමග 2002 රනිල්ගේ ආණ්ඩුව සමග අන්තර්කාලීන කවුන්සිලයත්, 2005 චන්ද්‍රිකාගේ ආණ්ඩුව සමග සුනාමි සහන මණ්ඩලයත් හදන්න පෙරමුණ ගත් අයෙකි. ඔහු රජය සහ එල්.ටී.ටී.ඊ.ය අතර පැවැති සාම සාකච්ඡාවටද සහභාගි විය. දැනට මාස කිහිපයකට පෙර පසුගිය වසරේ සුමන්තිරන් අධ්‍යාපන ඇමැති ජී.එල්. පීරිස් සමග පසුගියදා ලංකාවේ සේවය අවසන් කළ ඇමෙරිකානු තානාපතිනි ඇලීනා හමුවිය. එම හමුවෙන් පසු දිනේෂ් ගුණවර්ධන විදේශ ඇමැති ධුරයෙන් ඉවත් කොට ජී.එල්. විදේශ ඇමැති විය. කොටි ඩයස්පෝරාව සමග ආණ්ඩුව සාකච්ඡා කිරීමට සූදානම් බව ජී.එල්. මුලින්ම කීවෙ එම හමුවට පසු විදේශ ඇමැති ධුරය භාරගෙනය. ඉන් පසු සුමන්තිරන් ඇමෙරිකාවේ ආරාධනයක් මත බි්‍රතාන්‍යයට සහ ඇමෙරිකාවට ගොස් දමිළ කොටි ඩයස්පෝරාව හමුවී ඔවුන්ද සමග ඇමෙරිකානු රාජ්‍ය දෙපර්තමේන්තු ප්‍රධානීන් හමුවිය. සුමන්තිරන් මේ සංචාරයට යෑමට පෙර බැසිල්ගේ අයවැය තේ පැන් සංග්‍රහයේදී ගෝඨාභයව හමුවිය. ගෝඨා ඇහුවේ, ‘කවද්ද ඇමෙරිකාවෙ යන්නේ’ කියාය. ‘ගිහින් ආව ගමන් අපි හමුවෙමු’ යැයි ගෝඨා සුමන්තිරන්ට කීවේය. ඒ කියන්නේ සුමන්තිරන් කොටි ඩයස්පෝරාව සමග ඇමෙරිකාවෙ රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රධානීන් හමුවූයේ රාජපක්ෂ ආණ්ඩුවෙ අනුදැනුම සහ ආශීර්වාදය මතය.

‘තහනම ඉවත් කළ පසු කොටි ඩයස්පෝරා නායකයන් ලංකාවට පය තබන්නේ 300 චිත්‍රපටයේ ස්පාටන්ස්ලා වසරකට පසු පර්සියාවට ආවා වගේද? ප්‍රභාකරන්ගේ හීනය හැබෑ වෙයිද…?’

හැමෝම බලාගෙන ඉන්නේ ඒ දිහාය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

භාරතයෙන් යුක්රේනයට ආධාර තොග පිටින්

Next Post

සිද්ධාලේප වෙදමහතා ජාතියට සමුදෙයි!

MORE NEWS

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය...

Read more
අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.