නායකත්වයට සුදුස්සා සෑම අතින්ම පිරුණු අයකු හෙවත් “සර්ව සම්පූර්ණ” විය යුතු බව උතුම් කියමන් අතරින් එකකි. සෑම සියලු අයකුම සර්ව සම්පුර්ණ නොවන බවද තවත් ප්‍රකාශයකි. එමගින් සුළු සුළු ප්‍රමාද fදා්ෂ ගණන් නොගැනෙන බව කියැවේ. එහෙත් මහා පරිමාණයේ හිතාමතා කරන්නාවූ වැරදි නොවේ. ඒ අන්දමේ උදවිය ඒ ඇගයීමට නුසුදුස්සෝය.
“හැටකට නායකයා පුහුල් හොද්දෙන් නොකියන ප්‍රදේශය හේදුවා” යැයි ගම්මුන් කියන්නේ අන්න ඒ අයටය.
දැන් පේන හැටියට “චීනා”ද ඒ ජාතියේ කෙනකි. දෙන බවට පොරොන්දු වූ දේ නොදෙන්නෙකි. රට්ටු කියන අන්දමට බොරු පොරොන්දු කඩ කරන්නෙකි. දෙන්නට කැමැත්තක් නැත. කර අරියි. මඟහරියි.
චීනා ඒ අන්දමේ “අංචියක්” ඇද්ද රට නයිජීරියාවය.
තමන්ට පොරාන්දු සල්ලි චීනය නොදෙන බව කියන නයිජීරියාව මේ වන විටStandard Chartrered Bank පිළිසරණ පතා ගොස් තිබේ. මෙසේ ගොස් ඇත්තේ තමන්ගේ දුම්රිය ව්‍යාපෘති දෙකකට අරමුදල් සපයා ගැනීමටය.
නයිජීරියාවේ ප්‍රවාහන ජාලය සහ යල් පිනූ බලශක්ති ජාලය ප්‍රවර්ධනය කිරීම එරට ජනාධිපති මොහම්මදු බුහාරිගේ පාලනයේ මුදුන් කණු දෙකක් වශයෙන් සැලකේ.
මෙමගින් රටේ කෘෂිකර්මාන්ත ක්‍ෂේත්‍රය මෙන්ම ඉන්ධන නොයොදා මෙහෙයවිය හැකි කර්මාන්ත සංවර්ධනය කර රටේ වැනෙන ආර්ථිකය ස්ථාවර කර ගැනීම අභිප්‍රාය වේ. එහෙත් ඒ සඳහා ප්‍රාග්ධනය ගැටලුවකි.
මේ ප්‍රශ්නය විසඳා ගැනීමේ මාර්ගයක් වශයෙන් පසුගිය සතියේදී එරට පාර්ලිමේන්තුව ව්‍යාපෘති හා ඈඳුණු ණය වශයෙන් ඩොලර් බිලියන ගණනාවක් චීනය ඇතුළු ණය පහසුකම් සපයන වෙනත් ජාත්‍යන්තර රටවල් කීපයකින් සපයා ගැනීම වෙනුවෙන් යෝජනාවක්ද සම්මත කරගනු ලැබිණි.
එහෙත් තවමත් තත්ත්වය නම් එසේමය.
“අපි ඉල්ලපු ණය මුදල ලැබෙයි කියල අපි ඇඟිලි ගැන ගැන ඉන්නවා. එහෙත් ඒ අය ඇද ඇද යනව මිසක් අපේ ඉල්ලීම ඉටුකරන පාටක් පේන්න නෑ, අපට කොච්චර කාලයක් බලා ඉන්න වෙයිද? ඒත් පිළිතුරක් නෑ” නයිජීරියා ජනාධිපති මොහම්මදු බුහාරි මාධ්‍යයට කීවේය.
තම රේල් (දුම්රිය) ව්‍යාපෘති සඳහා ණය ලබාගැනීමට යුරෝපීය ණය පහසුකම් සපයන් ගණනාවක් සමගද සාකච්ඡා පැවැත්වූ බව එරට ප්‍රවාහන ඇමැති රොටිමි අමාචිඩ පැවසුවේය.
හාර්කෝට් සිට මයිදුගුරි දක්වා වූ දුම්රිය මාර්ග ව්‍යාපෘතිය වෙනුවෙන් Standard Chartrered බැංකුව ඩොලර් බිලියන දෙකයි දශම බිංදුවයි දෙකක් (2.02) පසුගිය ජූලිමාසයේදී සපයන බවට පොරාන්දු වූ බවද ඇමැතිවරයා මාධ්‍යයට කීවේය.
කානෝ, ජිගාවා සහ කත්සිනා යන ප්‍රාන්ත දක්වා සම්බන්ධ කෙරෙන පරිදි ක්‍රියාත්මක කානෝ සහ මරාදි දක්වා වූ අන්තර් දුම්රිය මාර්ගය සඳහා තවත් මූල්‍ය ආයතනයක් පහසුකම් සපයා දීමටද කැමැත්ත ප්‍රකාශ කර ඇති බවද ප්‍රවාහන ඇමැතිවරයා අනාවරණය කෙළේය.
“අපිStandard Chartrered බැංකුවට ගියා. ඒ ආයතනය මුදල් නොදෙන බව කීවෙ නෑ. කානෝ සහ මරාදි අන්තර් දුම්රිය මාර්ගය වෙනුවෙන් කිසියම් ප්‍රමාණයකට මූල්‍ය පහසුකම් අනුමත කර දුන්නා. දෙන බව පොරොන්දු වුණා.” හෙතෙම පැවැසුවේය.
එරට පිරිහුණු ප්‍රවාහන සේවයෙන් සහ යල් පැනගිය බලශක්ති පද්ධතියෙන් ගතවූ කාල පරිච්ඡේදයේදී ආර්ථික වාසියක් අත් නොවූ තරම්ය. නයිජීරියානු ජනගහනයෙන් සියයට හතළිහක්ම (40%) ජාතික ආර්ථික මට්ටමෙන් පහළ තලයට ගැනේ.
අමාත්‍ය මණ්ඩලය ඇමෙරිකානු ඩොලර් මිලියන එකසිය අසූ හතයි දශම හතක් (187.7) කොන්ත්‍රාත් ගෙවීම් වශයෙන් අනුමත කරන ලදැයිද ප්‍රවාහන ඇමැතිවරයා පැවසීය.
චන්ද්‍රසේන මාරසිංහ





