තෙල් මිල සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේ මේ වනවිට බරපතළ බෙදීමක් නිර්මාණය වී ඇති ආකාරයක් දැකගන්නට ඇත.
මෙහිදී බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සහ මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා තෙල් මිල ඉහළ දැමිය යුතු බව සදහන් කරද්දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊට දැඩිව විරෝධය පළ කර ඇති බව දැනගන්නට තිබේ.
පසුගිය අගහරුවාදා දිනයේදීද තෙල් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් විශේෂ කැබිනට් හමුවක් ජනාධිපතිවරයා විසින් කැදවා තිබූ අතර එහිදීද මෙම බෙදීම පැහැදිලිව දැකගැනීමට හැකි විය.
කෙසේවෙතත් මෙම දෙකට බෙදීම හමුවේ ජනාධිපතිවරයාටද තෙල් මිල සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගත නොහැකි තත්ත්වයකට පත්ව සිටි බවක්ද වාර්තා වේ.










