චීනය ජාත්‍යන්තර නීති රීති පද්ධතිය තමන්ගේ ඕනෑ එපාකම් පිරිමසාගැනීමට උචිත පරිදි වෙනස්කරගන්නා බවට තායිවානය චෝදනා කරයි.
ඒ අන්දමින් ක්‍රියාකරන චීනය තම“තායිපේයි”සමුද්‍ර සන්ධියේ ස්වාධිපත්‍යයට අතපොවා ආර්ථික කලාපයේ“කෙරුම්කාරයා”වී ඇතැයිද එමගින් අරමුණ කර ඇත්තේ තම රටවන “තායිවානය”චීන පාලනයට නතු කර ගැනීම බව ද තායිවානයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශිකා“ජොආන් වූ”පෙන්නා දෙයි.
සමාන අදහස් ඇති රටවල් සමග මිත්‍රශීලී වැ අත්වැල් බැඳ ජාත්‍යන්තර නීතිපද්ධතියට අනුව ඉන්දු පැසිපික් කලාපයේ සාමය ස්ථාවර කිරීමේ අභිප්‍රායෙන් තායිවානය කටයුතු කරන බව මාධ්‍ය ප්‍රකාශිකාව කියන්නීය.තායිවාන් සමුද්‍රසන්ධිය පවත්නේ ජාත්‍යන්තර සාගරයේයි.එහි බලපවත්වන්නේතද ජාත්‍යන්තර නීතියයි.ඒ අනුව සමුද්‍රසන්ධිය ජාත්‍යන්තර බව කිව යුතුයි.
විදේශිය කවර මුහුදු යාත්‍රාවක් හෝ ජාත්‍යන්තර නීති සමුදායට අනුව මේසමුද්‍ර කලාපයේ ක්‍රියාත්මක කරන ඕනෑම ක්‍රියාවලියකට ඒ අනුව අප ගෞරව කරනවා. එක්සත් ජනපදය කලාපයේ සාමය ස්ථාපනය කිරීම උදෙසා ක්‍රියාත්මක කරන මෙහෙයුම් ක්‍රියාදාමය ගැන අපට යථායෝගී අවබෝධයක් ඇති හෙයින් ඊට සහාය දක්වනවා.
මාධ්‍ය ප්‍රකාශිකා“ජොආන් වූ”මෙ සේ අදහස් ප්‍රකාශකිරීමට හේතු පාදක වී ඇත්තේ චීන ආරක්‍ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක“වෑං වෙන්බින්”විසින් ජාත්‍යන්තර නීතිය තම වාසියට නම්මා ගෙන කරනු ලැබ ඇති ප්‍රකාශයක් හේතුවෙනි.ඔහු ප්‍රකාශ කර ඇත්තේ “මේ ප්‍රදේශය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව චීනයට අයත් බැවින් එහි ආර්ථික කට යුතු ද චීන පාලනයට යටත් බවයි.”
මේ ප්‍රදේශය(කලාපය)ජාත්‍යන්තරය සතු බවට ඇමරිකාව කියන අයිතිය ප්‍රතික්‍ෂේප කරන මාධ්‍ය ප්‍රකාශක වෑං වෙන්බින් තායිවාන් සමුද්‍ර කලාපය චීනයට අයත් බැවින් එහි ස්වාධිපත්‍ය සහ පරිපාලනය තමන්ට අයත් බව කියයි.
චන්ද්‍රසේන මාරසිංහ





