අක්මීමන විවිධ සේවා සමුපකාර සමිතියේ සභිකයින් තෝරාගැනීම වෙනුවෙන් පැවැති නිලවරණයෙන් සභික ධුර 50ක් දිනා ගනිමින් එහි පාලන බලය පිහිටුවීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම සමත්ව තිබේ.Sri Lanka Latest News
ඊයේ (06) පැවැති මෙම නිලවරණයේ දී සමස්ත සභික ධුර ප්‍රමාණයෙන් බහුතර බලය ලබා ගැනීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ සමත් වූ අතර ජාතික ජන බලවේගයට ලබා ගැනීමට හැකි වූයේ සභික ධුර 43ක් පමණි.
ඒ අනුව, සමුපකාර සමිතියේ නව පාලනය පිහිටුවීම සඳහා ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම මේ වන විට කටයුතු සූදානම් කරමින් සිටී.










