• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

June 7, 2026
in Exclusive
Reading Time: 15 mins read
A A
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2027 මාර්තු මාසයේ දී IMF ගිවිසුම් අවසන් වී රටට ලැබෙන්න ඇති විස්තීරණ ණය පහසුකම් පවා නැති වන බවත් 2028 ජනවාරි සිට ඇ. ඩොලර් බිලියන 2.5 සිට 3.5 දක්වා විදේශ ණය ගෙවීමට රටට සිදුවන බවත් මේ තත්ත්වය තුළ කුමන යම් හෝ මොහොතක ණය ගෙවීම සිදුකළ නොහැකි වුවහොත් අප රට බරපතල ඛේදවාචකයන් රැසකට මුහුණ දෙන්න සිදුවන බවත් එවැනි ඛේදනීය අවස්ථාවක් නිර්මාණය වෙන්න පෙර ඒවා වළක්වා ගන්න අවශ්‍ය සුදුසු ක්‍රියාමාර්ග ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පෑලියගොඩ ගංගාරාමාධිපති අග්ග මහා සද්ධම්මජෝතිකධජ ධම්මසේනාධිපති භාෂාන්තර විශාරද ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන් වෙත පූජා කිරීම සම්බන්ධයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයක් අමතමිනි.

අප රට අධිරාජ්‍යවාදී බලවේග ආක්‍රමණය කර, පරසතුරු බලවේග අප රට යටත් විජිතවාදයට ලක් කරන විට ගෞරවනීය මහා සංඝරත්නය ඒ කාලයේ රටට නායකත්වය ලබා දුන් රජවරුන් සමඟ අත්වැල් බැඳගෙන දේශයේ සුරක්ෂිතභාවය තහවුරු කරන්න කළ විශිෂ්ට කැපවීම අදටත් මතක් වෙන බවත් එදා සෘජු අධිරාජ්‍යවාදය ක්‍රියාත්මක වූ අතර එහි දී රට ආක්‍රමණය කර රට යටපත් කර රටේ සෛරීත්වයට භෞමික අඛණ්ඩතාවට මරු පහරවල් එල්ල කළත් අද සෘජු අධිරාජ්‍යවාදය වෙනුවට වක්‍ර අධිරාජ්‍යවාදයක් ක්‍රියාත්මක බවත් ආර්ථික, සමාජීය, වෙළෙද සබඳතා ඇතුළු විවිධ ක්‍රමවේද උපයෝගී කර ගෙන ලෝකයේ සිදුවන බොහෝ දේශපාලන පෙරලීන් තුළ අප රටට අධිරාජ්‍යවාදී බලපෑම් එල්ල වන බවත් එය වක්‍ර අධිරාජ්‍යවාදය ලෙස ද හැඳින්විය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ලෝකයත් සමඟ අප කරන ගණුදෙනුවලින් 90%ක්ම රටේ සෛරී භාවයට අදාළ කොන්දේසි කඩ කරලා

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර නීතියට අනුව අප රට සෛරී රටක් වන අතර භෞමික අඛණ්ඩතාව, දේශපාලන නිදහස සහ ඒකීයභාවය ඇති නමුත් මේ අවස්ථාවේ රටේ උද්ගත වි ඇති තත්ත්වය තුළ විවිධාකාරී ව්‍යවසනකාරී තත්ත්වයක් ඇතිව තිබෙන මොහොතේ රටක් ලෙස අප කොතෙක් දුරට සෛරී ද කියා ගැටලුවක් ඇති බවත් මේ වන විට ලෝකයේ විවිධ අංශ සමඟ අප රට සිදු කරන ගණුදෙනුවලින් 90%කට වැඩි ප්‍රමාණයකට වඩා අප රටේ සෛරී භාවයට අදාළ කොන්දේසි කෙලෙසමින් ඒ ගනුදෙනු සිදුවන බවත් එයට හේතුව වක්‍ර අධිරාජව්‍යවාදය ක්‍රියාත්මක වීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රටට උචිත රට සුරක්ෂිත කරන පොදු මතයක අප සිටිය යුතුයි

මෙය අප රටට බරපතල අභියෝගයක් බවත් ප්‍රශ්න රැසක් නිර්මාණය වී රටක් ලෙස අපේ පැවැත්ම සම්බන්ධයෙන් ගෙන බලන විට අසීමිත ලෙස බරපතල අවදානම් රැසකට අප රට මුහුණ දෙන බවත් මේ අවදානම්වලට මුහුණ දෙන විට අප තුළ කුමන වෙනස්කම් පරස්පරතා තිබුණත් රටට උචිත රට සුරක්ෂිත කරවන රට ආරක්ෂා කරවන පොදු මතයක, න්‍යායක හා ස්ථාවරයක සිටිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ දුප්පත්කම 30%ක් වන විට ළමා මන්දපෝෂණය 20%යි

මේ දැඩි අවදානම් තත්ත්වය තුළ අප රටේ ජනතාව අතිශය ලෙස දුප්පතුන් බවට පත්ව ඇති බවත් දුගී දුප්පත්කම 30-40% අතර ප්‍රමාණයක් වී ඇති බවත් 20%ක අපේ දූදරුවන් මන්දපෝෂණයට ලක්ව ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශය කියන බවත් දිනෙන් දින රැකියා කඩා වැටී ක්ෂේත්‍ර ගණනාවක බිද වැටීම් සිදුවන මොහොතේ වක්‍ර අධිරාජ්‍යවාදී බලපෑම් පරාජය කරමින් තනියම සිටගත හැකි රටක් අප නිර්මාණය කළ යුතු බවත් ඒ සඳහා වාද භේද නොතකා රට සුරක්ෂිත කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රට වෙනුවෙන් අපි එකතු විය යුතුයි

එකතුවීම යනු තමන්ගේ වාසිය ඔ්නෑ එපාකම් මත සිදුවන එකතුවීම් නොව රට ගැන සිතා රටට සුදුසු දේ යෝජනා කරන රටට අවාසිදායක තත්ත්වයන් ඇත්නම් ඒවා මඟහරවා ගැනීමට කටයුතු කිරීම සිදුවිය යුතු බවත් වගකිවයුතු විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය ද කරන්නේ එය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

භූ දේශපාලනයේ කෙළිබිමක් වූ අප රට ගොඩනගන්න එකතු වන්න

වක්‍ර අධිරාජ්‍යවාදය පරාජය කරන්න උතුම් මහ සගරුවනේ නායකත්වය හා ශක්තිය අවශ්‍ය බවත් එදා රට පාලනය කළ රජවරුන් සමඟ එකට එකතු වී රට බේරා ගන්න මහා සංඝරත්නය සිදු කළ උතුම් සේවාව අද දිනද ඉටු කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටින බවත් භූ දේශපාලනයේ කෙළිබිමක් වී ඇති අප රට ගොඩගන්න මහා සංඝරත්නයේ යෝජනා අනුශාසකත්වය අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

Next Post

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News
Exclusive

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.