“ගුවෝ වෙංගුයි”චීනයේ කොම්‍යුනිස්ට් පක්‍ෂයේ ක්‍රියාකාරකම් දැඩිව විවේචනය කළ සමාජ ක්‍රියාකාරිකයෙකි. ඒ අනුව ඔහු චීනයේ බෙයිජිං පළාතේ අධිරාජ්‍යයක් ගොඩනගා ගත්තෙකි.
එ සේ සිටින විට ඔහුට එරෙහිව චීන ආණ්ඩුව දරුණු චෝදනා මාලාවක් ඉදිරිපත් කෙළේය.“පගා මරුවකු සහ කළු සල්ලි සුදු කරන්නකු”බවට චෝදනා කෙළේය.කාන්තාවන් පැහැර ගෙන ගොස් දුෂණය කළ බවට ද චෝදනා ඉදිරිපත් විණි. .මේ සියල්ල තමාට එරෙහිව පාලකයින් ඉදිරිපත් කරන අභූත චෝදනා බව ඔහු ප්‍රකාශ කෙළේය.
චෝදනාවලට ප්‍රති ප්‍රහාරයක් වශයෙන් ගුවෝ වෙංගුයි කොම්‍යුනිස්ට් පක්‍ෂයේ උසස් නිලධාරීන්ගේ දූෂිත ක්‍රියා අඩංගු වීඩියෝ පට කීපයක් ද සමාජ ගත කෙළේය.
එහෙත් එන පොට හොඳ නැති බව තේරුම් ගත් ඔහු සරණාගතයකු වශයෙන් ඇමරිකාවට පලා ගියේය. ඒ 2014 වර්ෂයේ දීය.
ඇමරිකාවේ සිටි එකී කාලය තුළ ඔහු විසින් කරන ලද වරදක් වෙනුවෙන් ඔහු සිටි නිව්යෝර්ක් අධිකරණ බල ප්‍රදේශයෙන් බැහැර නොයාමට අධිකරණ තීන්දුවක් ද තිබිණි.එ හෙත් ඒ ගැන නොතැකූ ගුවෝ වෙංගුයි ඉල්ලා ගත් රුවල් නැවකින් බහමාස් වලට ගොස් තිබුණේය.
එවකට ජනාධිපති ට්්‍රම්ප් ගේ දේශපාලන ක්‍රමෝපායමාර්ගෝපදේශකයා ස්ටීව් බානන් ගුවෝගේ ගජ මිතුරෙකි.මේ දෙදෙනා චීන නායකත්වයට අභියෝ කිරීමේ අරමුණින් “චීනයේ නව ෆෙඩරල් රජයක්”නමින් 2018 දී සංවිධානයක් ද පිහිටුවා ගෙන තිබේ.
අනතුරුව කුඩා ගුවන් යාත්‍රා යොදා ගෙන නිව්යෝක් නිදහසේ ප්‍රතිමාවේ සිතුවම මුද්‍රිත කොඩි ද පැළැඳ, චීන පාලනය පෙරළා දමන බව ප්‍රකාශ කරමින් 2020 ජූනි මාසයේ දී ගුවන් සංදර්ශනයක් ද පවත්වා තිබේ.
ඒ මාසයේ දීම ඇමරිකානු රහස් ඔත්තු සේවය මේ දෙදෙනා ගේ සංවිධානයට මුදල් ලැබෙන ආකාරය පිළිබඳව පරීක්‍ෂණයක් ද පවත්වා ඇත.ඒ පරීෂක්‍ෂණයේ දී ගුවෝ වෙංගුයි සහ ස්ටීව් බානන් අතර පැවැති ඇමරිකානු ඩොලර් මිලියනයක කොන්ත්‍රාත්තුවක් ද අනාවරණය වී ඇත.
මැක්සිකෝ දේශ සීමාවේ තාප්පයක් ඉදිකිරීමේ යෝජනා ක්‍රමයකට යැයි කියමින් පරිත්‍යගශීලීන්ගෙන් මුදල් වංචා කළ බවට ස්ටීව් බානන් අධිකරණයෙන් චෝදනා ලැබුවේය.
මේ කාල සීමාවේ දී තමන් ගේ ව්‍යාපාරික කට යුතු බංකොළොත් වු බවට චෝදනා කරමින් ගුවෝ වෙංගුයි නිව්යෝර්ක් අධිකරණයේ නඩුවක් ගොනු කෙළේය.
එහෙත් ඔහුගේ පැටිකිරිය ගැන තීන්දු කළ නිව්යෝර්ක් අධිකරණ විනිසුරු බැරී ඔස්ටේ්‍රජර් ඔහුට අඇමරිකානු ඩොලර් මිලියන එකසිය තිස් හතරක් හෙවත් දහතුන් කෝටි හතළිස් ලක්‍ෂයක(134,000.000) දඩයක් නියම කෙළේය.
ඒ අධිකරණ බල සීමාවෙන් බැහැර නොයන ලෙසට දී තිබූ අධිකරණ තීන්දුව කඩ කිරීම නිසා එක් දිනකට ඩොලර් පන් ලක්‍ෂය (500,000) බැගින් වූ දඩ වශයෙනි.
(මාධවේදී ජෙරමි හිල් හෙරල්ඩ් “සිඩ්නි මෝර්නිං” පුවත් පතට ලියූ පුවතක් ඇසුරිනි)
චන්ද්‍ර සේන මාරසිංහ
2022.02.24





