• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

කණ්ඩලම ‌හොල්ලලා මාතලේම අල්ලන්න යන කව්ද ‌මේ ගමේ ‌කොල්ලා

March 7, 2020
in News, Politics
Reading Time: 2 mins read
A A
කණ්ඩලම ‌හොල්ලලා මාතලේම අල්ලන්න යන කව්ද ‌මේ ගමේ ‌කොල්ලා
Share on WhatsAppShare on Facebook

කණ්ඩලම…

මේ නම ඇසූ සැණින් ඔබේ හිතේ ඇඳෙන්නේ අපූරු චිත්‍රයක් විය යුතුය. කණ්ඩලම ඒ තරම්ම ලස්සනය. කණ්ඩලම වැව් තාවුල්ලේ හිඳ හීතල හුළං රැල්ලක මිහිර විඳිනා එක හරි සුන්දරය. ඈත අහස පසුබිම් කරගත් සීගිරියත්, මෑත රංගිරි දඹුල්ලත් කණ්ඩලමට පෙනෙයි. තවම කණ්ඩලම රජ දහනකි. සත්තු සිව්පාවුන් නිදැල්ලේ උන්ගේම ලෝකවල සැරිසරති. කණ්ඩලමට හඳ පායන රාත්‍රියට අලි ඇත්තු රංචු පිටින් කණ්ඩලම වැවට බසිති.
මේ කියන කණ්ඩලමට ගිහින් ප්‍රියාන් කියලා කියන්නේ කවුද කියල ඇහුවොත් අද ඒ නම නොදන්න කෙනෙක් කණ්ඩලමේ නැත. කණ්ඩලම විතරක් නෙවෙයි මුළු දඹුල්ලම අද ප්‍රියාන්ව හඳුනන්නේය.
ඔහු ප්‍රියාන් විජයරත්නය. මේ කතාව ඔහු ගැනය.
ප්‍රියාන් විජයරත්න දඹුල්ල කණ්ඩලමේ උපන් සාමාන්‍ය කෙනෙකි. ගමේ අහිංසක මිනිසුන් අතර ජීවිතය හොයාගෙන යන අතර ඔහුට වෙනස් විධියට හිතන්නට හිතුණේය. ඒ වෙනස ඔහුගේ ලෝකයට පමණක් නොව මුඵ කණ්ඩලමටම එළිය ගෙනාවේය. අදත් මුඵ ලෝකයේම අවධානය ඔහු නිසා කණ්ඩලමට ලැබේ. අද ද දෙස් විදෙස් සංචාරකයෝ දහස් ගණනින් කණ්ඩලමට එති.
නමුත් මේ කතාව ඒ ගැන නොවේ. ප්‍රියාන් නම් වූ අපූරු මනුස්සයා ගැනය. ඒ ඔහු දේශපාලනයට ආ නිසාම නොවේ. ඔහු දේශපාලනයට ආ කතාව වෙනමම එකකි. ඔහු දඹුල්ලට කරන සේවය ඊටත් වඩා කතා කළ යුතුමය. මේ උත්සාහය ඒ වෙනුවෙනි.
ප්‍රියාන් දඹුල්ලෙන් දේශපාලනයට එන්නේ 2015දීය. ඒ එජාප අපේක්ෂකයෙක් වශයෙනි. නමුත් ලංකාවේ දේශපාලනය වෙනස්ය. ඔහු යන්තමින් පැරැදුණේය. ඒ පරතරය පවා වාර්තාවකි. අඩුම ඡන්ද ප්‍රතිශතයකින් පරාජය වන්නේ ඔහුය. ඒ මැතිසබයට ගිය ඔහුට ඔහු ලැයිස්තුවේ හිමි කෙනාට වඩා මනාප හැටහතරක අඩුවකිනි. කෙසේ නමුත් ඔහු මැතිසබයට ආවේ නැත.
නමුත් ඔහු එතැනින් නතර නොවුණේය. සාමාන්‍යයෙන් ලංකාවේ දේශපාලනයට එන අය පැරැදුණාම කරන්නේ සියලු සමාජ සේවාවලින් ඉවත්ව යෑමය. සියලු මනුස්සකම් එතැනින් අහවරය. නමුත් ප්‍රියාන් එහෙම වුණේ නැත. ඔහු නොසැලුණේය. නොනැවතුණේය. සේවය එලෙසම ඉටු කරමින් අදද ඔහු දඹුල්ලට ශක්තියක්ව සිටියි.
ඔහුගේ දේශපාලන ගමන ගැන කතා කරන විට, ඔහුම පිළිතුරු දෙන ඔහුට අදාළ ප්‍රශ්න තුනක් තිබේ.
ඒ, කවුද මේ?
ඔහු දේශපාලනය ගැන මොනවද දන්නෙ?
ඔහු මොනවද කරල තියෙන්නෙ?
ඒ අතර පළමු ප්‍රශ්නයට ඉහත ලියූ දේවලින්ද පිළිතුරු ලැබේ. ඔහු සාමාන්‍ය මනුස්සයෙකි. ඔහුට දේශපාලන පවුල් පරිසරයක් නැත. දේශපාලකයන්ගේ නෑදෑකම්, නෑනා මස්සිනාකම් නැත. නමුත් ඔහු මේ ක්‍රමයට කැමැති නැත. ඔහු කියන පරිදි මාස 15කට වරක් තියන ඡන්දවලට ඔහු කැමැති නැත. වසර 72ක් තිස්සේ ආ මේ ක්‍රමයට ඔහු කැමැති නැත. නමුත් ඊළඟ වසර 10 තුළ රටට යමක් කිරීමට ඔහු අවශ්‍යව තිබේ. ප්‍රියාන් ළඟ එයට ප්‍රායෝගික පිළිතුරු තිබේ. නමුත් ඉන් එහාට ඔහු අතින් බොහෝ දේ සිදුවෙමින් තිබේ.
ප්‍රියාන් මොනවද දඹුල්ලට කළේ?
මේ අතුරු ප්‍රශ්නයකි. දඹුල්ලේ අය මේ ප්‍රශ්නය අහන්නට ඉඩක් නැතිමුත්, දඹුල්ලට වන්දනාවේ පමණක් යන අපිට ඔහු ආගන්තුකය. ඒ නිසා මේ ප්‍රශ්නයට පිළිතුරක් සෙවිය යුතුමය.

ලංකාවටම ප්‍රශ්නයක්ව තියෙන කුණු ප්‍රශ්නය දඹුල්ලටත් තිබුණේය. ඊට පිළිතුරක් හෙව්වේ ප්‍රියාන්ය. ජපානයේ ‘කවෂිමා’ ආයතනය හා එක්ව ඔහු තැනූ කුණු ප්‍රතිචක්‍රීයකරණ ආයතනයට දිනකට කුණු මෙටි්‍රක් ටොන් පනහක් ප්‍රතිචක්‍රීකරණය කිරීමේ හැකියාව තිබේ. නමුත් දඹුල්ලේ දිනෙක කුණු එකතුව මෙටි්‍රක් ටොන් තිහකි. ඒ නිසාම දැන් දඹුල්ලේ උත්තරය රටේ තවත් පැති කිහිපයකම කුණු ප්‍රශ්නවලට උත්තරයක් වී තිබේ. ඒ ඔහුගේ එක වැඩකි.
සාමාන්‍යයෙන් දඹුල්ල ගැන කියන විටත්, ඒ අපට මතකයට එන්නේ එළවඵය. නමුත් දඹුල්ලට එළවඵ සමහර වෙලාවට ප්‍රශ්නයකි. ඒ එළවඵ දවසකින් දෙකකින් කුණු වී ඉවත් කරන්නට සිදුවෙන නිසාය. ගොවියන්ට වහ බොන්නට වෙන තැනට පත්වන්නේ ඒ නිසාය. ගොවියෝ එළවඵ මහපාරට ගෙනැවිත් උද්ඝෝෂණ කරන්නේ ඒකය. ඒ ප්‍රශ්නයට මෙතෙක් උත්තර තිබ්බේ නැත. නමුත් ප්‍රියාන් ඒ වෙනුවෙන් වැඩ පටන් ගත්තේය.
ඒ මිලියන හයසිය පනහක වියදමින් තනන ශීතාගාරය හරහාය. මේ ශීතාගාරයේ එළවඵ මෙටි්‍රක් ටොන් පන්දහස් නවසීයක් ගබඩා කිරීමේ හැකියාව තිබේ. එළවඵ ගොවියන්ගෙන් අය කරන්නේ කිලෝ එකකට ශත 10කි. ඒ නිසාම මේ හරහා පාරිභෝගිකයාට රිදෙන්නේ නැත. ගොවියාට රිදෙන්නේත් නැත. ප්‍රශ්නය අවසන් විය. හෙට සිය අස්වනු විකුණාගනු බැරිව ගොවියෝ ගෙල වැලලා ගන්නේ නැත.
විසල් මාතලේ ජල ව්‍යාපෘතිය ඔහුගේ චින්තනයකි. ග්‍රාම සේවා වසම් 90 ගණනක් ඔහු කාපට් කර තිබේ.
ඔහු මේ සියල්ල අතර දඹුල්ලේ අධ්‍යාපනය ගැනත් හිතුවේය. මෙතෙක් දඹුල්ලට ජාතික පාසලක් තිබුණේ නැත. ඔහු දඹුල්ලේ පාසල් තුනක් ජාතික පාසල් බවට පත් කිරීමට මුල්තැන ගත්තේය. ඒ සඳහා ලක්ෂ 10,000ක් රජය හරහා වෙන් කරවා ගත්තේය. ඒ දඹුල්ලේ දරුවන්ගේ හෙට දවස වෙනුවෙනි.
දඹුල්ල මහ රෝහල මිලියන 2,700ක වියදමින් අද මේ තියෙන තත්ත්වයට ගෙන ඒමේ මුල්තැන ගත්තේ ඔහුය. ඔහු දඹුල්ලේ හෙට ගැන අවුරුදු 10කට සැලැසුම් හදා තිබේ. ඒ ඔහු වෙනුවෙන් නොව දඹුල්ලේ ජනතාව වෙනුවෙනි.
ඔහු පිළිගත් වෘත්තිකයෙකි. දෙස් විදෙස් පතළ කීර්ති නාමයක් හිමි ව්‍යාපාරිකයෙකි. රටට හෙටට අවශ්‍ය කොහොම මිනිසුන්ද කියන එක තීන්දුව ඔබගේය.

SendShareShare
Previous Post

හිරේ ඉදන් ‌ගෙනා කෝටි 600ක කුඩු ‌අල්ලන්න ‌’නේවි-නාකොටික්’ ගහපු ‌ගේම් එකේ රහස් කතාව

Next Post

සති 2ට බිලියන 8ක විදෙස් ආයෝජන අරන් යයි: ‌කොටස් ‌වෙළෙදපොළත් වැටෙයි

MORE NEWS

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දෙමළ කතාකරන ජනතාව මුහුණදෙන පොදු ගැටලු සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට තීරණය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ 6ක නායකයින් සහ...

Read more
අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.