විවිධ ගස් වර්ග වගාකිරීම සඳහා ආයෝජනය කරන ලෙස යම් යම් සමාගම් සහ ආයතන විසින් කරනු ලබන යෝජනා සම්පූර්ණයෙන්ම නීති විරෝධී බව මහබැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ චනුරි ජයසිංහ මහත්මිය අවධාරණ කරයි.Sri Lanka Latest News
ඇය අවධාරණය කර සිටින්නේ මෙවැනි වගාවන්ට කිසිසේත්ම මුදල් ආයෝජනය නොකරන ලෙසත්, එවැනි ආකාරයේ මුදල එකතු කිරීම නීති විරෝධී බවත්ය.
මුදල් ව්‍යාපාර පනතේ වගන්ති අනුව මහ ජනතාවගෙන් එවැනි ආකාරයට මුදල් එකතු කිරීම සිදුකළ නොහැකි බව පෙන්වා දුන් ඇය, ඇතැම් ආයතන වල්ලාපට්ටා, කිලෝ පේර, නයි මිරිස්, වැනිලා, කොච්චි මිරිස්, කංකුං, වැනි වගාවන්ට ආයෝජන කරන ලෙස දැනුම් දෙමින් මහජනතාවගෙන් මුදල් එකතු කරන බවද සඳහන් කර සිටියාය.










