ගෝලීය අර්බුද හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයද මේ වනවිට තරමක අර්බුදකාරී තත්ත්වයකට පත්වෙමින් තිබෙන බව වෙළෙදපොල ආරංචිමාර්ග සදහන් කරයි.
ඒ අනුව රජයේ සුරැකුම්පත් හි විදෙස් හිමිකාරීත්වය 2020 මාර්තු 04 දින වන විට රු. බිලියන 83 ක් දක්වා පහත වැටී ඇත. මෙම අගය 2020 පෙබරවාරි 26 දිනය වන විට දැක්වුණේ රු. බිලියන 91.24 ක් වශයෙනි. මේ අනුව ගෙවී ගිය සතිය තුළ දී විදෙස් ආයෝජකයින් විසින් රු. බිලියන 8.23 ක සිය ආයෝජන ශ්‍රී ලංකාවෙන් ඉවත් කර ගැනීමට කටයුතු කර ඇත.
මේ අතර කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (06) මධ්‍යහ්න 12.00 වන විට ඒකක 113 ක පහළ යාමක් වාර්තා කර තිබේ. මෙය පෙර දිනයට සාපේක්ෂව 2% ක කඩා වැටීමකි. එසේම S&P SL20 දර්ශකය ද ඒ වන විට ඒකක 57.83 කින් පහළ ගොස් තිබුණි.










