• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

අකිල අවුරුදු 4ක් ‌මොකද කළේ?

August 26, 2019
in Politics
Reading Time: 12 mins read
A A
අකිල අවුරුදු 4ක් ‌මොකද කළේ?
Share on WhatsAppShare on Facebook
“සඳක් බැස ගියා අවරගිරේ ඉරක් උදාකරලා,
මටත් ලොවක් තිබුණා මට මතකයි මම ඉමි සිහි කරලා”

1982 වසරේ එක්තරා දිනයක සවස් යාමයේදී බම්බලපිටියේ ‘ඔගී’ ශබ්දාගාරයේදී ඒ අසහාය ගායකයා තම බොක්ස් ගිටාරය වයමින් මේ පදපෙළ මුමුණනවා මට තවම මතකයි.මා අසලින් වූයේ අපේ පත්තර හිතවතකු වන ප්‍රසාද් ගුණවර්ධනයි. මේ නොමියෙන සංගීත රසවතා ක්ලැන්ස් විජේවර්ධන ගැයූ ඒ පදපෙළ තවත් දිගයි, ඒක කෙදිනකවත් අපට අමතක වෙන්නෙවත් නැහැ. ඔහු එය ගයාගෙන යන විට එක තැනකදී මෙහෙම කියනවා. එතැන තමයි අපේ දෙනෙතට කඳුළු උණන පද පේළිය ගැබ්වෙලා තිබුණේ.
“තවත් වරක්… තවත් වරක් මට පාසල් යන්නට ලැබුණොත් මම යනවා” එයම තවත් ටිකක් වෙනස් කරලා ආයිත් වතාවක් කියනවා.
“තවත් වරක්… තවත් වරක් මට පාසල් යන්නට ලැබුණොත් හරිම අගේ”
අපේ පාසල් ජීවතය මේ තරම්ම සුන්දරයි. කවුද පාසල් ජීවිතය මතක් කරනවාට අකමැති, එහෙම කෙනෙක් සොයා ගන්නට අපහසු වේවි. ඒ වගේම ආයිත් වරක් පාසල් යන්නට තියෙනවා නම් එයත් නොකරන්නේ කවුද? එහෙත් කාලය ගතවේගෙන යනකොට අපි පාසල් ජීවිතයෙන් ඔබ්බට ගිය වැඩිහිටියන් වෙලා. මේ තමයි ජීවිතය, ඒත් අපි හැමදාමත් පාසල් ජීවිතයට ආදරෙයි.


දරුවකුගේ පාසල් සමය කියන්නේ බොහෝ වගකිවයුතු කතාන්දරයක්. එතැනදී පාසල් අධ්‍යාපනය යන වදන තමයි පෙරට එන්නේ. මේ පාසල් අධ්‍යාපනයට නිසි මංපෙත් කියාදෙමින් එය නිසි මඟට ගෙන යන්නට ප්‍රධාන ලෙසම වෙහෙසිය යුත්තේ පාර්ශවයන් දෙකක්. ඒ දරුවන්ගේ මවුපියන්, අනෙක් පාර්ශ්වය තමයි එම අධ්‍යාපනය හසුරුවන වගකිවයුතු රජය. රජයට ඇති වගකීම් සමුදාය අසීමිතයි. මේ ආකාරයට වත්මනේ අපේ රටේ මේ ක්‍රියාවලිය සිදුවන්නේ කෙසේද? ශ්‍රී ලංකාව නිදහස ලබා වසර 71ක් ගතවෙලා ගිහිල්ලා. දැන් නිදහස් අධ්‍යාපනයේ මංපෙත් රාශියක්ම පසුකරලා අවසානයි. ඒත් බලයේ සිටි හැම රජයක්ම එම කාරිය නිසි ලෙස ඉටුකළාද? සමහර රජයන් කළේ කටින් බතල කොළ සිටුවන එක විතරයි. ඒත් වත්මන් රජය අපේ දරුවන්ගේ මේ අධ්‍යාපනික කාරිය මහමෙරක් සේ සිතාගෙන තමයි හැම විටම වැඩ කළේ. සත්‍යය ඒකයි, පුදුමය ඒකයි.
මෙරට නිදහස් අධ්‍යාපනයේ පියා ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර ශ්‍රීමතානන් අමතක කළ හැක්කේ කාටහද? ඔහු අමරණීය මිනිහෙක්. 1931 වසරේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ප්‍රථම අධ්‍යාපන ඇමැතිවරයා වුණේ ආචාර්ය කන්නන්ගරයි. ඉන් පසුව දිවයින නිදහස ලබා ගතවූ වසර 71ක කාලයට අධ්‍යාපන ඇමැතිවරුන් 19 දෙනකු තනතුරු දරා තිබෙනවා. ආචාර්ය කන්නන්ගරයන් සමග ගත් විට ඇමැතිවරුන් 20 දෙනෙක් වෙනවා. අද වත්මන් රජයේ සිටින්නේ 20 වැනි අධ්‍යාපන ඇමැතිවරයා. ඒ තමයි අකිල විරාජ් කාරියවසම් තරුණ ඇමැතිවරයා. මම තරුණ කියලා කියනකොට කෙනෙක් කියාවි නැහැ ඔහුට අවුරුදු 46ක්නේ කියලා. සමහර වයෝවෘද්ධ කැබිනට් ඇමැතිවරුන් දෙස බලන විට ඔහු තරුණයි තමයි. ඒ නිසාම ඔහු ජවසම්පන්නයි. ශ්‍රී ලංකාවේ වත්මන් අධ්‍යාපනික ක්ෂේත්‍රයට මේ මිනිසා කළ සේවය සැබෑම ලෙස ප්‍රශංශනීයයි.
ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතාගෙන් පසුව එක්සත් ජාතික පක්ෂ රජය යටතේ 1965 වසරේ සිට 1970 දක්වා තවත් කීර්තිමත් අධ්‍යාපන ඇමැතිවරයෙක් සිටියා. ඔහු තමයි අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතා. ඔහු ඩඞ්ලි සේනානායක අගමැතිවරයාගේ රජය යටතේ සිටියේ. ඊට පසු තවත් ඇමැතිවරුන් කිහිපදෙනෙක් හිටියා. ජේ.ආර්. ජයවර්ධන මහතා ජනාධිපති සමයේදී වසර 09ක්ම අධ්‍යාපන ඇමැති ධුරය දැරුවේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතායි. ඔහු 1980 සිට 1989 දක්වාම එම තනතුර දරමින් මේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයට නොමැකෙන සේවයක් ඉටුකළා. ඊට පසු නැවැත විවිධ ඇමැතිවරුන් මේ තනතුරේ සිටියා. 2005 සිට 2015 දක්වා රාජපක්ෂ රජය සමයේදී අධ්‍යාපන ඇමැතිවරුන් දෙදෙනෙක්ම සිටියා. එක් අයෙක් සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ අනෙක් ඇමැතිවරයා බන්දුල ගුණවර්ධන මහතා. මෙම වසර 10ක කාලය ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික ක්ෂේත්‍රයට නොමැකෙන සේවයක් ඔවුන්ගෙන් ඉටුවුණාදැයි සැක සහිතයි. එහෙත් අද සියලුම දුර්භාග්‍යයන් ධූරිභූත කරමින් වත්මන් අධ්‍යාපන ඇමැතිවරයා අධ්‍යාපන ක්ෂේත්‍රයට මිල කළ නොහැකි මෙහෙවරක් කරමින් සිටියා.


අපා ප්‍රායෝගිකවම බලමු මේ ඉටුවන සේවය කුමක්ද කියලා. මේ රජය බලයට පත්වෙලා දැන් වසර 4 1/2ක් ගෙවිලා අවසානයි. අකිල විරාජ් ඇමැතිවරයා තමයි මේ කාලය තුළ අධ්‍යාපන ඇමැති ධුරය දැරුවේ. කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වන ඔහු වෘත්තියෙන් නීතිඥවරයෙක්. අධ්‍යාපන අමාත්‍ය ධුරයට අමතරව ඔහු එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයාද වනවා. ඒ අතර ජාතික සේවක සංගමයේ සභාපති ධුරය උසුලන්නේද ඔහුයි. පසුගිය රජයේ අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගෙන් පසුව තමයි ඔහු එම අසුනේ වාඩිවුණේ. තමන් එම තනතුර ලබාගත්දා සිටම ඔහුට ඕනෑ වුණේ මෙරට අධ්‍යාපනයට නොමැකෙන සේවයක් ඉටු කිරීමටයි. අද ඔහු තම අභිලාෂය ජයගෙන තිබෙනවා. වත්මන් රජය යටතේ මෙසේ අධ්‍යාපන ක්ෂේත්‍රයට ඉටුවූ මෙහෙවර මෙසේ පෙළගැස්විය හැකියි. එම සිව් වසරක ගමන්මග මෙසේය.


පාසල් අධ්‍යාපනයට නව පනතක්


යටත්විජිත සමයේ සිට පැවැති 1939 අංක 31 දරන අධ්‍යාපන ආඥා පනත වෙනුවට දැනට තිබෙන අධ්‍යාපන හා සම්බන්ධ පනත්, ළමා අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික ප්‍රඥප්ති, අධ්‍යාපනය පිළිබඳ ගෝලීය ප්‍රවණතා සහ දේශීය අවශ්‍යතා හඳුනාගනිමින් නව අධ්‍යාපන පනතක් ගෙන ඒමට පියවර ගැනීම. මේ මඟින් වත්මන් අධ්‍යාපන ක්ෂේත්‍රයට නව පියවර රැසක් ගැනීමට හැකි විය.


ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය


මේ යටතේ ඉතිහාසයේ ප්‍රථම වරට පාසල් 9000ක් එකවර සංවර්ධනය කිරීමට පියවර ගැනීම. මේ සඳහා සමස්ත මූල්‍ය ආයෝජනය රුපියල් මිලියන 65,000කි. ව්‍යාපෘති සංඛ්‍යාව 18,000කි. 98%ක පාසල් ප්‍රමාණයක් සඳහා විදුලිය ලබාදීම. පාසල්වල සනීපාරක්ෂක පද්ධති 3094ක් සහ වැසිකිළි ඒකක 40,000ක් ගොඩනැඟීම. නව පාසල් ගොඩනැඟිලි 1500ක් සහ ගොඩනැඟිලි අලුත්වැඩියා කිරීම් 5000ක් සිදු කෙරෙයි. නව ප්‍රාථමික ඉගෙනුම් මධ්‍යස්ථාන 294ක් ඉදිකිරීම. මීට අමතරව නව පරිගණකාගාර, සුහුරු පන්ති කාමර, ද්විතීයික තාක්ෂණින විද්‍යාගාර, ගුරු නිවාස, විදුහල්පති නිවාස මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරෙයි. ජන ඝනත්වය වැඩි දිස්ත්‍රික්ක කේන්ද්‍රකර ගනිමින් සියලු පහසුකම් සපිරි පාසල් ව්‍යුහයක් ඇති කිරීම යටතේ පළමුවෙන් කුරුණෑගල විශ්වෝදා පාසල ආරම්භ කරන ලදී.


13 වසරක සහතික කළ අධ්‍යාපනය


සිසුන්ට තෝරාගත හැකි ලෙස නව ලොවට ගැළපෙන වෘත්තීය විෂයන් 26ක් ඇතුළත් උසස් පෙළ වෘත්තීය විෂය ධාරා හඳුන්වා දීම. මේ යටතේ සාමාන්‍ය පෙළ සමත් අසමත්භාවය නොසලකා 13 වසරක අධ්‍යාපනයක් ලැබීමට සිසුන්ට අවස්ථාව හිමිවීම. වෘත්තීය විෂයන් හදාරන සියලු සිසුන්ට ආයතනික පුහුණු කාලය තුළ දිනකට රුපියල් 500 බැගින් වන දීමනාවක් ලබාදීම. රැකියා පුහුණු කාලසීමාව අවසානයේදී භඪූ ඛැඩැක 4 මට්ටමේ ප්‍රවීණතා සහතිකය සමග විභාග දෙපාර්තමේන්තුවෙන් වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ උසස් සහතිකය පිරිනැමීම.


අධ්‍යාපන පද්ධතිය ඩිජිටල්කරණය කිරීම


ප්‍රථම වතාවට ලෝකයේ කොතැනක සිටියත් සිසුන්ගේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සහතික ‘ඩිජිටල් ඔන්ලයින්’ ක්‍රමයට ලබාගැනීම. අධ්‍යාපන පද්ධතියේ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ හා ක්‍රියාකාරී ගුරු ගැටලු ආදියට කඩිනමින් විසඳුම් ලබාගැනීමට හැකි අයුරින් මෙරට සියලු ගුරුවරුන්ගේ සහ සිසුන්ගේ තොරතුරු ඔන්ලයින් ක්‍රමයට ලබාදීම. ශිෂ්‍යත්ව ආධාර මුදල්ද එම ක්‍රමයට ලබාදීම.


කළණ මිතුරු පොත් සුමිතුරු ව්‍යාපෘතිය


පාසල් සිසු දරුවන් අතර පොත් කියැවීමේ පුරුද්ද ඇති කිරීම සඳහා ආරම්භ කර ඇති මෙම වැඩසටහන යටතේ වැඩිම පොත් කියවෑ දරුවන්ට පදක්කම් සහ විශිෂ්ටයන් 100කට විදෙස් අධ්‍යාපන සංචාරයන් පිරිනැමීඹ. පාසල් පුස්තකාල පොත් මිලදී ගැනීමට රුපියල් මිලියන 700ක් ලබාදීම. ගුණාත්මක පොත්පත් හඳුනා ගැනීම සඳහා මඟපෙන්වන ජාතික ග්‍රන්ථ නාමාවලියක් සකස් කිරීමද මෙම ව්‍යාපෘතියට අයත් වැඩපිළිවෙළක් වෙයි.


ගෝලීය අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස විෂය මාලා සංවර්ධනය කිරීම


21 වැනි සියවසේ ගෝලීය අභියෝගවලට සාර්ථකව මුහුණදිය හැකි පුරවැසියෙක් බිහිකිරීම සඳහා ගැළපෙන පරිදි පාසල් විෂය මාලාව නවීකරණයටත්, සංවර්ධනයටත් පියවර ගැනීම. විසිඑක්වැනි සියවසේ ගුරු භූමිකාවට උචිත පරිදි ගුරු අධ්‍යාපන විෂය මාලා සංශෝධනය හා යාවත්කාලීන කිරීම. විද්‍යා, තාක්ෂණ, ඉන්ජිනේරු සහ ගණිත විෂය නිපුණතාවයන්ට නැඹුරු වන අධ්‍යාපනික ක්‍රම රටාවන් ඇති කිරීම.


යටිතල පහසුකම් සහ අනෙකුත් පහසුකම් නඟාසිටුවීම


විද්‍යාගාර පහසුකම් නැති පාසල් 3000ක් සඳහා රුපියල් මිලියන 450ක් වටිනා ජංගම විද්‍යා කට්ටල ලබාදීම. ගුරු අධ්‍යාපන විද්‍යාපීඨවල නේවාසිකාගාර දේශන ශාලා සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම. අංගසම්පූර්ණ ගුරු පුහුණු මධ්‍යස්ථාන 39ක් කලාප මට්ටමින් ඇති කිරීම. වතු පාසල් නඟාසිටුවීම යටතේ පාසල් 25ක් ද්වීතියික පාසල් බවට පත්කිරීමේදී අවශ්‍ය නව ඉදිකිරීම් වෙනුවෙන් රුපියල් මිලියන 102ක්ද, පුනරුත්ථාපන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 35ක්ද, භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට රුපියල් මිලියන 112ක්ද, ‘ඉ-තක්සලාව’ තේමාව යටතේ ඉගෙනුම් අන්තර්ගත කළමනාකරණ පද්ධතියක් බිහිකිරීමේ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 4714ක් ලබාදීම.


සුරක්ෂා සිසු රක්ෂණාවරණය


නිදහස් අධ්‍යාපනයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන සුරක්ෂා සිසු රක්ෂනාවරණය මගින් අවුරුදු 5-21 වයස් සීමාවේ සිටින මිලියන 45ක් වූ සියලුම රජයේ පාසල්, පෞද්ගලික පාසල්, පිරිවෙන් හා ජාත්‍යන්තර පාසල්වල සිසුන් සඳහා ප්‍රතිලාභ හිමිවේ. ඒ අනුව 2018-12-01 සිට 2019-08-08 දින වන විට සුරක්ෂා රක්ෂනය යටතේ ඉල්ලීම් 19,000කට පමණ රුපියල් මිලියන 980ක පමණ ප්‍රතිලාභ ගෙවා ඇත.


පාසල් සිසුන්ට නොමිලේ ටැබ් පරිගණක


පාසල් සිසුන් සහ ගුරුවරුන් සඳහා ටැබ් පරිගණක ලබාදීමට පියවර ගැනීම. පළමු අදියර යටතේ මෙම සැප්තැම්බර් මාසයේදී සියලු ජාතික පාසල්වල උසස් පෙළ සිසුන්ට සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක 97,000ක් ලබාදෙයි. දෙවැනි අදියරේදී සියලුම පාසල්වල උසස් පෙළ සිසුන්ට සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබාදීමට කටයුතු යෙදා ඇත.


‘සුබග’ ශිෂ්‍යත්ව වැඩසටහන


නව නිපැයුම්, සෞන්දර්ය ක්‍රියාකාරකම් සහ ක්‍රීඩා ක්ෂේත්‍රවල විශේෂ දක්ෂතා දක්වන ‘සුබග’ සිසුන් 1000ක් වසරක් පාසා තෝරා ගනිමින් ඔවුන් සඳහා රුපියල් 50,000 බැගින් ශිෂ්‍යත්ව ලබාදීම සිදුකෙරෙයි.


පාසල් ක්‍රීඩා පුහුණුකරුවන් 3888ක්


ඉතිහාසයේ පළමු වරට පාසල් ක්‍රීඩා පුහුණුකරුවන් 3888ක් බඳවා ගැනීම සිදුකළ අතර, මෙම පුහුණුකරුවන් තෝරාගනු ලැබුවේ ක්‍රීඩා ක්ෂේත්‍රයන්හි ජාත්‍යන්තර, ජාතික හා පළාත් මට්ටමින් දක්ෂතා දැක්වූ ක්‍රීඩක, ක්‍රීඩිකාවන් අතරින් වීම විශේෂත්වයකි. ඒ අනුව මේ වන විට එම පුහුණුකරුවන් සියල්ලටම පත්වීම් ලබාදී ඇත.


මානව සම්පත් සංවර්ධනය


ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ ගුරු අධ්‍යාපනඥ අධ්‍යාපන පරිපාලන නිලධාරීන්ගේ විදෙස් පුහුණු අවස්ථා සඳහා වැය කරන ලද වියදම රුපියල් මිලියන 269කි. සිංගප්පූරුව, ඕස්ටේ්‍රලියාව, ජපානය, කොරියාව, පිලිපීනය, ඉන්දියාව, මහා බි්‍රතාන්‍ය, රුසියාව, තායිලන්තය, මැලේසියාව සහ චීනය රටවල මෙම සංචාර සංවිධානය කරන ලදී. ගුරුවරුන් 653ක්, විදුහල්පතිවරුන් 719ක්, ගුරු අධ්‍යපානඥයන් 1023ක් සහ අධ්‍යාපන පරිපාලකයන් 418ක් මෙම සංචාරයන් සඳහා මේ වන විට සහභාගිවී ඇත.


පිරිවෙන් අධ්‍යාපනය නංවාලීම


මේ යටතේ පරිවෙණාචාර්ය පත්වීම් 600ක් අලුතින් ලබාදී ඇත. පිරිවෙන් පුස්තකාල පොත් සහ කාර්යාල උපකරණ සඳහා රුපියල් මිලියන 10ක්, පරිවේණාධිපති කාර්යාල සෑදීම සද‘හා රුපියල් මිලියන 70ක්, රුපියල් 2,60,000 බැගින් පිරිවෙන් 485ක් සඳහා යටිතල පහසුකම් සංවර්ධනයට රුපියල් මිලියන 200ක්, පිරිවෙන් 100ක් සඳහා සනීපාරක්ෂක පහසුකම් සඳහා රුපියල් ලක්ෂ 09ක් සහ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාගේ ඉගෙනුම් කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 150ක්ද ලබාදීමට පියවර ගෙන ඇත. මේ අතර බෞද්ධ දසසීල මාතා අධ්‍යාපන ආයතන නීතිගත කිරීම සහ එම ආයතනවල සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීම.


බඳවාගැනීම් සහ දීමනා ලබාදීම


ගුරුවරුන් 20,110, විදුහල්පතිවරුන් 5819, ගුරු අධ්‍යාපනඥයන් 353, අධ්‍යාපන පරිපාලන නිලධාරීන් 722, විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් 4286, ගුරු උපදේශකයන් 4471ක් විදුහල්පතිවරුන් සඳහා පැවැති දීමනාව රුපියල් 750 සිට රුපියල් 6500 දක්වා වැඩි කරන ලදී. විද්‍යාපීඨ ශික්ෂණලාභීන්ගේ දීමනාව රුපියල් 3500 සිට රුපියල් 5000 දක්වා වැඩි කිරීම සහ වතු පාසල් හා ධර්මාචාර්ය ගුරු සහායක දීමනාව රුපියල් 6000 සිට රුපියල් 10,000 දක්වා වැඩි කරන ලදී.
ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග
ගුරුමාරු ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම
එකම පාසලක සේවා කාලය වසර 10කට වැඩි සියලු ගුරුවරුන් ස්ථාන මාරු ලබාදීම.
ජාතික අධ්‍යාපන ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව, අධ්‍යාපනවේදී උපාධිය තෙක් ඉහළ නැංවීම.
නිල ඇඳුම් රෙදි වෙනුවට පාසල් දරුවන් සඳහා නිල ඇඳුම් වවුචරපත් ලබාදීම.
පළමුවැනි ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමට පැවැති ක්‍රමවේදය සාධාරණ සහ යුක්ති සහගත ලෙස සංශෝධනය කිරීම.

වෙනත් රජයන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ‘නැහැ’, ‘බැහැ’ යැයි කියූ බොහෝ කටයුතු මෙම වත්මන් රජය පසුගිය වසර හතරහමාරක කාලය තුළදී මහත් විශිෂ්ට සේ ඉටුකර ඇත. ඒ වත්මන් අධ්‍යාපන ඇමැති අකිල විරාජ කාරියවසම් මහතාගේ අප්‍රතිහත ධෛර්ය නිසාය. ඔහු සැබැවින්ම මෙරට අධ්‍යාපනට ආදරය කළ මිනිසෙකි. ඔහු නිසා නැවැත වරක් පාසල් යන්නට සිතෙන්නේය.

SendShareShare
Previous Post

මුත්තුමාරිඅම්මාන් මෑණියො ඉදිරියේ ඩිලාන් නාගත්තේ කවුරු රජකරවන්නද?

Next Post

50%ක් ගන්න බැරිවුණොත් ‌මොකද ‌වෙන්නේ?

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.