• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

මුත්තුමාරිඅම්මාන් මෑණියො ඉදිරියේ ඩිලාන් නාගත්තේ කවුරු රජකරවන්නද?

August 26, 2019
in Politics
Reading Time: 2 mins read
A A
මුත්තුමාරිඅම්මාන් මෑණියො ඉදිරියේ ඩිලාන් නාගත්තේ කවුරු රජකරවන්නද?
Share on WhatsAppShare on Facebook

අපේ දේශපාලනඥයො නානවා දැකල තියෙනවද කියලා ඇහුවොත් ගොඩ දෙනෙක් කියන්නේ ඔව් කියලා තමයි. අපේ දේශපාලනඥයො වැඩි දෙනෙක් ප්‍රසිද්ධියේ නානවා කියලා තමයි ජනතාව දන්නේ. ඒ විදියට නිතරම නාන දේශපාලනඥයො ගැනත් ජනතාව තුළ ලොකු අවබෝධයකුත් තියෙනවා. ඒත් එතුමන්ලා එහෙම නෑවට අන්තිමට ඇත්තටම නාගන්නේ එතුමන්ලද, නැත්නම් අපිමද කියලත් ප්‍රශ්නයක් තියෙනවා. මේ කතා කරන්නේ ඒ විදියේ නෑමක් ගැන නෙවෙයි. මේක ඇත්තම ඇත්ත නෑමක්. හැබැයි හැමදාම නානවට වැඩිය වෙනස් නෑමක්. හරියටම කිව්වොත් ඒක නෑමක් නෙවෙයි නෑවීමක්.
හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මන්ත්‍රීතුමා, එස්. බී. දිසානායක මන්ත්‍රීතුමා එක්ක එකතු වෙලා තමන්ගෙම පක්ෂයේ ප්‍රධානීන්ව විවේචනය කරන හැටි තමයි අපි පහුගිය ටිකේම දැක්කේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහත්තයා වගේම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහත්තයත් ඒ විවේචනවල ප්‍රධාන ඉලක්ක වෙලා තිබුණා. ඩිලාන් පෙරේරා සහ එස්. බී. දිසානායක මහත්වරුන්ගේ විවේචනවලට හොඳට ප්‍රතිඋත්තර ලැබෙන හැටිත් අපි දැක්කා. එකම පක්ෂයේ උදවිය ඒ විදියට එකිනෙකාට විවේචන එල්ල කරගන්න එකත්, නාගැනීමක් කියල තමයි ජනතාව කියන්නේ.
දේශපාලන පොරපිටියේ නෑම සහ නෑවීම ගැන විවිධ කතාබහ තියෙන අතරතුරේ ඩිලාන් පෙරේරා මන්ත්‍රීතුමා අමුතු විදියේ නෑමක් නාන ආකාරයේ දර්ශන පෙළක් පසුගිය දවසක සමාජ මාධ්‍ය ඔස්සෙ ප්‍රචාරය වුණා. මන්ත්‍රීතුමා වාඩිවෙලා ඉන්නවා. පිරිසක් එතුමාව නාවනවා. ඒ දර්ශන පෙළේ දැක්වුණේ එහෙමයි. බැලූ බැල්මටම ඒක ටිකක් අමුතු නෑමක්. කොහොමත් මන්ත්‍රීවරයෙක් මේ විදියට නාන එක ටිකක් අලුත් දෙයක්. ඒ හින්දා ඩිලාන් පෙරේරා මැතිතුමාගේ මේ නෑම මොකක්ද කියලා දැනගන්න අපි එතුමාටම කතා කළා.

ඩිලාන් ‌‌කෝවිලේදී නාවන ආකාරය


එතුමා කියන විදියට හල්දුම්මුල්ල ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිලේ නවග්‍රහ පූජාවකට සහභාගි වෙලා ඉන්න වෙලාවක දර්ශනයක් තමයි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙලා තියෙන්නේ. හින්දු ආගමික චාරිත්‍ර අනුව නවග්‍රහ පූජාවකදී ඒ ආකාරයෙන් නාවන එක සාමාන්‍ය දෙයක්. ජීවිතයේ විශේෂ අවස්ථාවන් සඳහා ආශීර්වාද ලබා ගැනීමේ අරමුණෙන් හින්දු භක්තිකයන් මේ විදියේ නවග්‍රහ පූජාවන්ට සහභාගි වෙනවා. ඩිලාන් පෙරේරා මැතිතුමත් මීට පෙර මේ වගේ නවග්‍රහ පූජාවන්ට සහභාගි වෙලා තියෙනවා. ඒ වගේම ඉතා සුවිශේෂ අරමුණක් වෙනුවෙන් තමයි එතුමා මේ සැරෙත් මේ නවග්‍රහ පූජාවට සහභාගි වෙලා තියෙන්නේ.
“අපේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ආශීර්වාද කරලා ජනාධිපතිවරණයෙන් එතුමා ජයග්‍රහණය කරවන ලෙස බාරයක් වෙන්න තමයි මම මේ නවග්‍රහ පූජාවට සහභාගි වුණේ. නිතරම නොවුණත් මම මේ වගේ නවග්‍රහ පූජාවන් රැසකට සහභාගි වෙලා තියෙනවා. තම තමන් කැමැති ආගමික විශ්වාසයන් අනුව කටයුතු කරන්න කාටවත් තහනමක් නැහැනේ. ඒ හින්දා මගේ විශ්වාසය අනුව මම කටයුතු කළා.” එහෙම තමයි ඩිලාන් පෙරේරා මැතිතුමා තමන්ගේ බාරේ ගැන අපි එක්ක කිව්වේ.
ජාති ආගම් භේදයකින් තොරව ආශීර්වාද පතා දහස් සංඛ්‍යාත බැතිමතුන් සහභාගි වන ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල් කිහිපයක්ම ලංකාවේ තියෙනවා. මාතලේ නගර මධ්‍යයේ පිහිටි ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල ඒ අතරින් ප්‍රධාන කෝවිලක්. ඊට අමතරව හැටන්, ත්‍රිකුණාමලය, නුවරඑළිය ඇතුළු ලංකාවේ බොහෝ ප්‍රදේශවල මුත්තුමාරි අම්මාන් කෝවිල් ඉදිවෙලා තියෙනවා. තම ස්වාමියා වෙනුවෙන් පතිවත ආරක්ෂා කර ගනිමින් එය බලයක් බවට පත් කරගත් කන්නගී නම් කුමරිය හින්දු භක්තිකයන් අතර ශ්‍රී මුත්තුමාරි අම්මාන් නමින් වන්දනාවට පාත්‍ර වූ බව තමයි ඉතිහාස වාර්තාවල දැක්වෙන්නේ. ඇය පත්තිනි දේවතාවිය නමින් සිංහල ජනතාවගේද වන්දනාවට පාත්‍රවී තිබෙනවා. කොහොම වුණත් ශ්‍රී ලංකාවේ උතුරුකරයේ හින්දු භක්තිකයන්ට වඩා වතුකරයේ හින්දු භක්තිකයන් මුත්තුමාරි අම්මාන් දේවතාවිය වන්දනා කිරීමේ වැඩි නැඹුරුවක් තියෙන බව තමයි මේ ගැන තොරතුරු හොයද්දී තේරුම් ගියේ.
ඩිලාන් පෙරේරා මහත්තයා නවග්‍රහ පූජාවට සහභාගි වුණු හල්දුම්මුල්ල ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිලත් වතුකරයේ හින්දු භක්තිකයන් අතර ඉතාම ගෞරවාදරයට සහ වන්දනාවට පාත්‍ර වූ තැනක්. ඒ තරම්ම ලොකු ඉතිහාසයක් නැතත්, මේ කෝවිලේ වාර්ෂික මංගල්‍ය සඳහා ඉන්දියාවෙන් පවා බැතිමතුන් සහභාගි වෙනවා. ඒත් මේ හල්දුම්මුල්ල මුත්තුමාරි කෝවිල දේශපාලනඥයන් අතර නම් එච්චර ජනප්‍රිය තැනක් නෙවෙයි. ඒ වගේම හල්දුම්මුල්ල කෝවිලේදී මේ වගේ පූජාවකට සහභාගි වුණු පළමු සහ එකම දේශපාලනඥයා වෙන්නෙත් ඩිලාන් පෙරේරා මැතිතුමා කියලයි ආරංචි. වෙන දේශපාලනඥයෝ යන්නේ නැති කෝවිලකට ගිහින් අමුතු විදියේ නෑමක් නාලා නවග්‍රහ පූජාවකට සහභාගිවෙලා ඩිලාන් පෙරේරා මහත්තයා ශ්‍රී මුත්තුමාරි අම්මාන් දේවතාවිය ඉදිරියේ වුණු භාරයේ ප්‍රතිඵලය මොන වගේද කියලා නම් අපිට දැනගන්න වෙන්නේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ආවට පස්සේ තමයි.

SendShareShare
Previous Post

අදත් හරි වැස්ස

Next Post

අකිල අවුරුදු 4ක් ‌මොකද කළේ?

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.